IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බස්නාහිර ලක්ෂ හයේ පුටු ගනුදෙනුව සම්පූර්ණයෙන් නවත්වන්න යයි

මුදිතා දයානන්ද
 
බස්නාහිර පළාත් සභාවේ නව සභාගර්භයට ඇණවුම් කර තිබෙන රුපියල් 644,000 සේ  පුටු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක්‍රියාවලියේදි අක‍්‍රමිකතාවයක් සිදුව ඇති බැවින් එම පුටු ගෙන්විම සම්පුර්ණයෙන්ම නැවැත්වීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ආරංචිමාර්ග වලින් පැවසේ.
 
ඇණවුම අත්හිටුවීමෙන් යම් පාඩුවක් සිදුවන්නේ නම් එම පාඩුව එයට සම්බන්ධ වූවන්ගෙන් අය කිරිමටද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමුවි තිබේ.
 
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ දෝෂ ඇතැයිද ඒ දෝෂ නිවැරදි කරගැනීම සඳහා ඊට අදාල පාර්ශ්වයන් ගෙන්වා වැඩිදුරටත් ප‍්‍රශ්න කිරිමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාර හේමකුමාර මහතා කමිටු වාර්තාව ගැන අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා තිබිණ.
 
ඒ අනුව කළ වැඩිදුර සොයා බැලිමේදි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ දෝෂයක් ඇත්දැයි සොයා බැලීමට අද (11) දවස පුරා අංශ කීපයකට සම්බන්ධ නිලධාරින් හා මහජන නියෝජිතයන් ගෙන්වා සාකච්ඡා කිරිමටද ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත. බස්නාහිර පළාත් සභාවේ ගෘහ කාරක සභාව, සභා කටයුතු කාරක සභාව, අමාත්‍ය මණ්ඩලය කැඳවා සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව අද මේ අවස්ථාව වන විටත් පුටුගැන සෙවීමට පත්කළ කමිටුවත්න සභාවේ නීති අංශයත් කැඳවා හේමකුමාර නානායක්කාර මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
 
පුටු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේදි අක‍්‍රමිකතාවයක් සිදුව ඇති බවත් ඒ අනුව පුටු ගෙන්වීම සම්පුර්ණයෙන්ම නැතැත්වීමට තමන්ගේ අවධානය යොමුව ඇති බවත් දැනට ඇණවුම් කර ඇති පුටු ගෙන්වීම නැවැත්වීමේදී අදාල ආයතනයට ගෙවීමක් කරන්නට සිදුවුවහොත් එයින් ඇතිවන පාඩුව මෙම පුටු ගෙන්වීමට කටයුතු කළ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා මෙම සාකච්ඡාවලදී පවසා ඇති බවටද දැනගන්නට තිබේ.     
 
බස්නාහිර පළාත් සභාවේ සභා ගර්භයට එක් පුටුවක් රුපියල් 644,000 බැගින් වන පරිදි පුටු 104ක් විදේශ රටකින් ගෙන්වීමට සූදානමක් ඇති බවත් ඒ ගැන සොයා බලා එම ගනුදෙනුව වහාම නවත්වන ලෙසත් ඉල්ලා පසුගිය මස 09 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත යොමු කරන ලද ලිපියකට අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. 



අදහස් (11)

බස්නාහිර ලක්ෂ හයේ පුටු ගනුදෙනුව සම්පූර්ණයෙන් නවත්වන්න යයි

maheshika Tuesday, 11 September 2018 02:25 PM

දැන් එතකොට මේ අයම යෝජනා කරලා වැඩේ අවුල් වුනාට පස්සේ ඒ අයම කමිටු පත්කරනවා. හොරු අල්ලන එක හැර වෙන වැඩක් නැද්ද?

:       1       85

OMG Tuesday, 11 September 2018 03:29 PM

බලමු ඔබතුමා එහෙම කරයිද කියලා. අනිත් එක අපි කොහොමද දන්නේ පාඩුව මෙම පුටු ගෙන්වීමට කටයුතු කළ පාර්ශ්වයන්ගෙන් අය කර ගනීද කියලා. නැතිනම් අපේ සාක්කුවට විදීයිද කියලා.

:       0       75

Bamunuarachchi Tuesday, 11 September 2018 04:24 PM

අනේ අල්ලක් වැනි පුංචි රට 1956 කාලයේ පාලනය වුනේ අග්‍රාමාත්‍ය ආණ්ඩුකාර ඇතුළු ඇමතිලා 20 කින් පමණ. දැන් ජනාධිපති, අගමැති, මහා ඇමතිලා 9යි, ආණ්ඩුකාරවරු 9 යයි, ඇමතිලා මන්ත්‍රීලා විශාල ප්‍රමානයකුයි ඉන්නවා. ඔවුන් ලබා ගන්නා සැප පහසුකම්, මේවා රටක උසුලන්න බැරි වියදම් නේද?

:       0       120

විජිත්Tuesday, 11 September 2018 05:55 PM

ඔබගේ අදහස සම්පුර්ණයෙන්ම නිවැරදියි. අපිට සාපේක්ෂව ධනවත් බලවත් රටක් වන එංගලන්තයේ පාර්ලිමේන්තුවේවත් සැප පහසු තනි පුටු නැහැ. තියෙන්නේ රෙක්සින්වලින් කුෂන් කරපු දිග බැංකු වැනි සමුහ ආසනයි .

:       0       99

BamunuarachchiTuesday, 11 September 2018 06:10 PM

එංගලන්තයේ ලෝඩ්වරු වාඩිවෙන්නේ එහෙමනම් මේ අයට ලී බංකු හොඳටම ඇති.

:       0       92

විජිත්Tuesday, 11 September 2018 08:47 PM

ලී බංකුත් හොඳ වැඩියි මේ අයට ...බිමට ගෝනි දාලා ඉඳගන්න කියමු.

:       0       0

Wade mudalaaliWednesday, 12 September 2018 12:33 AM

පූජනීය ස්ථානවල සිටි ඇබිත්තයන්ට සමහර තනතුරුවලට පත්වුණාම හිතන්නේ ශක්‍රයගෙ වගේ ආසනේ ලබාගන්නයි.

:       0       0

JahamanayaWednesday, 12 September 2018 06:54 AM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....

:       0       0

dias Wednesday, 12 September 2018 01:41 AM

මෙවැනි දේ බොහෝ තුන්වැනි ලෝකයේ රටවලින් අසන්නට ලැබෙන දෙයකි. ඊට හේතුව නම්, මේ බොහෝ මහජන නියෝජිතයින් මේ තනතුරු වලට පැමිණීමට පෙර එතරම් ධනවත් නොවන අතර, ඔවුන් තනතුරු වලට පැමිණි විගස ඔවුන් කරන්නේ මහජන මුදලින් හැකිතාක් දුරට සැප විඳීමට තැත් කිරීමයි.

:       0       1

tikiri Wednesday, 12 September 2018 04:54 AM

අපරාදේ ඔය වැඩේ නවත්වපු එක . දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියෝ පාවිච්චි කරන ජාතියේ පුටු තමයි ඔය ගෙන්නන්න හැදුවේ රටේ කොහේ හරි කුමන හෝ ප්‍රශ්නයක් ඇතිවුන විටදී කරන්ට් එකක් වදින්න තමයි ඔය පුටුව හදල තියෙන්න . ඒ වගේම මොනවා හරි දුශ්චරිතයක් කරලා ඇවිත් ඔය පුටුවේ වැඩි වෙන්න බැරි තරම් ඕව රත් වෙනවලු .

:       0       1

රවින් Wednesday, 12 September 2018 10:12 AM

බරපතල අපරාධයක් වෙන්නයි යන්නේ... මොළ ටික තැලෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 53 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1089 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1939 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2163 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1088 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1036 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site