IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිසුවියකගේ මුහුණු පොතේ ජායාරූප නිරුවත් ලෙසට සංස්කරණය කරලා

(කාංචන කුමාර ආරියදාස)

උසස් අධ්‍යාපනය ලබන සිසුවියකගේ ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට  යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන  පාසලේ ගුරුවරුන්ට වට්ස්අප් මාර්ගයෙන් යැවූ බව කියන තරුණයකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු බව දඹුල්ල පොලිසිය කියයි.

මීට දින කිහිපයකට ඉහත දී දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20 ක දඹුල්ල ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරණ සිසුවියක පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එහි සඳහන්ව ඇත්තේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිය මිතුරියක තරුණයකු සමඟ සබඳකමක් පවත්වා ඇති බවත් පසුව එම  තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමත් සමගඇය ඔහුගේ දුරකථන අංකය  විසන්දි කර දමා තිබුණු බවත් ඇය සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

පසුව පැමිණිලිකාර සිසුවියට අදාල තරුණයා ඇමතුම් කිහිපයක් ලබාගෙන අවස්ථා කිහිපයකදීම  තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට සම්බන්ධ කොට මූණුපොතට දමන බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප වලට බද්ධකොට ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට  වට්සැප් මාර්ගයෙන් එවා ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කොට තිබිණි.

 සැකකාර තරුණයාද පොලීසියට ගෙන්වා ප්‍රශ්න කර තිබේ. වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලීසිය මෙහෙයවයි.



අදහස් (7)

සිසුවියකගේ මුහුණු පොතේ ජායාරූප නිරුවත් ලෙසට සංස්කරණය කරලා

Raveendra Thursday, 26 November 2020 09:23 AM

අප අදාළ ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ තිරිසනාගේ පැටිකිරිය, ඡායාරූප සමගම සියලු මාධ්‍යවල මහජනතාවට දැනගැනුමට පල කරන ලෙසයි. මෙම සිදුවීම් ඉතාමත්ම බරපතල සමාජ ව්‍යවසනයක් බැවින් මෙම වනචරයින්ට උපරිම දඬුවම් ප්‍රසිද්ධියේම ලබා දිය යුතුයි. තමන්ට අදාළ නැති අනුන්ගේ ඡායාරූප පලකිරීමට... ප්‍රසිද්ධ කිරීමට මොහුට හැකිනම් ඇයි මේ වනචරයාගේ සත්‍ය ඡායරූප මාධ්‍ය මගින් මහජනතාවට දැනගැනුමට ප්‍රසිද්ධ කළ හැකි නොවේද...?

:       3       54

asanka Thursday, 26 November 2020 10:45 AM

අද ඕනෙම විද්‍යුත් මාධ්‍යයක් භාවිතා කරමින් සිදුකරන මෙවැනි අපරාධ පිළිබඳව පොලිසිය ඉදිරියෙන් සිටින බව, අනාගතයේදී මෙවැනි දේ සිදු කරන්නට බලාපොරොත්තු වන උදවිය හොඳින් සිහි තබාගත යුතු කරුණකි.

:       3       24

ajithThursday, 26 November 2020 08:10 PM

මේ අදහසට අන්ලයික් කර ඇත්තේ අදාළ තැනත්තා විය යුතුයි.

:       1       0

Siri Thursday, 26 November 2020 02:26 PM

මටත් කරදරයක් වෙලා CERT එකට පැමිණිලි කලා. Facebook එකට පැමිණිලි කරන විදිහ දැනුවත් කර ලින්ක් එකක් එවා තිබුණා. ඒක හැමෝටම යවන ඊ මේල් එකක්...

:       2       10

samanThursday, 26 November 2020 03:28 PM

ශ්‍රී ලංකන් පොලිස් සයිබර්ක්‍රයිම් ඒකකයට පැමිණිලි කරන්න.

:       2       8

Kamal KoyralaFriday, 27 November 2020 08:39 AM

ඉරාජ්ට කියන්න දැන් සමාජ මාධ්‍ය සහ සියලු මාධ්‍ය පාලනයට එයා තමයි ලොක්කා..

:       0       0

Dammika Pereera Friday, 27 November 2020 07:12 AM

BMICH එකේ තියෙනවා මේ සියලු තොරතුරු වාර්තා කරන එකක්... ඉක්මණින්ම මේවාට විසඳුම් ගන්න පුළුවන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 110 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 76 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 175 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 499 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 393 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 296 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site