IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මැතිවරණය තියන්න බෑ - කොමිසම ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රටේ පවතින වත්මන් තත්ත්වය  මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) තෙවැනි දිනයටත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව දැනුම් දෙනු ලැබීය .

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය අංශ වලින් යහපත් ප්‍රතිචාරයක් හා මාර්ගෝපදේශන මාලාවක් ලැබෙන තෙක් මැතිවරණයක්  පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් කීය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස දින 70 ක් ඇතුලත  ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම් පිළිබඳ විභාගය තවදුරටත්  පැවැත්වෙයි.



අදහස් (26)

මැතිවරණය තියන්න බෑ - කොමිසම ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

max Wednesday, 20 May 2020 08:14 AM

දී කිරට බළල්ලුත් සාක්කියි.

:       1070       274

සුරවීර Wednesday, 20 May 2020 09:23 PM

හරියට හරි. ඔය යල් පැනගිය පාර්ලිමේන්තු ක්‍රියාවලිය මේ රට විනාශ කරා.සියලු මැතිවරණ එපා. මේ යන විදිහට යං. අවුරුදු 10 න් රට ගොඩ. අධිකරණය එම ඉල්ලීම අනුමත කළොත් ඒක රටේ ජනතාගේ වාසනාව.

:       13       2

nimalWednesday, 20 May 2020 09:42 PM

රටේ මිනිස්සු එදාවේල හොයාගන්න බැරිව ලතවෙනවා. මැද පන්තිය අතේ තියෙන සල්ලි වලින් තව මාසයක් කරන්න පුළුවන් වෙයි ඒකත්... ඒ අස්සේ පඩිදෙන අයගෙනුත් ඒක කපාගන්න හදනවා. මෙහේ කතාව මැතිවරණ තියන්න... ඉහළ පෙලේ දේශපාලඥයෝ ලෝකෙ තියෙන තරම් හොඳ මාස්ක් සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරනවා. ගෙවල්වලින් එළියට බහින්නේ නැහැ. රටේ මිනිසුන්ව බිල්ලට දිලා තවත් වලට ඇද දාන්න හදනවා..

:       0       25

kalpa senadhira Wednesday, 20 May 2020 08:38 AM

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමට හිසනමා ආචාර කරමි. ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි කෙළින් කීම ගැන. මොකද අද වන විට කොරෝනා ආසාධිතයින් 1027 කින් වැඩිවෙලා. තව සති දෙක තුනක් යනවිට මේක මීටත් වඩා වැඩිවෙයි. පළමුව මිනිස්සු ගැන හිතන්න ඕනේ. රටක් තියෙන්නේ මිනිස්සු ඉදලනේ.

:       656       2091

kamal KoyralaWednesday, 20 May 2020 10:44 AM

ආචාර කරන්න දෙයක් නැහැ.. උපන්දින තෑගි දෙන්න ගිහින් කොළේ ඉරාගත්තා. අධිකරණයේ ස්වාධීනත්වය නිසා බේරගත්තා...

:       2       27

ටෝනි බ්ලෙයාර් Wednesday, 20 May 2020 09:40 PM

තව මාස 3 ක් ඔහොම අදිමු. එතකොට කුණු පාර්ලිමේන්තුව මුලු රටටම අමතක වෙලා යනවා. ඊට පස්සේ නීත්‍යානුකූලවම පාර්ලිමේන්තු ක්‍රියාවලිය අහෝසියි. එතකොට 1815ට පෙර තිබූ රාජාණ්ඩු ක්‍රමය බලාත්මක වෙනවා. එතකොට අපේ රජා ගෝඨාභය රාජපක්ෂ රජතුමායි. ඒ කාලේ වෙනකොට ජනාධිපතිතුමා කියපු විදියට ශ්‍රී ලංකාව ලෝකයේ සියලු ජාත්‍යන්තර සංවිධාන වලින් ඉවත් වෙලා ඉවරයි..

:       0       1

Samitha Senaka Aluthgamage. Wednesday, 20 May 2020 08:41 AM

කිසිදු දේශාපාලනයකින් තොරව නිදහස්ව සිතුවොත් මේ වෙලාවේ මැතිවරණය තියන්න බෑ. තවමත් කොළඹ ඇදිරිනීතීය. රට සාමාන්‍ය අතට හැරෙමින් තියෙනවා. ටිකක් පහුවෙලා චන්දය තිබ්බම ජනතාව තමන්ට කැමති රජයක් තෝරා පත්කර ගනිවී. කවුරු දිනුවත් අප ජනතා තීන්දුවට හිස නමනවා.

:       5       347

darshana kumarappeli Wednesday, 20 May 2020 08:42 AM

මිනිසුන්ටනම් හදිසි තත්වය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැති අයට තමා නැත්තේ.

:       2       252

Kamal KoyralaWednesday, 20 May 2020 10:40 AM

මහජනතාවට අවබෝධය තියෙනවා.. නැකත්, උපන්දින සර්ප්‍රයිස් දෙන්න ක්‍රියා කළේ කවුද? දැන් සේරම වගකීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් පටවන්නේ...

:       1       38

Ratne Wednesday, 20 May 2020 08:50 AM

කලින් කිව්ව විදියට දින 35 ක් වගේ කාලයක් අවශ්‍ය බව වුවත් දැන් ඒක දින 70 ක් වුණේ, විකෘති ජන මතයක් සහිත පැවති කාලකණ්ණි පාර්ලිමේන්තුවම නැවත ගෙන්වා ගැනීමට උල්පන්දන් දීමක් ද?

:       697       353

නිම්මි.Wednesday, 20 May 2020 09:19 AM

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් දෙන නිර්දේශ මාලාව මත තමා දින ගණනන තීරණය වෙන්නේ.

:       2       189

නිශ්ශංකWednesday, 20 May 2020 09:24 AM

දවස් තිස්පහෙන් මැතිවරණයක් තියන්න ඇමරිකාවටවත් බෑ. තැපැල් ඡන්ද ලැයිස්තු හදන්නම සතිතුනක් යනවා. ඒ නිසා මෝඩ කතා කියන්න එපා...

:       0       109

Ananda Wednesday, 20 May 2020 08:51 AM

ඔබලා කවදද වැඩක් කළේ?

:       148       9

නිම්මි. Wednesday, 20 May 2020 09:20 AM

සත්‍ය වශයෙන්ම මුල සිටම මැතිවරණ කොමිසම මැදිහත්ව ඍජු තීරණ ගැනීම නිසා තමයි අදටත් වසංගතය පාලනය වෙලා තියෙන්නේ.

:       1       1

අතපත්තු Wednesday, 20 May 2020 09:22 AM

කෝ මේ විමල් වීරවංශ? උපවාසයක් වත් කරන්නෙ නැද්ද ඔයා?

:       0       74

Lakmal Wednesday, 20 May 2020 09:44 AM

තැබෑරුම් වසනතුරු මැතිවරණය තියන්න නොලැබේවා... අරක්කු , සල්ලි වියදම් කර තැබෑරුම් කාරයින්ට පාර්ලිමේන්තු එන්න නොලැබේවා...!!!

:       0       87

ඡන්ද තාච්චිය Wednesday, 20 May 2020 09:47 AM

අප්පච්චිගේ අගමැතිකමටත් කණකොකා හඬලනවා වගෙයි. ...පව් අනේ, හාල්පාරු ඇමැති සෙට් එක. ….අකුලගෙන යන්ඩ වේවිද මන්දා.

:       415       698

ramaWednesday, 20 May 2020 11:01 AM

ඔබ කියන්නේ ඉස්සර හිටිය ඇමැති සෙට් එක දැන් ඉන්න කෙනාට වඩා හොඳයි කියලද? රටේ ආරක්ෂාව නැති කළ ඒ ඇමැති මණ්ඩලය නම් රටට වැඩක්ම නැහැ.

:       42       110

මොහාන්Wednesday, 20 May 2020 11:23 AM

දරුවන්ට අරක්කු පොවලා තැබෑරුම් කාරයන් සතුටු කරන්න ගිය අප්පච්චිට හොඳ වැඩේ...

:       68       280

සිරි බිරිස් Wednesday, 20 May 2020 10:12 AM

කට්ටියක් දැන් මෙතන යකා නටයි.

:       0       24

සුරේන් Wednesday, 20 May 2020 10:15 AM

මේ වෙලාවෙ මැතිවරණයක් ඉල්ලන්නෙ මෝඩකමට මිස වෙන මොකටද? රැවුල ගිනි අරන් තියන වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න හදන අවස්ථාවාදී මිනිස්සු.

:       12       105

චන්දන Wednesday, 20 May 2020 06:26 PM

මාගේ නිවසේ නැතහොත් පවුලේ සාමාජිකයකු දරුණු අසනීප තත්වයකින් පෙලේ. එකල්හි මා හට විභාගයකට මුහුණ දීමට සිදුවේ. නැතහොත් මා හට රැකියාවක් සඳහා පරීක්ෂණයකට යාමට සිදුවේ. නිවස ඉදිකිරීමට සිදුවේ. බණක් දානයක් උපන්දින සාදයක් පැවැත්වීමට සිදුවේ. අත්‍යාවශ්‍ය කාරණයකට විදෙස්ගතවීමට සිදුවේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිදුවේ. දරුවකු ඉපදීමට දින නියම වී ඇත. සාමාජිකයයාගේ අසනීපය හේතුවෙන් සියල්ල අතහැර දැමුවහොත් සමස්ත පවුලම ආගාධයට වැටේ. පවුලම පිරිහීමට පත්වේ. එම පිරිහීම නිසාම ඇතැම් විට රෝගියාට ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් රෝගියාගේ මරණය වුවද සිදුවිය හැකිය. කරදර වැඩි වේ ප්‍රශ්ණ වැඩි වේ. එහෙත් රෝගියාගේ කටයුතු කෙරෙහිද අවධානය යොමු කරමින් අනෙකුත් කටයුතුද සමබරව කරගෙන ගියහොත් දියුණු විය හැකිය. එම දියුණුව හේතුවෙන්ම ආර්ථිකය යහපත් වී රෝගියාට වඩා හොඳ ප්‍රතිකාර ලබා දිය හැකිය. තීරණ දෙකෙහිත් ප්‍රතිඵල වලත් වෙනසක් ඇත. දරුවා ලැබීමට දින නියම වී තිබියදී මෙම තත්වය මත දරුවාගේ ඉපදීම හොඳ නැතැයි කියා වෛද්‍යවරයා එම දින මග හැරීමට කටයුතු කල හොත් දරුවාගේත්, මවගේත් ජීවිත වලට භයානක අනතුරක් සිදුවිය හැකියි නේද? මේකත් ඒ වගේමයි.

:       142       0

අතපත්තු Thursday, 21 May 2020 08:39 AM

නෑ. මේක ඔයාගේ ගෙදර නොවෙයි. මේක අපේ රට... ඒ නිසා ඔයාට ඕන ඕන විදියට මෝඩවැඩ කරන්න බෑ. ලෝකෙටම බලපාන වසංගතයක් තමුන්ගේ ගෙදරට ලඝු කරලා හිතන එකෙන්ම තේරෙනවා කොච්චර පටු චින්තන වපසරියක්ද තියෙන්නේ කියලා...

:       0       129

sarathFriday, 22 May 2020 06:00 AM

ඔයා එහෙනම් ගෙදරට වෙලා ලොක් ඩවුන් කරගෙනම ඉන්න..

:       19       45

චන්දනSunday, 24 May 2020 07:57 PM

වැලි කැටය කැටය එකතු වෙලා වැලි කන්දක් හැදෙනවා. වැලි වල ස්වභාවය වැලි කන්දෙන් තීරණය කළ හැකියි. ජලය බින්දු බින්දු එකතුවෙලා මහ ගංගා හැදෙනවා. ජල බිංදු මඩ පාට නම් ගංගාවත් මඩ පාටයි. ජල බිංදු පිරිසුදුයි නම් ගංගාවත් පිරිසිදුයි. ඒ වගේ තමයි පවුලු පවුල් එකතුවෙලා ජන කොට්ටාශයක් හැදෙනවා. එතනින් ගම, නගරය, දිස්ත්‍රික්කය, පළාත රට. පවුල් ඒකකයන් (කුටුම්භයන්) සංවර්ධනය වුනොත් ඒක රටේම සංවර්ධනයට බලපානවා. පවුල් ඒකකයන් පිරිහුනොත් ඒක රටේම පරිහානියට හේතු වෙනවා. මම කතා කලේ මගේ ගෙදර මගේ පවුල ගැන විතරක් නෙවෙයි. සමස්ත පවුල් ඒකකයන් ගැනයි මම කතා කළේ. කියපු විදිය නොතේරුනානම් සමාවෙන්න.

:       0       27

වාසනා Wednesday, 20 May 2020 09:25 PM

හරියට හරි. ජනාධිපතිතුමාට කැමති කාලයක් ඔහොම රට කරකරගෙන ගියාවේ.

:       99       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 344 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 82 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 57 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 563 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 603 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1008 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site