IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වාසුදේව - ෆොන්සේකා කොවිඞ් එන්නතට ගැටෙති

 

ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ ‘කොවිඞ් 19’ මර්දන එන්නත ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට එරෙහිව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අදහස් දැක්වීමට යෑමෙන් අද (20) පාර්ලිමේන්තුව විනාඩි හයක පමණ කාලයක් උණුසුම් තත්ත්වයක් ගත්තේය.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා තමන්ට නියමිත කාලයේදී මෙසේ අදහස් දැක්වීම ආරම්භ කළේය.

“වැක්සින් එක ගෙන්න ඕඩර් කළේ නෑ. වැක්සින් එක තාමත් අත්හදා බලමින් තිබෙනවා. ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැන්ම ඉදන් මිලියන ගණනන් ඕඩර් කරලා ඇති. අපිටත් උවමනා වුණ දවසට ඕඩර් කරගන්නවා. ඒකට උවමනා කරන මුදලුත් අපි හොයාගන්නවා. වැක්සින් එක උවමනා වුණ දවසට”

“මම හිතන්නෙ නෑ දැන්ම අපිට වැක්සින් එක උවමනයි කියලා. ඒක උවමනයි ඇමෙරිකාවට. වැක්සින් එක වෙනුවට පාවිච්චි කළ හැකි දෙවල් තියෙනවා. අපි ඒවා පාවිච්චි කරමින් මේක පාලනය කරනවා.”

“වැක්සින් එක උවමනායි කියලා අපේ වෛද්‍යවරු කිව්වොත් ඒකත් කරනවා. ඔබතුමා දන්නවද? ‘ඩිසාස්ට මැනේජ්මන්ට්’ කියලා එකක් තියෙනවා”

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදීම සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා අදහස් දැක්වීමට යාමෙන් පාර්ලිමේන්තුව උණුසුම් විය.

“ගරු ඇමතිතුමා, මෙහෙට වැක්සින් එපා කියලා කියන්න එපා. දැන් එංගලන්තේ ‘ප්‍රයෝරිටි’ දිලා තියෙනවා. මට වෙලාව තියෙනවා”

එවිට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කෝපයෙන් මෙන් මෙසේ පැවසීය.

“එයාට පුළුවන්ද එහෙම මගේ කථාවට බාධා කරන්න. බාදා කරන්න එපා....ඔබතුමාගේ කථාවෙදී කියන්න. එහෙම කථා කරන්න පුළුවන්ද? හිතූ හිතූ වෙලාවට..?

“ඒවා හමුදාවේ. හමුදාවට යන්න හිතූ හිතූ වෙලාවට කොමාන්ඞ් දෙන්න. මෙහේ බෑ එහෙම. කරුණා කරලා තමන්ගෙ වෙලාවට කථා කරන්න. මේක පාර්ලිමේන්තුව. මේක හමුදාව නෙවෙයි”

“ලොකුවට හිතාගෙන ඉන්න එපා ඔබතුමා පාර්ලිමේන්තුවේදී ඕන ඕන දෙවල් කියන්න. කරුණාරලා නිකන් ඉන්නකෝ”

“වෙල් මුලාදැනියා, වෙල් මුලාදැනියා, නිකන් වාඩි වෙනවා” යැයි වාසුදේව අමාත්‍යවරයා දොස් නැඟීම අවසන් කළේය.

-048



අදහස් (6)

වාසුදේව - ෆොන්සේකා කොවිඞ් එන්නතට ගැටෙති

Chandima Perera Friday, 20 November 2020 03:01 PM

රටට වැඩක් නැති ප්‍රතිපත්ති පාවා දීපු කෙනෙක්ගේ මෝඩ කතා. මෙයාලා හැමෝටම පෙර වැක්සීන් එක ගන්න බව නම් ස්ථීරයි. වැක්සීන් එක එපා කියන්නේ මොවුන්ට ජනතාව ගැන හැඟීමක් නැති නිසයි.

:       0       32

puppa Friday, 20 November 2020 11:55 PM

මේ දෙන්නා මේ රටට කළ සේවය බලනකොට අහසයි පොළවයි වගේ.. එක්කෙනෙක් නාකි වෙනකම් පාර්ලිමේන්තුවට පැනලා සැප ගත්තා සමාජ වාදය කිය කිය.... අනික් එක්කෙනා රටට කළ මහඟු සේවය වචන වලින් විස්තර කරන්න බැහැ. ඔන්න දෙන්නාගේ වෙනස...

:       0       65

asanka Saturday, 21 November 2020 12:18 PM

අපේ ජනගහනයට අවශ්‍ය වැක්සින් ලබා ගැනීමට අද රටේ මුදල් නැහැ. බොහෝවිට, අප වැනි දුප්පත් රටවලට අවශ්‍ය වැක්සින් WHO සංවිධානයෙන් නොමිලේ ලබා දෙනු ඇත. එබැවින් මේ කරුණ සඳහා වාද කිරීමෙන් පලක් නැහැ.

:       19       7

vidya Sunday, 22 November 2020 06:59 AM

වාසුදේව කිසිම කමකට නැහැ. බොරු වාමාංශිකයෝ. අවස්ථාවාදියෝ. තවම කිසිම වැදගත් රටක හරියාකාරව පරීක්ෂණ කරනවා මිසක් තව මාස 2කටවත් එන්නත නොලැඛෙන පාටක් තියෙන්නේ...

:       0       4

Rata Perata Sunday, 22 November 2020 08:16 AM

පාර්ලිමෙන්තුවෙ නුසුදුසු වචන කියූ කෙනෙක් එක්ක මොකට වාද කරනවද?

:       0       3

de silva berlin Monday, 23 November 2020 01:58 PM

වාසුදේව වාමාංශික වෙලා හිටියේ 90 දශකයේ මුල සහ 80 දශකයේ.. දැන් වාසුදේව යනු වාමාංශිකයෙක් නොවේ. හිට්ලර්ගේ වර්ගයේ අති දක්ෂිණාංශික පුද්ගලයෙක්... සිය ගණනක් බලා සිටියදී ප්‍රසිද්ධියේ අපරාධ සිදුවූ, උසාවියෙන් සාක්ෂි 50ක් විතර අහලා මරණ දඬුවම දීපු පුද්ගලයෙක්වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු යවන්න කියලා සිහිබුද්ධියක් තිබෙන වාමාංශිකයෙක් ජනතාවගෙන් ඉල්ලනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 52 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1079 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1923 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2144 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1081 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1034 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site