IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

 

(දයාසිලී ලියනගේ)

හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.  මේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා සාත්තු සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මෙම ප්‍රශ්න තුනට වහාම විසඳුම් අවශ්‍ය බවද උන්වහන්සේ කීහ.



අදහස් (26)

හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

Nuwan Tuesday, 27 October 2020 10:46 AM

ඕක තමයි අපේ හැමදුරුවනේ ලංකාවට මෙහෙම වුනේ. මෙච්චර කොවිඩ් වලින් දුක් විඳින වෙලාවේ ඔහොම තමයි කියන්න ඕන.

:       3       1

මුණසිංහ Tuesday, 27 October 2020 10:49 AM

සංගමයේ බලය රැක ගන්න යෙදෙන උත්සාහයක තරම!

:       3       1

Prase Tuesday, 27 October 2020 11:21 AM

මෙහෙම අය ඉද්දි කොහොමද රටක් ගොඩ ගන්නේ

:       3       2

Prase Tuesday, 27 October 2020 11:25 AM

ඉල්ලන දේවල් ඔක්කොම දීලා, පඩිය නවත්තන්න... රජය පඩිය දෙන්නේ ඇයි කියලා අමතකද අංකල්... ?

:       60       34

තුසිතTuesday, 27 October 2020 11:52 AM

ඔබ වගේ අය ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්ටර්නෙට් යද්දි ඒ මිනිස්සු කොරෝනා අවදානම අරගෙන වැඩකරනවා. ලෙඩ්ඩු එක්ක. පඩියක් දුන්නොත් ඔබතුමාට පුලුවන්ද ඒක කරන්න? ලොක්ඩවුන් වෙලා තියෙද්දි ප්‍රවාහන සේවා නැවතිලා. කෑමක් ගන්න කඩයක් නෑ. නේවාසිකාගාර වල පහසුකම් නෑ. ඔවුන්ට සවාරි යන්න පහසුකම් නෙමෙයි ඉල්ලන්නේ. නියමිත වෙලාවට වැඩට යන්න ප්‍රවාහන පහසුකමක්. එක දිගට පැය විසිහතර හතලිස් අට කරන තත්වයක් රෝහල් වල... තියෙන්නෙ .නොදන්න දේවල් ගැන කියල ඒ අයට අපහාස කරන්න එපා.පිළිකුල් ඔබ වගේ මිනිස්සු ගැන.

:       3       56

BamunuarachchiWednesday, 28 October 2020 05:19 AM

කරන වැඩට පඩි ගෙවනවා. නමුත් හදිස්සියේ වැඩ වැඩි වුණාම පඩි වැඩිකරන සිරිතක් නැහැ. අනික මේ වහන්සේ කියන විදිහට පැය 48 දෙන්න නම් පන්සලම තමයි හොද. හාමුදුරුවනේ 20 අනුමත වෙලා තිබෙන්නේ. වලලපු තැනක තණකොළ ගහක්වත් පලවෙන්න දෙන එකක් නැහැ...

:       12       2

තුසිත්Wednesday, 28 October 2020 07:04 AM

වහල්කම වැඩි උනාම සිංහලෙන් තියෙන දේ කියවගන්නත් බැරි තරම් නේද බමුණුආරච්චි මහත්මයා .මෙතන පඩි වැඩි කිරීමක් ගැන නෙමෙයි තියෙන්නෙ. සාඨකේ එල්ලුනාට කමක් නෑ .ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න.

:       2       9

BamunuarachchiThursday, 29 October 2020 02:36 AM

දැන් වැඩි පඩි ඉල්ලුවොත් හම්බවෙන්නේ ගුටි. තවත් රාජ්‍ය සේවකයෝ මේ අවදානම් අවස්ථාවේ ඉල්ලීම් ඉල්ලන්නේ නැතිව රටට වැඩ කරනවා.

:       2       1

KumaraTuesday, 27 October 2020 12:57 PM

පඩිය දීමනා ගැන නොවේ ප්‍රශ්නය වැඩට එන්න ක්‍රමයක් නැති එක.

:       1       5

BamunuarachchiSaturday, 31 October 2020 03:38 PM

ඉස්පිරිතාල ලඟින්ම ගෙවල් හදලා දෙන්න කියන්නේ? මේ ගොල්ලෝ විතරද රාජකාරී වලට එන්නේ...?

:       0       0

Shanaka Tuesday, 27 October 2020 11:30 AM

ගවුමක් අන්දන්න තරම් වටිනවා..

:       35       32

Prabha Tuesday, 27 October 2020 11:33 AM

අනේ හාමුදුරුවනේ මහින්ද මහත්තයා කාලෙකින් පන්සල පැත්තේ ආවෙ නැතෙයි.

:       8       69

Buddika Tuesday, 27 October 2020 11:47 AM

ආයිත් මගුලක් කියනවා මෙ කොවිඩ් 19 අස්සේ...

:       6       9

chandima Tuesday, 27 October 2020 11:49 AM

සිවුරු දාලා හිස මුඩුකරගත්තු පමණින් යමකු මහණෙකු නොවන වග දැන්වත් නොපෙනේද?

:       8       15

කනිෂ්ක Tuesday, 27 October 2020 11:58 AM

අප රටට සදාචාරාත්මක නොවු වෘත්තීය ක්‍රියා මාර්ග සෞඛ්‍ය ක්ෂේත්‍රයට හදුන්වා දුන් වෘත්තිය සමිතියක්.

:       1       3

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 October 2020 12:37 PM

ෆ්ලොරන්ස් නයිටින්ගෙල් නම් ඒ උදාර කාන්තා රත්නය මහත් කැපවීමෙන් කටයුතු කොට ලොවට දායාද කළ හෙද සේවය මේ රටේ ඇතැම් මිනිසුන් කෙළෙසන හැටි දුටුවාම නර්ස් නෝනලාට දුක හිතෙන්නේ නැද්ද ...?

:       2       4

samira Tuesday, 27 October 2020 01:04 PM

මෙතන සමහරු කමෙන්ට් දමන්නේ හරියට අමනුස්සයෝ වගේ ඒ මිනිස්සු මේ වෙලාවේ කරන කැපවීම අමතක කරන්න එපා.

:       2       4

රෑස්පෙක්ට් සෑර්..! Tuesday, 27 October 2020 01:34 PM

නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට... දැන් ඉතින් 20 එලියට ගමු.

:       1       1

Rata Perata Tuesday, 27 October 2020 02:59 PM

දැන් සැපද.?

:       1       1

BamunuarachchiThursday, 29 October 2020 08:11 AM

ටැලිෆෝන් කරලම අහන්න ලොක්කාගෙන් දැන් සැපද කියලා.

:       2       1

Prasad Tuesday, 27 October 2020 03:44 PM

මෙ රට මෙ වගේ අවාසනාවන්ත තත්වයකට පත්කළේ ඔබවහන්සේලාම තමයි. මොන්ටිසෝරියක් පාලනයටවත් හොද නැති කෙනෙක් පත්කරගන්න කියලා කියලා..

:       5       30

Bamunuarachchi Wednesday, 28 October 2020 05:24 AM

මෙයාට තිබෙන්නේ 20 අනුමැත වෙච්ච එකේ තරහ. වර්ජන කලොත් ස්ටාලින් කළා වගේ දොඹකරය ස්ට්‍රයික් කරන තැනට ගෙනල්ල එකෙක් එල්ලන්න... එතකොට ඔක්කොම වැඩට යාවි....

:       9       0

Nimal ... Wednesday, 28 October 2020 07:45 AM

කඩේ ගිය අයම අමාරුවේ වැටිලා.

:       1       6

Perera Wednesday, 28 October 2020 08:02 AM

තැටිය රත්වෙලා තියෙනකොට තමා රොටිය පුච්චන්න පුළුවන්.

:       1       0

BamunuarachchiThursday, 29 October 2020 08:12 AM

මේ හදන්නේ ආප්පයක් පුච්චාගන්න.

:       1       1

Bamunuarachchi Thursday, 29 October 2020 07:56 AM

කඩේ ගිය අයම අමාරුවේ වැටිලලු....

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 12 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 754 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1383 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1597 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 867 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 811 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site