(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙස්ලි මහතා මෙරට සංචාරයක යෙදීමට ඉකුත් රජය සමයේදී විදේශ කටයුතු අමාත්‍යංශය මගින් නියමිත ක්‍රමවේද උල්ලංඝණය කරමින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැය කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙන බව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් දෙදෙනකු මෙම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා මගින් නයිජීරියාවේ ඉන්ධන සමාගමක් සම්බන්ධ කරගෙන කිරීමට ගියේ යැයි කියන ඉන්ධන ගනුදෙනුවක් ගැන ද සොයා බලන බව ඇමැතිවරයා කීය.
නයිජීරියාවේ සිද්ධිය බරපතළ එකක් බව කී මාරපන මහතා ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යංශ ලේකම්වරයාට පවරන බවද ප්‍රකාශ කළේය.
මාරපන මහතා මේ බව පැවැසුවේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ පිළිබඳව ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව සම්බන්ධයෙන් පැවැති විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවස්ථා ගණනාවකදී මෙරට සංචාරය කර ඇති බවත් ඔහුට සුපිරි හෝටල් වෙන් කිරීම හා හෙලිකොප්ටර් ගමන් වෙනුවෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැය කර ඇති බවත් බිමල් රත්නායක මහතා මේ යෝජනාව ඉදිරිපත් කරමින් පැවැසීය.
මේ සංචාරවලින් රටට ලැබුණු කිසිවක් නැතැයිද ඔහු කීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බ්‍රිතාන්‍ය මන්ත්‍රීට මුදල් වෙන් කිරීම ගැන පරීක්ෂණ