( එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර )
දකුණ ඉන්දියවේ සිට බෝට්ටු 03 හොර රහසේ කල්පිටිය මුහුදු තීරයට ගෙනවිත් ප්‍රවාහනයට සුදානම් කර තිබූ ලක්ෂ 90 ක් පමණ වටිනාකමකින් යුක්ත බව කියන බීඩි කොළ තොගයක් සමඟ එක් සැකකරුවකු සහ ලොරි රථය අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලීස කියයි.
පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් පොලිසියට ලැබුණු තොරතුරකය අනුව අද (18) අලුයම මෝහොත්තුවාරම දූපත් ප්‍රවේශ මාර්ගයේ වෙරළ තීරයේදී මෙම වැටලීම සිදු කර ඇත.
කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට අයිති ලොරි රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය සිදු කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් නිළධාරින් සැඟවී සිට ඉතා සූක්ෂම අයුරින් අත් අඩංගුවට ගෙන තිබේ.
ලොරි රථයේ රියදුරු හා තවත් දෙදෙනකු පලා ගොස් ඇති අතර බීඩි කොළ මිටි පැටවීමට පැමිණි මාතර දික්වැල්ල පදිංචි කරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් ලොරියට පටවා ප්‍රවාහණයට සුදානම් කර තිබු , ඉතා සුරක්ෂිතව අසුරා තිබූ විවිධ ප්‍රමාණයේ බීඩි කොළ මිටි 48 ක ක කිලෝ 1382.350 ප්‍රමාණයක් තිබී ඇත. මෙම බීඩි කොළ තොගය මෙලෙස හොර රහසේ ඉන්දියවේ සිට ගෙන් වීම නිසා රුපියල් ලක්ෂ 50 පමණ තීරුබදු පාඩුවක් රජයට සිදුවී ඇති බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප එච් චන්දන )
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 90ක බීඩී කොළ තොගයක් කල්පිටි මුහුදු තීරයෙන් අත්අඩංගුවට