IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා ඉක්මණින් අවසන් කළ යුතුයි

(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා ළඟ ළඟ පවත්වා ඉක්මණින් අවසන් කළ යුතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.
 
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකළ යුත්තේ දෙපාර්ශවය එකමුතුවීමෙන් පසුව යැයි ද හෙතෙම කියා සිටියේය.
 
කෙසේ වෙතත් දැනට බැලූ බැල්මට සුදුසු චරිතයක් සේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් තෝරා ගන්නා අපේක්ෂකයා කවුදැයි 11 වැනිදා හෙළිකිරීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා කී බවත් අමරවීර මහතා සදහන් කළේය.
 
සමහර පසුපෙළ මන්ත‍්‍රීන් මේ පක්ෂ දෙකේ එකතුවීමෙන් පළක් නැතැයි පවසන නමුත් එසේ එකතු වීමේ ඇති වැදගත්කම මහින්ද රාජපක්ෂ මහතාට පෙනෙන බව ද මන්ත‍්‍රීවරයා කීය. කෙසේ වෙතත් මේ සන්ධානය හැදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පමණක් නොවන බවත් මෙතෙක් කළ කිසිදු සාකච්ඡාවක ජනාධිපතිවරණය ගැන සාකච්ඡා නොකළ බවත් හෙතෙම කියා සිටියේය.
 
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (18) පැවති පක්ෂයේ මාධ්‍ය හමුවේ දීය.



අදහස් (3)

ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා ඉක්මණින් අවසන් කළ යුතුයි

max Thursday, 18 July 2019 09:56 AM

එකතු විය යුතුයි. නමුත් ඒ ගෝඨාභය මහතාගේ ජනපති අපේක්ෂකත්වය යටතේ පමණයි. සිරිසේන මහතා විසින් ශ්‍රීලනිපය මරා දමා ඇති නිසා ජාතික දේශපාලනයට වර්තමානයේ ඊට කල හැකි බලපෑම අවමයි. ශ්‍රීලනිපය වෙනම ඉල්ලුවොත් ජෙප්පන්ටත් පහලට වැටීම නොවැලක්විය හැකියි.

:       30       1374

sirimal Thursday, 18 July 2019 11:09 AM

එකතු වෙනවා කියන්නේ පවුල් සංගමයකට යටත් වෙනවා කියන එක නෙවේ නේද මහත්තයෝ ? බණ්ඩාරනායක මහත්තයාට පුලුවන්නම් වෙන දේ කියල දෙයි සුද්ද සිංහලෙන්ම.

:       0       0

Amila Thursday, 18 July 2019 11:42 AM

ශ්‍රිලනිපය ලෙස ඉතුරුවී සිටන පිරිස වාසි පැත්තට හේත්තු වෙන්න දගලන හැටි විතරක්. ප්‍රාදේශීය සභා ඡන්දයෙන් නිකමට හරි යුන්පි එක දිනන්නා නම් ඒකත් එක්ක තවමත් ආන්ඩුවේ ඉන්නවා. නුමුත් යුන්පි එක පැරදිලා රැල්ල පොහොට්ටුවට නිසා මේ හදන්නේ ඒකෙත් එල්ලිලා ඒකත් විනාශ කරලා දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 316 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 192 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 327 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 762 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1428 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 243 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site