IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලන්න යයි

(මනුල වික්‍රම)

වකුගඩු රෝගය වැළඳුණු සෑම රෝගියෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ සියයක වන්දි ඉල්ලා වහා නඩු පැරීමට තමා කටයුතු කරගෙන යන බව රජරට විශ්ව විද්‍යාලයේ මහචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කියයි.

මෑතක දී ඇමරිකානු අධිකරණයක් මගින් පිළිකා රෝගයක් වැලඳුණු රෝගියෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන සමාගමකට නඩු පැවරූ සිද්ධියට අනුරූපිව එසේ  ශ්‍රී ලංකාවේ ද වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලා ග්ලයිපොසේස්ට් ආනයනය කරන මෙරට එම සමාගමේ නියෝජිතයිගෙන් වන්දී ඉල්ලන බව වෛද්‍ය වරයා කියා සිටියේ ය.

පදවිය හා මැදවච්චිය ප්‍රදේශවල වකුගඩු රෝගින් කණ්ඩායම් දෙකක් වෙනුවෙන් දිසා අධිකරණයක  දී වන්දි නඩුවක් පවරන බව වෛද්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය.

වකුගඩු රෝග වැළඳුණු එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් මිලියන 10 බැගින් වන්දි ඉල්ලන බවත් මිය ගිය අයගේ පවුල් වෙනුවෙන් වන්දි ඉල්ලා තවත් නඩු පවරන බවත් ඒ මහතා කියා සිටියේ ය.

 ‘‘ මුලින්ම වකුගඩු රෝගීන් බහුලව සිටින පදවිය , මැදවච්චිය වැනි ප්‍රදේශ වලින් කණ්ඩායම් දෙකක් පමණ තෝරාගෙන ඒ අය සමඟ  දිසා අධිකරණයක වන්දි නඩුවක් පවරනවා.ඒ සඳහා අපිට ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන ඇති බව නිතිවේදීන් කීවා.

ඒ සමඟම අපි රජයෙන් හා කෘෂිකර්ම විෂය භාර මැති ඇමති වරුන්ගෙන් සහයෝගය ඉල්ලුවා. කවුරුත් සහාය දුන්නේ නෑ. සහාය දෙන්න ඉදිරිපත් වුණේ හිටපු ගොවිජන සේවා ඇමති වරයෙකු වූ එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පමණයි.

එතුමා නීතිඥ සංගම්වල සහාය ඉල්ලා සාකච්ඡා කළ බවත් කීවා. ග්ලයිපොසේට් ගෙන්වන සමාගමේ නියෝජිතයෙක් මේ රටේ ඉන්නවා.එයාගෙන් තමා වන්දි ඉල්ලන්නේ.ඊට අමතරව පළිබෝධනාශක පාලකවරයා වගඋත්තරකරු කරනවා.‘‘

 

 



අදහස් (6)

වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලන්න යයි

de silva berlin Monday, 10 September 2018 04:35 PM

ඔබගේ ව්‍යායාමය අවංක බව මට පෙනී යනවා නමුත් ලංකාවේ මේවගේ නඩුවක් දැම්මට ඕක අහලා ඉවරවෙනකොට අවුරුදු 20 වත් ගතවේවි. එතකොට ඔබත් මමත් සමහරවිට ජිවතුන් අතර නොමැත. ඔයවගේ සල්ලි තිබෙන සමාගමකට පුළුවන් ඔය නඩුව අවශ්‍යනම් අවරුදු 25 වත් ඇදගෙන යන්න. මොනවා කරන්නද මේ ලංකාවේ හැටි. පෙරකදෝරුවෝ එකතුවෙලා අපේ රටේ නීති පද්ධතිය ඒගොල්ලන්ට සල්ලි හම්බකරගන්න පුළුවන් විදිහට විනාශ කරලා තිබෙන්නේ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිතිය ඉදිරියට ගොස් ලොකු සමාගමක් සමග සටන් කර සාධාරණයක් ඉටු කරගැනීමට ඉතා අපහසුය. නඩුවකට ගියොත් මුළු දවසම රස්තියාදු වීමට බොහෝදුරට සිදු විය හැක

:       1       136

විජිත්Monday, 10 September 2018 06:00 PM

ඔබ කියන දෙය සම්පුර්ණ ඇත්තක්, නමුත් මේ ප්‍රශ්නය කවුරු හරි නීතිය හමුවට ගෙනියන්න ඕනනේ. ග්ලයිෆොසෙට් නිසා වල් පැළෑටිවල ජාන විකරණයවී ප්‍රශ්නවලට මුහුණපා සිටින රටක් තමයි ප්‍රංශය. ග්ලයිෆොසෙට් හැර කිසිම වල් පැළෑටි නාශකයකින් තෘණ පැළෑටි විනාශකරගන්න බැරි තත්වයකට ඒ රට මුහුණ පාලා තියෙන්නේ. 2020 දී ග්ලයිෆොසෙට් තහනම් කරන්න තමයි ප්‍රංශය බලාපොරොත්තු වෙන්නේ. තව දෙයක් ඔය මොන්සන්ටෝ " රවුන්ඩප් රෙඩි ක්රොප් " ලෙස හැඳින්වෙන එක එක " බිජ " වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ බිජ ජාන තාක්ෂණයෙන් ග්ලයිෆොසෙට් වලට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ. අපි කියමු මේ ක්‍රමයට හදපු බෝංචි පැල ඇතුළු වෙනත් බෝග තියෙන තැනකට ග්ලය්ෆොසෙට් " ඉස්සොත්", බෝංචි පැල හැර ඉතිරි සියලුම බෝග විනාශ වෙනවා. මේ ක්‍රමයෙන් බිජ පිලිබඳ ඒකාධිකාරියක් මොන්සැන්ටෝ ලබාගෙන තියෙනවා.මේ අය දිනෙන් දිනම ග්ලයිෆොසෙට් වලට බාහිර රසායන එකතු කරමින් එය තව තවත් ප්‍රභල කරමින් ඉන්නේ මොකද දැන් පේටන්ට් කාලය අවසන් නිසා තව තවත් නිෂ්පාදකයින් මේ ග්ලයිෆොසෙට් හදනවා. ඒ අයගේ නිෂ්පාදනයට වඩා ප්‍රභල ග්ලයිෆොසෙට් වර්ගයක් හදන්න මේ අය බාහිරින් රසායන ද්‍රව්‍ය එකතු කරන්නේ.ඒවා මිනිස් පරපුරම රෝගීන් කලා.

:       0       111

Mf Monday, 10 September 2018 06:55 PM

සාධාරණයක් ඉෂ්ට වේවා සියලුම වකුගඩු රෝගීන්ට. ඉක්මන් සුවය ලැබේව

:       0       142

bandula Tuesday, 11 September 2018 12:04 AM

ඔය ග්ලයිපොසේට් විතරක් නෙමෙයි , ඔය කෘතීම රසායන වර්ග දමල ආහාර වර්ග නිපදවන කුඩා හෝ වේවා මද්යම පරිමාණයේ හෝ වේවා සියලුම ආයතන වලට නීති මගින් ක්‍රියා කල යුතයි . අද වැඩිපුරම ඔය බෝවෙන රෝග හදන්නේ ඔය නුසුදුසු රස කාරක දාල මිනිස්සුන්ගේ කට පිස්සු වට්ටලා සාක්කුවේ තියෙන සල්ලි ටික අදිනවා . ගෙදර දොරේ කෑමක් හැදුවත් පිටින් ගෙන්න වෙන්නේ විවිධ රසායන යොදල විකුර්ති කල අමුද්‍රව්‍ය. තමන්ගේම මිනිසුන්ට වස කන්න දීල ඔවුන්ව රෝගී කරලා තමන්ගේ මඩිය තර කර ගන්න හදනවනම් ඒක පණපිටින් අප ගත වෙන වැඩක්. මිනිස්සු අාහාර ගන්නේ කුස ගින්න නිවා ගන්න ඒක දඩමීම කරගෙන වස දෙන එකට දඩුවම් කල යුතුමය.

:       0       12

kap Tuesday, 11 September 2018 04:55 AM

දැන් මේ වල්නාශක, කෘමිනාශක පාවිච්චි කරන ගොවීන්ට විරුද්දව නඩු දාන්න අපිට බැරිද? ඇයි ආයතන විතරක්? ඇයි මේ කියන්නෙ නැත්තෙ ගොවියන්ට මේවා පාවිච්චි කරන්න එපා කියලා. ඒ ගැන උද්ඝෝෂණ නැත්තෙ ඇයි? යමුකො ගොවි බිම් වලට..

:       0       0

Nishantha Tuesday, 11 September 2018 06:56 AM

ඔබ තුමාට ගොඩක් පිං මෙම අසරණ මිනිසුන් වෙනුවෙන් කරන දේවල් වලට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 50 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1035 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1869 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2091 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1053 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1007 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site