IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැතිවරණ කොමිසමෙන් ජනපතිට- අගමැතිට ලිපියක්

(රංජන් කස්තුරි)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේදී ඉකුත් දා පැවැති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී එළැඹි තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහන්ද සමඟ මැතිවරණ කොමිෂන් සභාව එම ලිපිය  යවා ඇත.

දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද එම විකල්ප ක්‍රියාමාර්ග වලින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ නායකයින්ට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇතැයිද පැවැසේ.

මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට පවතින නෛතික ගැටළු විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවය.



අදහස් (8)

මැතිවරණ කොමිසමෙන් ජනපතිට- අගමැතිට ලිපියක්

Rasi Wednesday, 16 January 2019 10:53 PM

මහා ලොකුවට උඩ දාගෙන නැටුවට කොමිසම් සභා වලිනුත් ජනතාවට වෙච්ච සෙතක් නම් නැහැ. දැන් වෙලා කොමිසමත් බලාගෙන ඉන්නවා අර පෙර පරිදිම උඩින් කියනකම් ඡන්දය තියන්න. මට නම් කොමිසමෙයි දෙපාර්තුමෙන්තුවෙයි වෙනසක් පෙන්නේ නැහැ

:       1       174

Sapumal. Thursday, 17 January 2019 05:06 AM

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියා පසුගියදා ජනපති පැවසුවා. වැඩි දිනක් නොගොස්ම එය ඉක්මනින් පවත්වා ගැනීමට අධිකරණයට යන බව තව කට්ටියක් පැවසුවා. අධිකරණයට යෑමේ වැඩපිළිවෙල පිටුපස සිරිසේන ජනපති වරයා සිටින බව ඉතා පැහැදිලියි. දැන් මැතිවරණ කොමිසමත් මේ වැඩ පිළිවෙලට කිසියම් තල්ලුවක් දෙනවාදැයි කෙනෙකුට සිතෙනවා වෙන්නට පුළුවන්. මැතිවරණය ඉක්මන් කල යුතුයි. අපද එයට එකඟයි. ඒත් මෙතන තියෙන බලවත්ම කාරණය නම්, රටේ නීතිය හා ව්‍යවස්තාව උල්ලංගනය කල ජනපති ඉක්මනින්ම අයින්කිරීමට ජනපති වරණයක් පැවැත්වීමට ඉක්මනින් කලයුතු බවට පැවසීමට ඉහත කිසිවෙකුට කශේරුවක් හා ආත්ම ශක්තියක් නොමැති වීමයි. ප්‍රථමයෙන්ම ජනපතිවරණයක් පවත්වා එම අසුන පිරිසිඳු කොට අනතුරුව අනෙක් සියලු මැතිවරණ පැවැත්වීම රටේත් ජනතාවගේත් යහපතට හේතු වන්නේය. විය යුත්තේද එයයි.

:       206       225

SidathThursday, 17 January 2019 06:29 AM

සිරිකොත සිට ලියන ලදි.

:       58       125

sandy123Thursday, 17 January 2019 07:32 AM

මැදමුලන සිට හෙලා දකින ලදී.

:       67       42

Sapumal.Thursday, 17 January 2019 08:03 AM

සිදත් මහතා, ඔබතුමාට පිළිතුරු දීමත් නොවටී. මෙය සිරිකොත නොවන බව හොඳින් දනී. එහෙත් ඔබ නොදනී. සමබර අදහස් අනුව පක්ෂ විපක්ෂ බොහෝ දෙනාද දනිති. සත්‍ය හරිහැටි පිලිගැනීමට අකමැති නිසා තමන්ගේ මතයට වදින නිසා එය පිලි නොගනී. එය අපගේ වරදක් නොවේ. කාට රිදුනත්, නොරිදුනත්, අප අදහස් දැක්වුයේ රටටත්, ජනතාවටත් සද්භාවයෙනි. අප මුදලට විකිණෙන්නේ නැත. එබැවින් අපට මිලක්ද නැත. අප කාටවත් කඩේ යන්නේද නැත. අප අදහස් පැවසීමට සමහර දේශපාලකයන්ට බිය වන්නේද නැත. එමෙන්ම සිරිකොතින් අප හට ලැබුණු කෙන්ගෙඩියක්ද නැත. ඒවා අවශ්‍යද නැත. අපහට අවශ්‍ය අපගේ රට පමණය. ඔබතුමාගේ මතයට මම ගරු කරමි. එහෙත් එය නිවැරදි නොවේ...

:       0       33

sandy123Thursday, 17 January 2019 07:32 AM

සියලුම ඡන්ද (ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා) හා නියෝජිතයන් පත් කිරීම එකවර කරන්න පුලුවන්නම් ඉතා අගනේය. එයින් බොහෝ දේවල් ඉතුරු කල හැකි බව මතක් කරන්න කැමතියි...

:       26       15

BamunuarachchiFriday, 18 January 2019 12:47 AM

එක ඇසකින් බලනවිට ඔහොම පෙනෙනවා. ඇයි සත්වයින්ට ඇස්දෙකක් හා කන් දෙකක් තිබෙන්නේ තිබෙන්නේ කියා දන්නවාද?

:       0       0

චමින්දFriday, 18 January 2019 05:52 AM

සපුමල් හරි. පසුගිය කාලයේ කඩින්කඩ පළාත්සභා පවත්වන විට එය ජනමතය නියම ලෙසින් නියෝජනයක් නොවන බව පෙන්වීමට කිසිවෙකු සිටියේ නැහැ. මැතිවරණයක් කඩින්කඩ තියෙනවිට පෙර තත්වයටම කැමැත්ත දෙනවා මිස කිසිවෙකු වෙනස් කරන්න යන්නේ නැහැ. පලාත්පාලන මැතිවරණයේදී සමහරක් දෙනා මෙය පාර්ලිමේන්තුව වෙනස්කරන මැතිවරණයක් කියද්දී එම ප්‍රකාශ වැරදියි කියන්නත් කිසිවෙකු හිටියේ නැහැ. ඒ වාගේම පසුගිය කාලේ මැතිවරණ තියන්න කියා කෑගැසූ එන්.ජී.ඕ ලොක්කෙකුට ලොකු තැනක් ලැබුණ නිසාද මෙයත් කෑගහන්නේ.( මැතිවරණ අවස්ථාවල රටේ සංවර්ධනයක් නොවන බවත් ජනතා මුදල් කෝටි ගණන් නාස්තිවෙන බවත් කිසිවෙකුට නොදැනෙන්නේ ජනතාවගේ මොන පවටද තෙරෙන්නේ නැහැ)

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 95 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 2 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 229 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 535 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1102 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 207 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site