IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ.

සෙස්නා කැරවන් නම් ආසන නවයක් සහිත මෙම යානයෙන් කිසිදු කාබන් විමෝචනයක් සිදුනොවන බව එහි නිශ්පාදක සමාගම වන මැග්නික්ස් ආයතනය පවසයි.

යානයට පැයට සැතපුම් 114ක වේගයෙන් ගමන් කළහැක.

2021 අවසන් වනවිට යානය වාණිජ ගුවන් ගමන් සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව ද නිශ්පාදකයෝ පවසති.

මෙවැනි විද්‍යුත් ගුවන් යානයක පියාසර පැයක් සඳහා වැයවන්නේ අඩු පිරිවැයක් බවත් කුඩා ගුවන්තොටුපල හරහා සිදුකරන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වඩාත් වාසිදායක වනු ඇති බවත් පරිසර දූෂණය අවම වීම ප්‍රධානම ප්‍රතිලාභය බවත් මැග්නික්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රෝයි ගන්සාර්ස්කි පවසයි.

යානයේ මගීන් නවදෙනකුට ගමන් කළ හැකි වුවත් ප්‍රථම ගුවන් ගමන සඳහා සහභාගී වී ඇත්තේ ගුවන් නියමුවා පමණි.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (5)

විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි

hemantha Saturday, 30 May 2020 09:39 AM

අම්මෝ මාතෘකාවේ විදියට මම හිතුවේ මගීන් 1000ක් වත් අරන් ගිහින් කියලා.

:       0       2

Sunil Tissa Sunday, 31 May 2020 04:36 AM

ඔය ටිකටික එන්නේ අරාබියන්ගේ ලොකුකම බස්සන වැඩ පිළිවෙලක්..., ඔක්කොම වාහන කරන්ට් එකෙන් දුවන්න හැදුවා නම් අරාබි කාන්තාවන් අපේ ගෙවල්වල වැඩට එයි..

:       1       35

විජිත් Sunday, 31 May 2020 06:15 AM

sesna 208-B Grand Caravan " හෙවත් සෙස්නා 208-B ග්රෑන්ඩ් කැරවන් " කියා හඳුන්වන මේ all electric ගුවන් යානය ඊයේ ( 28.05.2020 ) මුල් වරට සිය කුළුඳුල් ගමන සිදුකල අතර එය මිනිත්තු 30 පමණ වොෂින්ටන් අහසේ අඩි 2500 පමණ උසකින් ගමන්කොට ..අවසානයේදී මෝසස් ලේක් ගුවන් පථයට ගොඩබැස්සා. ගුවන් යානය අහසට ගෙනගිය පරීක්ෂක ගුවන් නියමු ස්ටීව් ක්රේන් පවසා සිටියේ " කරදර බාධා වලින් තොර " ගුවන් ගමනක් කියයි.මේ ගුවන්යානයේ විදුලි මෝටරය ලෙස MagniX Magni 500 යොදාගත් අතර එය අශ්වබල 750 ක බලයක් ඇතිකරනබව ඒ ආයතනය කියනවා.ඒවගේම තමයි මගින් 9 දෙනෙකු ගෙනයාහැකි මේ යානයේ විදුලිය උත්පාදනය කරන්නේ lithium - Ion බැටරියකින් වන අතර ඉන් වෝල්ට් 750 ක විභව අන්තරයක් ලබාදේ, ඉතාමත්ම බර මේ විදුලි බැටරි පද්ධතිය නැවත ආරෝපණය කරගැනීමට " ගුවන් කාලය හා සමාන කාලයක් " ගනී.සමහරවිට මේ බැටරිය වෙනුවට lithium -sulfur බැටරියක් හෝ හයිඩ්‍රජන් ඉන්ධන කෝෂයක් මීළඟට යොදාගන්නත් ඉඩ තියෙනවා. ඉතින් පරිසර හිතකාමී ගුවන් යානයක් වන මෙයින් කාබන් ඩයොක්සයිඩ් පිටවිමක්නම් සිදුවෙන්නේ නැහැ .නමුත් ඩොලර් 6 ක විදුලිය වැයවීම නිසා " කාබන් පියසටහන "නැතිම වෙලා නැහැ.

:       0       78

Rata Perata Sunday, 31 May 2020 06:30 AM

ඉතාම වටිනා සොයාගැනීමක්... ගුවන්ගමන් වලින් දැනට වන පරිසර හානිය ඉතා විශාලයි.

:       0       16

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 11:54 AM

විජිත්, ඔයාගේ අගනා කරුණු අඩංගු විස්තරයෙන් අප දැනුවත් කළාට ස්තුතියි.

:       0       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 50 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 166 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 483 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 379 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 285 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 725 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site