IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැදි ජනතාවගේ නිජභූමි බඩඉරිඟු වගාවට දීමට කරුණු 23දා කියන්න

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
මහියංගනය  රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්‍රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක්  මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙළි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීමට එරෙහිව වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා  අප්‍රේල් 23 වැනි දා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (5) නීතිපතිට නියෝග කළේය. 
 
 
මහියංගනය  රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්‍රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක්  මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීම හේතුවෙන් වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇතැයි සදහන් කරමින්,එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , එමගින් පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවවේදී අභියාචනාධිකරණය මේ නියෝග කළේය.
 
මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
 
ලබන මැයි 5 වැනිදා පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට බැලීමට අභියචනාධිකරණය අද දින නියම කළේය.  
 
 
පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට ලැබී ඇති තොරතුරු අනුව සිද්ධිය අදාළ භූමි ප්‍රදේශය මහවැලි සංවර්ධන අධිකාරියට අයිති එකක් ,මීට අදාළ ඔප්පු සහ වෙනත් ලියකිවිලි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
පෙත්සමේ හයවැනි වගඋත්තරකාර ආර්.ඒ.එන් ප්ලාන්ටේෂන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පුලස්ති රූපසිංහ මහතා කියා සිටියේ මහවැලි සංවර්ධන අධිකාරියට අයත් අක්කර 50 පමණක් එළි පෙහෙළි කර  අදාළ ව්‍යාපෘතිය සදහා ලබා ගෙන ඇතත් පෙත්සම්කරුවන් කියනා පරිදි වන රක්ෂිතයකට හා වන ජීවින්ට හානි කර නොමැති බවයි.
 
එසේම තම සේවාදායකයා  මෙම ආයෝජන ව්‍යාපෘතිය ලෙස කර ගෙන යන්නක් බවද නීතීඥ පුලස්ති රූපසිංහ මහතා කීය.



අදහස් (5)

වැදි ජනතාවගේ නිජභූමි බඩඉරිඟු වගාවට දීමට කරුණු 23දා කියන්න

sharm warn Friday, 05 March 2021 09:31 AM

මහවැලියට, වන රක්ෂිතයට අයිතිය දුන්නේ අප්පොච්චිද? කියත් මගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බඩ ඉරිඟු වගාව කොහොම වෙතත් වටිනා කියන ගස්කොළන් ටික පටවලා ඇති. කාගේ සාක්කුවටද දන්නේ නැහැ වැවිලි සමාගමේ කොමිස් කුට්ටිය යන්නේ? අර උද්දික කියන නළුවා පාර්ලිමේන්තුවට කිව්වනේ පරිප්පු වෙනුවට බඩඉරිඟු හොදි කන්න පුළුවන් කියලා... පෝෂණ ගුණයක් ගැන සත 05ක අවබෝධයක් නැතිව. එයාගේ යෝජනාව ස්ථිර කරන්න ද මේ බඩ ඉරිඟු වවන්නේ?

:       1       4

Praba Friday, 05 March 2021 11:13 AM

වනාන්තරයට හෝ වන සතුන්ට හානි නොවන ලෙස වනය එළි කිරීම සෞභාග්‍යයේ දැක්ම නම් වේ..

:       0       5

විජිත් Friday, 05 March 2021 03:25 PM

කාටවත් කරදරයක් නැතිව තමන්ගේ හයියෙන් ජීවත්වන අපේ ආදිවාසීන් රැකබලා ගැනීම ශ්‍රී ලාංකික අපි හැමෝගේම යුතුකමක්... රට පාලනය කරන නූගත්, මෝඩ, හොර, දූෂිත, මිනීමරුවන් දුරදිග නොබලා කරන මේ සෙල්ලම.. " රටට ඉතාමත්ම අවාසිදායක ලෙස " අවසන් විය හැක. දැන් ලෝකයේ හැම රටක්ම, හැම ජාතියක්ම තමන්ගේ ආදිවාසින් හට ගෞරව කරන තත්වයකට ඇවිල්ලා. ඒ කාලයේ තමන් අතින් ආදීවාසීන් හට සිදුවූ සියලුම වැරදිවලට සමාව ඉල්ලනවා. ඕස්ට්‍රේලියාව තම ජාතික ගියේ සමහර කොටස් වෙනස් කළා.... ආදිවාසින් වෙනුවෙන්. නමුත් අපේ ගෝත්‍රික පාලකයින් අපේ ආදිවාසීන්ගේ ජීවිතය ගැට ගසාගන්නා " කැලෑ පොජ්ජ " හොර තක්කඩි මුදලාලිලාට දීලා. ඒ ඡන්දෙදි තමන්ගේ පක්ෂයට කළු සල්ලිවලින් උපකාරකරලා.. මෝඩ බයියන්ට කුඩ, සිල් රෙදි, වැසිකිලි පෝච්චි, ටකරම්, අරක්කු ආදිය බෙදන්න කරපු උදව්වට ප්‍රති උපකාරයක් වශයෙන්. මහපොළව නුහුලන මේ අපරාධය අනිවාර්යයෙන්ම ජිනීවා මානව හිමිකම් මේසය මතත් දිග හැරේවි... ශ්‍රී ලංකාවේ පාලකයිනේ, මේ රටේ මිනිස්සු ඔබලාට බලය දුන්නේ තාවකාලිකවයි. මේ කරන අපරාධවලට කවදා හෝ ඔබලාට ගෙවන්න වෙනවාමයි. සොබා දහම් නීතිය ඒ තරම් බලගතුයි.

:       0       6

Nuwan Saturday, 06 March 2021 06:41 AM

වැද්දන්ටත් කෙළවපු සක්කිලි ආණ්ඩුවක්... මොන ලැජ්ජා නැති වැඩක්ද මේ..?

:       1       2

wasantha Saturday, 06 March 2021 02:12 PM

පුරාණයේ සිට එන ඉඩම් අයිතිය මෑතදී පටන්ගත් රජයේ ආයතන මගින් ගැසට් පත්‍රිකාවක් වගේ ලේසි ක්‍රමයකට පවරාගෙන තමන්ගේ හිතවත් කොම්පැනියකට දීම කලක සිටන් කරගන ආපු දෙයක්. මුතුරාජවෙල කරන්න හැදුවේත් එකයි. ආයෝජනය කියන්නේ හොරය වහගන්න. මේක නවත්තන්න මේ රජයට බැරි නම් මොකද්ද මේ රජයෙන් ඇති වැඩේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 185 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 170 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 146 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 389 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 809 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 138 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site