IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බියර් අඩු කිරිමේ තින්දුවේ වෙනසක් නැ

(රංජන් කස්තුරි) 
 
බියර් හා වයින් සඳහා බදු අඩු කිරිමේ තින්දුවේ වෙනසක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යවරයා කියයි.
 
මත්පැන්වල අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය මත බදු අය කිරිම ජාත්‍යන්තර ක්‍රමවේදයක් වන අතර එමගින් බදු දැල ශක්තිමත් වන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.



අදහස් (30)

බියර් අඩු කිරිමේ තින්දුවේ වෙනසක් නැ

sarath Tuesday, 14 November 2017 03:19 PM

බදු දැල ශක්තිමත් වන අතරම ඇති බහුතරය බියර් පානයත් සමග ඔවුන්ගේ දියවැඩියාවද ශක්තිමත් වනු ඇත.

:       382       547

dineshTuesday, 14 November 2017 11:45 PM

මත්පැන් වලට ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. මිල වැඩි කලත් ඉල්ලුම අඩුවන්නේ ඉතා සුළුවෙනි. ඒ නිසයි සිගරට් , මත්පැන් වැනි දේ සඳහා හැමදාම රජයන් බදු වැඩි කරන්නේ. එසේම ඒවායෙහි මිල අඩු කළත් ඉල්ලුම වැඩි වන්නේද ඉතා සුළුවෙනි.

:       0       56

Don Tuesday, 14 November 2017 03:37 PM

අකමැති අය ටික දෙනෙක් මොනවා කිවුවත් බොන අපි කැමතියි මිල අඩු කලාට ..

:       103       429

Lal Tuesday, 14 November 2017 03:46 PM

බියර්වලින්ම පටන්ගන්න එක හොඳයි. වැඩිය සැරකුත් නැහැනේ.

:       65       140

Bamunuarachchi Tuesday, 14 November 2017 04:22 PM

අසව් අසව් ඔන්න බියර් පානයෙන් දියවැඩියාව හැදෙනවලු

:       222       163

rohana Tuesday, 14 November 2017 05:00 PM

අනේ ඇමතිතුමෝ ඔන්න ඔය කියන එකේ ඔන්න ඔහේ වැඩි කරලා දාන්න.

:       54       4

lusena Tuesday, 14 November 2017 05:52 PM

කොහේටවත් නැති තීරණයක් තමයි අයවැයේ බියර් මිල අඩුකිරිල්ල.

:       208       9

රොෂාන් Tuesday, 14 November 2017 07:07 PM

බියර් ටිකක් වත් අඩුවට බොන්න පින නැති කාලකන්නි අමනයෝ ඉන්න රටක් මේක. මුන්ට ගැලපෙන්නේ බියර් නෙමේ, ....

:       1       3

mahee Tuesday, 14 November 2017 07:57 PM

පොතේ හැටියට හිතනවා නම් කිසිම මත් පැනක මිල අඩුකළ යුතු නැහැ. නමුත් ප්‍රායෝගික ලෝකයේ සැර අධික මත්පැන් පාලනය කරන්න සැර අඩු බියර් වයින් වැනි දේ මිල අඩු කිරීම සුදුසුයි කියලයි මං නම් හිතන්නේ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා රා මැදීමේ බලපත්‍ර ක්‍රමයක් යෝජනා කලෙත් මේ වගේ තත්වයක් තුල. නමුත් අපි හරිම සදාචාර සම්පන්න ජාතියක් හින්ද පුළුවන් තරම් විරුද්ධ වෙලා ඒ යෝජනාව ඉවත් කෙරෙව්වා. මේකටත් සදාචාර විරෝධයක් දාල අහකට තල්ලු කරවමු. ඊට පස්සේ ගල් කසිප්පු ගගහ සදාචාරය වර්ධනය කරමු.

:       0       11

layman Tuesday, 14 November 2017 11:03 PM

රටේ ජනගහන අනුපාතයට සිටියුතු අමත්වරුන්ගේ සන්ක්යාවට ජාත්‍යන්තර ප්‍රමිතිය කුමක්ද? . ලංකාවේ අඑව බලන්නේ නැත්ද ?

:       0       3

prakaash Wednesday, 15 November 2017 12:16 AM

මෙයා මේ රට විනාශ කරන්න හොර ගිවිසුම් ගහපු එකෙක්.මු දැන් කරන්නේ සුරාවෙන් මත් වූ ජාතියක් ඇති කරලා මුන්ගේ හොර කුමන්ත්‍රණ,ජාවාරම් කරගෙන යාමයි.මේ ද්‍රෝහීන්ව පලවා හැරිය යුතුය.

:       0       0

rocky Wednesday, 15 November 2017 12:58 AM

බියර් මිල අඩු කිරීම ගැන විරෝධය දක්වන්නේ ඕනෑම දේකට විරුද්ධ වීමේ විනෝදාංශය කර ගත්, කවදාවත් බියර් නොබීපු, ඒවාගේම බියර් කියන්නේ මොනවද කියල වත් නොදන්නා අපතයන් පිරිසක් බවයි පෙනෙන්නේ. මේ සොච්චම් කාරණයක් අල්ලාගන රට පෙරලන්න හදනවා, ඊට වඩා කතාකලයුතු බැරෑරුම් දේවල් ඕන තරම් තියෙද්දී. මම බීර විතරක් නොවෙයි, මත් පැන් සාමාන්‍යයෙන් පානය කරන කෙනෙක්. ඒකෙන් මෙච්චර කාලයක් නම් සමාජයට වෙච්ච කිසිම හානියක් කරදරයක් නැහැ. ඇමති තුමෝ, මේ කරච්චල කාරයන්ට බම්බු ගහන්න කියලා, පුළුවන් නම් අරක්කු වල මිලත් අඩු කරන්න.

:       0       105

rohana Wednesday, 15 November 2017 02:54 AM

බමුණුආරච්චි වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති කෙනෙක් වගෙයි. බියර් වලට දියවැඩියාව හැදෙනවා තමයි.

:       11       2

palitha Wednesday, 15 November 2017 03:08 AM

වැඩි කරපු දේවල් වල ගැන අඩු කරන්නේ නැතිනම් චන්දය දීමේ තින්දුවෙත් වෙනසක් නැති බව සලකන්න.

:       0       4

Nana Wednesday, 15 November 2017 03:41 AM

වස කසිප්පු බොනවට වැඩිය හොඳ නැත්ද ? මංගල කෙලින් ඉන්න එක හරි.

:       1       20

Ajith Wednesday, 15 November 2017 03:45 AM

උදේ හවස පන්සිල් ගන්න අය මේ ගැක කලබල වෙන්න හොඳ නෑ..

:       0       5

NANA Wednesday, 15 November 2017 03:45 AM

ඉතා හොඳ තීරණයක්. තද මත්පැන් හා කසිප්පු පාවිචිය අඩුවේ. බීර් බීම වැඩිවේ. මේක තේරුම් ගන්න බැරිද ? බීයර් හානියට වඩා වකුගඩු වලට හොඳ බීමක්.

:       0       0

Nuwan Wednesday, 15 November 2017 03:54 AM

ජය වේවා තුමනි......

:       0       7

ධම්ම Wednesday, 15 November 2017 04:06 AM

මිනිසුන් ඉල්ලන දේ කොතෙකුත් තිබියදී මිනිසුන් නොඉල්ලන දේ බලෙන් දෙන්න හදන්නේ ඇයි ඇමතිතුමෝ.

:       0       1

Dilanthi Wednesday, 15 November 2017 04:07 AM

කසිප්පු පෙරීම විකිණීම නවත්වන්නේ නැතිව බියර් මිල අඩු කරලා කසිප්පු රා නවත්වන්න බෑ.

:       0       0

upali Wednesday, 15 November 2017 04:11 AM

ඔබතුමාගේ කෙලින් තීරණයට අපේ ආචාරය..

:       0       24

Praba Wednesday, 15 November 2017 04:39 AM

මතට තිත තැබුවට ඔබට තුති.

:       2       3

suranga Wednesday, 15 November 2017 05:09 AM

හොඳ තීරණයක්

:       0       19

sandun Wednesday, 15 November 2017 05:16 AM

එල ඇමතිතුමෝ එල

:       0       13

thilath Wednesday, 15 November 2017 05:16 AM

කස්සිපු බොනවට වැඩ රුපියල් 100 දීල බීර් බීම ඇඟට ගුණ . බොනෙය් නැති අය පොඩ්ඩක් අන්තර්ජාලය ගිහින් බලන්න බියර් වල ගුණ .

:       0       21

lal Wednesday, 15 November 2017 07:54 AM

1970-77 සිරිමා රජයේ මුදල් ඇමැති එන්.එම්. පෙරේරා පනත ගෙනත් ඒකෙන්ම එ් ආණ්ඩුව ගෙදර යැවූවා. මේ ගොල්ලොත් ඒකම කරගන්නවා.

:       0       0

rocky Wednesday, 15 November 2017 10:14 AM

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැති එන්. එම්. ඉදිරිපත් කරපු බජට්ටුවකින් එකවරම සිගරට් මිල අඩු කරපු අවස්ථාවේදී කවුරුවත් විරෝධය දැක්වුයේ නැහැ! ඒ කාලේ මේ හාමුදුරුවරුන්ට නින්ද ගිහිල්ලා තිබුණද?

:       0       0

Bamunuarachchi Wednesday, 15 November 2017 01:46 PM

රෝහණ, මම ගිය ඉස්කෝලේ බියර් දුන්නේ නැහැ. මම දන්නා හැටියට හා අත්දකින විදිහට බියර් බීම දියවැඩියාව තිබෙන අයට හොඳනැත. බියර් වලට ලේවල සීනි නැගීම සිදුවේ. නමුත් සැර මත්වතුර වලට එසේ සිදුනොවේ. මම අත්දැකීමෙන්ම දන්නවා. මේ සම්බන්ධව දැනට අවුරුදු 15 කට පෙර ලංකාවේ ප්‍රසිද්ධ හෘදරෝග විශේෂඥ දොස්තර කෙනෙක් ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියා තිබුණි.

:       0       0

rocky Thursday, 16 November 2017 07:21 AM

බමුණු මහත්තයෝ, ඔබ ඔය ගැන අත්දැකීමෙන් දන්නේ ඔබත් නප්පියට බියර් ගහලා දියවැඩියාව හදාගෙන ඉන්න නිසාද? අවුරුදු 15කට ඉස්සෙල්ලා නොදන්නා හෘද රෝග විශේෂඥයෙක් කරපු ප්‍රකාශ සමහරවිට යල් පැනලා තියෙන්න පුළුවනි. හනමිටි වගේ ඔය බමුණු මත කරගසා ගැනීම සුදුසු නැහැ.

:       0       0

lal Thursday, 16 November 2017 02:15 PM

සිරිමා මැතිණිගේ ආණ්ඩුවේ මුදල් ඇමති රා-පනත ගෙනත් ඒ රජය අමාරුවේ දැම්මා... පරණ අයට මතක ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 291 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 166 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 318 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 747 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1391 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 237 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site