IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලි අර්බුදයට හේතුව ගැටුමක්

(අජන්ත කුමාර අගලකඩ)

මේ දිනවල ඇතිව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ රටේ මහජනතාව බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූ බව වාර්තා වේ.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් රැස්වීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.

ඇමැතිවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.



අදහස් (24)

විදුලි අර්බුදයට හේතුව ගැටුමක්

Raveendra Tuesday, 26 March 2019 03:18 PM

එක එකාගේ ගැටුම් වලින් දුක්විඳින්නේ " ඔහෙලට තුන්වේලම කන්න බොන්න දෙන මෙන්ම සුරසැප විඳින්න මුදල් සපයන "අහිංසා මහජනතාව. විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉන්නෙත් මහජන මුදලින් ජීවිකාව රැකගන්න මිනිසුන්. ඉතින් එකඑකාගේ ගැටුම් අපට අදාල නැත. තම තමන්ගේ රාජකාරිය නිසිලෙස කරන්නේ නැත්තේ මොන හරකාද? එම හරකුන් වහාම අදාළ තනතුරුවලින් පන්නා දැමීම නොවේද කළ යුත්තේ? රටේ මුල් පුරවැසියා තමන්ට ජනතාව ලබාදී අැති බලය පාවිච්චි නොකර මෙතන අඬ අඬා ඉන්නේ මොන කරුමයක්ද මේ? උදේ, සවස රටේ අහිංසක මිනිසුන්ට ඇහෙන්නේ එක එකාගේ අඩවැඩියාව නොවේද? අද, හෙටම 225 ක්වූ හරක් රෑනට ශරීර කෘත්‍ය කරගන්න බැහැ කියා එ්කටත් කමිටු දමාගනු ඇත. අනේ අප රටට ගිය කලක්...

:       0       281

thilak Tuesday, 26 March 2019 03:32 PM

මේ රජය පත්වුණුදා සිට එකදු විදුලි බලාගාරයක් වත් නොසෑදීමේ ඵල විපාක තමා අද මහජනයා අත් විඳින්නේ... මැති, ඇමැතිවරුන්ට ඔවුන්ගේ මන්දිරවල විදුලි උත්පාදක යන්ත්‍ර ඇති බැවින් ඔවුන්ට මේවා දැනෙන්නේ නැහැ.

:       1       13

Nandalal DE SILVA - France Tuesday, 26 March 2019 03:48 PM

ඕගොල්ලන්ගේ මහරජාගේ කාලයේදී පටන්ගත් නොරොචෝච්චෝලේ විදුලි බලාගාරය ඒ කාලේදී නිතර කොට උඩ හිටපු හැටි මෙච්චර ඉක්මනට අමතක උනාද?

:       142       75

Sapumal. Wednesday, 27 March 2019 01:23 AM

ප්‍රධානම හේතුව වුනේ ඒ කාලයේ ගෙන්වූ නොරොච්චෝලේ කියන මල ජරාව කැඩුණු නිසා බව නිකමටවත් කියන්නේ නැහැ.

:       108       83

hira Wednesday, 27 March 2019 02:30 AM

ප්‍රශ්න අපිට කියන්න එපා. රටේ ජනාධිපතිතුමා ඔබය. හොදින් හෝ නරකින් මේවා කඩිනමින් විසදිය යූතයි රටේ සහ මහජනතාවගේ සුබසිද්දිය සදහා. කොහොමත් විදුලිය සම්බන්ද ඇමති අප්සට් කෙනෙක්නේ...

:       0       141

sarathWednesday, 27 March 2019 05:49 AM

කොහොමත් මහජන උපයෝගිතා එකේ ඉන්නේ මැට්ටෝ ටිකක්. විදුලිබල මණ්ඩලෙන් දෙන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ආර්ට් කරලා ,තාක්ෂණය දන්නේ නැති ,පරිපාලනය විතරක් ඉගෙන ගත්තු මැට්ටෝ ටිකක් ඉන්නේ්‍...... කියන දේවල් වලට කන් දෙන්නේ නැහැ. ප්‍රයෝගිකව ගත්තොත් විදුලිබල මණ්ඩලය අඩු පහසුකම් එක්ක කරන සේවය අගයන්න ඕනේ.

:       3       14

NissankaWednesday, 27 March 2019 07:47 AM

ගැටුම තියෙන්නේ පෞද්ගලික විදුලි බලාගාර වලින් ලැබෙන කුට්ටිය බෙදාගන්න.

:       0       157

Andrew Wednesday, 27 March 2019 03:30 AM

මේකට හේතුව ගැටුම් නොවෙයි...... අවශ්‍යතාවයට සරිලන සැපයුම නැතිකම... ජල විදුලිය මදි නිසා වෙන ක්‍රමයකින් විදුලිය උද්පාදන ජෙනරේටර් ලබා ගනීම අවශ්‍යතාවයයි.

:       1       8

මකබාස් Wednesday, 27 March 2019 03:44 AM

හොරාගෙ අම්මගෙන් පේන අහන්න වගේ කමිටුව පත් කරල තියන්නෙ. තව ටික කාලෙකින් මේ රට වාසයට නුසුදුසු රටවල් අතර අංක එක වෙනවා....

:       0       44

කැකිරා Wednesday, 27 March 2019 03:57 AM

ලක් වැසියනි රටත් ජනතාවත් තමන්ට පෙර සිතන අය නායකයන් ලෙස මින් ඉදරියටවත් තෝරා ගනිව්..... නැතිනම් අපගේ විනාශය උදාවේවි....

:       0       82

රජින්ද Wednesday, 27 March 2019 05:24 AM

එතකොට ඔයා ඉන්නේ රටේ මහජනතාව පීඩා විදිනවා කියලා ප්‍රකාශ නිකුත් කරන්න විතරද. විසදුම් හොයලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕන අපිද?

:       0       40

Soma dubayi Wednesday, 27 March 2019 05:32 AM

මට නම් හිතෙන්නේ මේක කුමන්ත්‍රණයක්...

:       0       7

varuna Wednesday, 27 March 2019 05:32 AM

විදුලි බල මණ්ඩලේ සැලසුම් අනුව බලාගාර ඉදි නොකර එක එක අයගේ අවශ්‍යතා අනුව සැලසුම් කර තිබු සම්පුර්ණ බලාගාරයක් ඉදි නොකර ,දැන් වරද අනුන් පිට පටවල තමන් බේරෙන්න හදන පුදුම නායකයෙක් තමා . කෝ දැන් අර උපදෙස් දුන්න අය කරුවල හින්ද පෙනෙන්නේ නැතුව ඇති .

:       0       46

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 27 March 2019 06:38 AM

ශ්‍රී ලන්කන් වල දෙන කජු කවුරුත් කන්නේ නැහැල්ලු...... රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන වෙනත් රටවලට හොරෙන් ගිහින්ලු පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසිලු මේක අධ්‍යාපන ඇමති තුමා දන්නේ නැහැල්ලු තව ටික දවසින් කියයි මකබාස් කියනවා වගේ ලංකාව ජීවත්වීමට සුදුසු රටක් නොවයි කියල

:       0       95

HafeelWednesday, 27 March 2019 08:15 AM

ජනාධිපති ලේකම් කාර්යාලවල වැඩ කරන සාමාන්‍ය ලිපිකරුවෙක්ට තියන බලතලවත් මෙයාට නැද්ද?

:       0       8

පුෂ්පකුමාර Wednesday, 27 March 2019 07:49 AM

ඉතින් හලෝ ගැටුමක් තියනවා නම්, ගම මහගේ වගේ නාහෙන් නාඩා, විසදනවකෝ ප්‍රශ්නේ? කොහෙවත් ඉන්න පඹයෙකුගේ හොටු සුරන්නනේ දැන් ජනතාවට වෙලා තියෙන්නේ? මේ හාදයා හොඳයි මරණ ගෙවල් වලට අඬන්න තියන්න.

:       0       79

asanka Wednesday, 27 March 2019 07:55 AM

ජනපති කමට පිස්සෙක් පත්කරගන්න තරම් පිස්සෝ ලංකාවේ ඉන්නවනම් දැන් මොහු පිස්සු කෙලිනකොට පිස්සු හැදිලා මුහුදට පැනපල්ලා , අහක ඉන්න අපට පිස්සු කොහෙද?

:       0       136

Bamunuarachchi Wednesday, 27 March 2019 09:15 AM

ඔබ කතා කරන්නේ හරියට ආගතුකයෙක් හැටියටයි. ඔබ මේ රටේ ජනාධිපති නොවෙයිද? එහෙනම් මොනවද මේ නිවට කතා. මොවුන් පන්නා දමා හරි නියෝගය දෙන්නකෝ... නිවටයින් දැක්කා මෙහෙම නිවටයෙක් දැක නැත. ඔබට බැරිනම් මේ සුළු කාලයටවත් ඝෝඨාභය මහතාට ඔය ජනාධිපතිකම බාරදී රටක් කරන හැටි ඉගෙන ගන්න.

:       161       253

NissankaWednesday, 27 March 2019 11:59 AM

බමුණා වගේ උපදේශකයින්ගේ කතා අහලා තමයි පහුගිය ඔක්තොබරේ ඇනගත්තේ... ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහ රෙදි ගලවගන්න ඕනේ. තව ඩින්ගෙන් ඉතුරු මාස නවයටත් කෙලවෙනවා. විධායක බලතල පෙන්නන්න ගිහින්...

:       0       0

BamunuarachchiWednesday, 27 March 2019 04:36 PM

මෙයාට එදත් බැරිඋනා දැනුත් බැරි වුණා. එ්කයි අපි කියන්නේ 2020 දී කියලා දෙන්නම්. මෙයා සහ මෙයාගේ යහපාලකයෝ මේ අවුරුදු 4ක් නිස්කාරණයේ නාස්තිකළා. යහපාලනයට පන්දම් අල්ලන මිනිස්සු කියන්න මොවුන් රටට කරපු එක දෙයක්. මහබැංකුව කඩලා සල්ලි බෙදාගත්ත එක විතරයි කියන්න තිබෙන්නේ.

:       0       0

BamunuarachchiWednesday, 27 March 2019 04:38 PM

කාට කෙලවිලා හරි කමක් නැහැ ඡන්දයක් එනවා නම්... ඡන්දෙට බයයිද?

:       0       0

Soma dubayi Wednesday, 27 March 2019 09:30 AM

පංචවිධ ප්‍රතිපත්තිය අනුව ගරු අගමැතිතුමා රට දියුණු කරන එක ඉවසන් ඉන්න බැරි පසුගිය රජයේ කුමන්ත්‍රණයක් මේක................

:       7       14

Blackhawk Wednesday, 27 March 2019 01:35 PM

එහෙම ගැටුමක් තිබේනම් ඇයි ඔබතුමා නිහඬ? ඔබ අපගේ ජනපති ලෙස පත්වූ දා සිට අද දක්වාම අනුන්ට ඇඟිල්ල දික්කරමින් ඔබගේ නොහැකියාව වසාගැනීමට උත්සාහ කිරීම රටවැසියන් වන අපට පුදුමයක් නොවේ. ඔබ නිකම්ම නිකන් රූකඩයක් වැනිය..!

:       0       1

rocky Wednesday, 27 March 2019 02:10 PM

මයි ගෝට්! බමුණුට ගෝඨයිම්බර සන්නිය තද වෙලා! තොවිලයක් වත් කරන්න වේවි...!!! අර `සුමනෙට` වත් වහාම දන්වමු !!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 26 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 151 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 464 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 364 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 277 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 697 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site