IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හකීම්ට - රිෂාඩ්ට එරෙහිවෙති

(නිමල කොඩිතුවක්කු)

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දුවක් ගෙන තිබියදීත් එම තීන්දුව නොසලකා කටයුතු කළ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම පක්ෂ වලින් ඉවත් කරන ලෙසට සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් එම පක්ෂ නායකයන්ගෙන්  ඉල්ලීමක් කරයි.

විස්සට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට එම පක්ෂ නායකයන් කටයුතු  නොකරන්නේ නම් සමගි ජනබලවේගයෙන් ඔවුන් නෙරපා හැරීම සඳහා තීන්දුවක් ගන්නා ලෙසට සමගි  ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරති.

සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් සහිතව  එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත අද(23) දිනයේ ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබීය.
 
සමගි ජන බලවේගය විනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ව්‍යාපාරයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව ගෙන ආ විසිවන සංශෝධනය ට පක්ෂ වූ පිරිස් තවදුරටත් රදවා ගන්නේ නම් එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට සිදුවන බවද මන්ත්‍රීවරුන් එම ලිපිය මගින් සදහන් කරති.

ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දු කල බවත් එම තීන්දුවට එරෙහි වන ඕනෑම පුද්ගලයෙක් තරාතිරම නොබලා පක්ෂයෙන් නෙරපන බවට  සමගි ජන බලවේගය මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පොරොන්දු වූ බැවින් ඒ අනුව කටයුතු කරන ලෙසත් එම මන්ත්‍රීවරුන් පිරිස ඉල්ලා සිටිති. 

 



අදහස් (7)

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හකීම්ට - රිෂාඩ්ට එරෙහිවෙති

Nimal Friday, 23 October 2020 01:40 PM

සජිත් නායකයකු නොවේ. ඔහුගේ පක්ෂයේ කණ්ඩායම් ඔහුට අවනත කර ගැනීමට නොහැකිනම් ඔහු නායකත්වයෙන් ඉවත්ව හකීම්ට නායකත්වය දිය යුතුවේ.

:       0       0

Ashan Friday, 23 October 2020 02:15 PM

හොද තීරනයක්. සල්ලිවලට විකිනෙන අය පන්නන්නම ඕන

:       3       4

Bandara Saturday, 24 October 2020 01:14 AM

පුදුම විනයක් තමයි සමගි බලවේගයට තියෙන්නේ. අපි හොඳට දන්නවා.

:       10       6

මුණසිංහ Saturday, 24 October 2020 02:45 AM

ඕකේ නායකයා ඊට කලින් හැදෙන්න ඕන. නායකයකුට ගැලපෙන විදියට නොවෙයි පුතාණෝ හැසිරෙන්නේ. ඇදගෙන නාගන්න එකේ සීමාවක් නැහැ.

:       7       12

Rata Perata Saturday, 24 October 2020 07:27 AM

මෙයාලගේ මේ නරි කපටි සෙල්ලම අපි නිදහස ලබන්න ඉස්සරවෙලා ඉඳලම දැකලා තියෙනවානේ... මේ කපටියන් අපේ රටේ වැදගත් දේශපාලන තීරණ ගන්න පාවිච්චි කරන දේශපාලුවන්ටයි ගහලා එළවන්න ඕනේ..

:       0       0

Bamunuarachchi Sunday, 25 October 2020 07:02 AM

මොවුන් වැනි නායකයින් පසුපස යනවාට වඩා ගෝඨාභයගේ සෙවනැල්ල පසුපස යාම හොඳයි කියලා සිතන්න ඇති.

:       2       0

Bamunuarachchi Tuesday, 27 October 2020 02:14 PM

20 සම්මතයි අපිට දැන් ඔයාලගේ මිනිසුන්ගෙන් වැඩක් නැහැ. ඒගොල්ලෝ අරගෙන පක්ෂේ කොරගෙන යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 175 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 452 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 746 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 971 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1550 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1233 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site