IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක්

බිඟුන් මේනක ගමගේ
 
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත.

 
මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත් ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.
 
පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
 



අදහස් (56)

බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක්

Raveendra Thursday, 09 August 2018 03:27 PM

කැරට් 24 රත්තරන් ආලේප කරලා ඇති සෑම පුටුවකටම. අවසාන ප්‍රතිපලය වන්නේ මේ තේරී පත්වෙච්ච අයත් අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් ජීවිකාව ගැටගසා ගැනීම නොවේද

:       2       321

abaranFriday, 10 August 2018 12:54 AM

මට හිතෙන්නේ රත්තරන් ආලේප කරලා ගන්ට ඕන පුටුවට නෙවෙයි ......මුං හිතන් ඉන්නේ ජනතා ඡන්දයෙන් මුන්ව දිව්‍යලෝකේ ඇරියා කියලා.. කොහොමටත් අපේ ජනතාව වෙනුවෙන් හඬක් නගන ඒ මන්ත්‍රීතුමාට උපහාරය...හිතට දුකයි මම ගිය වර ඡන්දය එතුමාට නොදුන් එක ගැන..

:       0       110

සමන්- ඕමානයFriday, 10 August 2018 08:08 AM

අඩු ගණනේ, ඇයි මේ ගොල්ලෝ හිතන්නේ නැත්තේ, ලංකාවෙත් හොඳ තත්වයේ පුටු නිෂ්පාදනය කරනවා කියලා? ලංකාවේ පුටු ගත්තා නම්, මීට වඩා ලාභයට, විදේශ විනිමය ප්‍රමාණයත් ඉතිරි කරගෙන, ලංකාවේ දේශීය නිෂ්පාදන වලටත් අත හිත දෙන්න තිබුනා නේද? රටට වැඩ කරන්න කැපවෙලා ඉන්න අපේ දේශපාලකයෝ!!! අනේ මගේ කට!

:       1       13

saliya Thursday, 09 August 2018 04:19 PM

ඉසුරින් පිරි, ඉසුරුමත්, දෙවියන් ප්‍රියකරන සභාවක්, මේ මහා පොළොවේ දුක් වේදනා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා නැතුවම බැරිය.

:       0       197

Samathasena A . Aluthgamage. Thursday, 09 August 2018 04:46 PM

වසර සියයකට අඩු කාලයක් ජීවත්වීමට ලැබී තියෙන දෙතිස් මහා කුණුපයෙන් පිරී තිබෙන අපගේ මේ කුණු කය වඩා හිඳුවීමට රුපියල් ලක්ෂ හයක පුටුවක්ද? දහම ගැන අපුරු දැනුමක් තියෙන මේ උදවිය ඒ දේ කරන්න වැය කරන මේ ලක්ෂ 624 රටේ අන්ත අසරණ මිනිස්සුන්ගේ යහපතට යෙදෙව්වා නම් මොන තරම් අගනේද ?

:       2       410

Chandima wijesundera Friday, 10 August 2018 10:28 AM

මේ මුදල් වෙන්කිරීමට මම නම් එකඟයි. සාමාන්‍ය පුටුවල වාඩිවෙලා ඒ අයගේ මොල තැලිල, හානි වුනොත් එ්කෙ පාඩුව මහජනතාවටයි. ඉතින් හොඳට කුෂන් තිබෙන සැප පිටු ඕනේ. අනේ මෙහෙමත් ගසාකෑමක්... මෙන්න මේ කාලකන්නින් වාඩිකරන්න හොඳ පං පැදුරු ටිකක් ගත්තානම් තමයි හොඳ...

:       0       6

manahara Thursday, 09 August 2018 05:37 PM

ජවිපෙ එකට මගේ ඡන්දය නොදීපු එක ගැන පසුතැවීමට එක් උදාහරණයක්.

:       43       577

ධනුෂ්කFriday, 10 August 2018 12:47 AM

මේ හෙළිදරව්ව මෑත කාලේ අාණ්ඩුවට ගහපු ලොකුම කනේ පාර ජ.වි.පේ අාණ්ඩුව එක්ක ඩීල් දානවා කියන අයගෙන් මම එතකොට මේ මොකද කියලා. පත් වූ දා සිට අාණඩුවට හොම්බෙන් යන්න පහර දුන්නේ ජ.වි.පෙ. හැබැයි තේරුම් ගන්න ජ.වි.පෙ යනු බල දේශපාලනයේ යෙදෙන පක්ෂයක් එහිදි යම් යම් තීරණ ගන්න වෙනවා. ඔවුන්ට යම් තක්සේරුවක් තියනවා. මම හිතනවා. එ.ජා.පය දේශපාලන භූමිෙන් අතු දමන්න ඔවුන් උත්සාහ කරනවා.පැරණි එ.ජා.ප ඡන්ද හේදිලා ගියදාට එය සිදු වෙනවා.

:       0       26

Bamunuarachchi Thursday, 09 August 2018 05:57 PM

අපි බදු ගෙවන්නේ මේ අයට සැප විදින්නද? එංගලන්තයේ ලෝඩ්වරුත් පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ එකිනෙකාගේ ඇඟේ වැදි වැදි. මේගොල්ලන්ට ලක්ෂ 6 පුටු.

:       0       234

erdi Thursday, 09 August 2018 06:47 PM

රටේ තුනෙන් දෙකකට හරියට වේලක් බඩට වැටෙන්නෙ නැතුව ඉන්දැද්දී මේවා අපරාද වැඩ.

:       0       154

ranavi Thursday, 09 August 2018 07:21 PM

මේ වගේ මිනිස්සු ඉන්න රටකද අපි ජීවත්වෙන්නෙ. තමන්ගේ රටේ බහුතරයක් වේලක් කාලා දෙකක් නොකා ඉන්න රටක පොඩි බලයක් ලැබුන ගමන් මේ වගේ නොහොබිනා වැඩ කරන අන්ත දුෂිත රටකවත් නැහැ. රටේ පාලකයෝ බලයට පොරකද්දී ඌරන්ට ජයමගුල් කිව්වලු.

:       2       263

PerakumFriday, 10 August 2018 04:13 AM

කලබල වෙන්න එපා දැන් ඉන්නේ කාන්තා නගරාධිපති කෙනෙක් කියන එක අමතක උනාද? මම නැවතත් කියනව. අපි දැන් බංග්ලාදේශය පරද්දල ළඟදීම ඉතියෝපියාව සෝමාලියාව දෙකම පරදන්න පුළුවනි. ඒක අනිවාර්යයෙන්ම වෙනවා.

:       0       22

AbiththayaaFriday, 10 August 2018 07:49 AM

නගරාධිපති නෙවෙයි මහ ඇමති නේද පළාත් සභාවේ ඉන්නේ.

:       0       0

indikaFriday, 10 August 2018 07:52 AM

අපි කාන්තා නියෝජනය 50% කරමු!!

:       0       0

රජින්ද Thursday, 09 August 2018 09:30 PM

දුෂණය නොව අන්ත දුෂණය රාජ්‍ය මට්ටමින් ප්‍රසිද්ධියේම එළිපිටම කරන එකම රට ලංකාව වන අතර ඒ දේවල් දෙස බලමින් එක එකාට බැන බැන අච්චර දුෂිත දෙස්පාලුවන්ව රකිමින් ඉන්න ජන්දදායකයින්ද සිටින එකම රටද ලංකාව වේ.

:       0       4

nihal Thursday, 09 August 2018 10:34 PM

62400000 වැය කරලා පුටු 104 ගන්න වෙලාවේ වැඩි පහසුකම් නැති පාසලකට ඩෙස් පුටු ටිකක් අරන් දුන්නනම් ඒ දරුවෝ හොඳින් ඉගෙන ගනීවි. ඒක ගොඩක් වටිනවා මේ මෝඩ වැඩේට වඩා. අඩුගානේ රටට වැඩක් වත් වෙනවා ඉදිරියට.

:       0       11

අසරණ රෝගියා Thursday, 09 August 2018 11:37 PM

බස්නාහිර පළාතේ රෝහල් වල අත්‍යාවශ්‍ය බෙහෙත් නෑ. සේවක මණ්ඩල බඳවා ගන්න සල්ලි නැතිලු. පුටු වලින් නම් යහ පාලනය දෝර ගලනවා.

:       0       4

Bamunuarachchi Thursday, 09 August 2018 11:53 PM

මේගොල්ලන්ට වාඩිවීමට දියයුත්තේ බංකු. රටට සත 5 වැඩක් ඇති ආයතනයක්ද මේක? සුද්දා මේ රටදිහා බලලා කොලෙන් පිහිදාන පැත්තෙන් හිනාවෙනවා ඇති.

:       0       7

රවින් Friday, 10 August 2018 12:02 AM

ගණන් හදලා බලන්න එක පාස්චත් ප්‍රදේශයකට කොමිස් කීයද කියලා ? අර ඌව පළාතේ ඇමති කීවාවගේ බල්ලන්ට මස් කටු දීලා වගේ.

:       0       1

Bamunuarachchi Friday, 10 August 2018 12:03 AM

මේ පුටුවල ඔලුවෙන් වාඩි උනත් පුටුවට කරන අවනම්බුවක්.

:       0       0

රවින් Friday, 10 August 2018 12:09 AM

කෝප් කොමිටුවට මේ කාරණය විභාග කර අල්ලස් හා දුෂණ කොමිටුවට ඉදිරිපත් කල නොහැකිද.?

:       0       3

lanka Friday, 10 August 2018 12:30 AM

කිසිම සැකයක් නැහැ 90% ක් සාක්කුවට, ගහන්න පුළුවන් හැම විදිහකින්ම ගහනව මේවට නිසි දඬුවම් දිය යුතුයි.

:       0       2

ධනුෂ්ක Friday, 10 August 2018 12:34 AM

මම හැමදාම හැමතැනම කියන්නේ. අපේ පාලකයන්ට මේ රට දියුණු කරන්න වුවමනාවක් නෑ. ඔවුන් එන්නේ සැප විඳින්න. රට දියුණු වෙලා ජනතාව උගත්, බුදධිමත්, ධනවත් වුනොත් මේ අට පාස් දේශපාලකයන් පසු පස නොයන බවත්. තුට්ටුවකට ගනන් නොගන්න බවත් ඔවුන් දන්නවා. හැබැයි ජනතාව දුප්පත් අසරණ වු විට එම ජනතාව අතර ඔවුන්ට රජුන් සේ වැජඹෙන්න පුලුවන්. හැම දේකටම ඔවුන් පසු පස යන බව දන්නවා. මේකයි අපට නොතේරන අැත්ත. මේවා එ්වගේ ලක්ෂණ.

:       0       0

S bamunuarachchi Friday, 10 August 2018 01:18 AM

ඒක සක්‍රදෙවියන්ගෙ පඩු පුල් ආසනය වෙන්න ඇති....... ඒකයි ඒතරම් ගණන්

:       0       0

dasa Friday, 10 August 2018 02:08 AM

අමු කැවිලද ?

:       0       0

Iqbal Friday, 10 August 2018 02:25 AM

පළාත් සභාවකද් මේ රටට අවශ්‍ය නොවෙන නමුත් ඒකෙන් වැඩි වාසි ලබා ගන්නේ දේශපාලකයන්.... මේ අනවශ්‍ය සභා ක්‍රමය අහෝසි කිරීමට ජේවීපී වගේ පක්ෂ ඉදිරියට පැමිණිය යුතුයි...

:       0       0

ප්‍රසන්න Friday, 10 August 2018 02:32 AM

මේවාට කතා කරලා රිදෙන්නේ අපේම කටවල්, ඒක හින්දා සද්ද වහලා ඉඳිමු හිටන්

:       1       0

Mahee Friday, 10 August 2018 02:36 AM

ඕනෑම මනුෂ්‍යයෙකුගේ වටිනාම ඉන්ද්‍රිය මොකක්ද? මොළය නේද? ඉතින් මේ කට්ටියගේ මොළය තබා ගැනීම සඳහා වටිනා කියන පුටුවක් ලබා ගැනීම වරදක්ද?

:       0       112

senarath Friday, 10 August 2018 02:59 AM

රටේ ඕනෙතරම් පාසල් තියෙනවා පුංචි එවූන්ට වාඩිවෙන්න ලී බංකුවක්වත් නොමැති, ඉස්පිරිතාල තියෙනවා අමාරු ලෙඩෙකුට ඉන්න ඇදන් නැතිව, අපි වෙනුවෙන් ජීවිතය පුජා කරපු රණවිරුවෝ ඉන්නවා ඇවිදගන්න බොරු කකුල අලුත්වැඩියා කරගන්න බැරිව, එහෙ නැත්නම් ඒකට ඕනේ කරන ජෙල් මේස් ගන්න බැරිව. මේ කිසිම වැඩක් නොකරන වාඩිවෙන්න ලක්ෂ 6 පුටු ගන්නවා.

:       0       62

sensa Friday, 10 August 2018 03:01 AM

පළාත් සභාව වහා විසුරුවා හැරීමට තරම් වරදක්. ආණ්ඩුක්‍රම වයවස්ථා උල්ලංගනයක්. අති බහුතර ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්.

:       0       0

udugama Friday, 10 August 2018 03:04 AM

මෙතන තියෙන්නේ තනිකරම හොරකම, මේවා අනුමත කරන එක උල තියලා මරන්න ඕන මේකට යුන්පි, ශ්‍රීලංකා ,පොහොට්ටු ඔක්කොම එකගවෙලා සුරසැප සොයනවා.

:       0       0

nihal Friday, 10 August 2018 03:11 AM

මේ වගේ තීරණ වලින් පෙන්නේ නොහැකියාවෙන් පෙලෙන නුගත් කපටි රැලක් ඒ සබාව තුල ඉන්න බවයි.

:       0       32

ලුම්බිණි Friday, 10 August 2018 03:44 AM

පුටු විතරක් නොවෙයි, මේ පළාත් සභා කියන්නේ තනිකරම මුදල් නාස්තියක්. මීළඟ මැතිවරනේදී ජවිපෙ කල යුත්තේ මේ පළාත් සභා නැති කිරීමට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමයි.

:       0       25

Buddhika Friday, 10 August 2018 03:49 AM

ජය වේවා කියාගෙන ආයෙත් පත් කරමු කාබසිනියෝ කාරයන් ටිකක්...

:       0       0

සඳුන් Friday, 10 August 2018 03:58 AM

මේ අයගේ මොලයට හානියක් වුනොත් වග කියන්නෙ මේ කොමෙන්ට් දාන අයද ?

:       0       0

ලක්වැසියා Friday, 10 August 2018 04:05 AM

පාප්පලා ටික එකතුවෙලා මේකත් සොමාලියාවක් කරන්නද හදන්නේ

:       0       3

Priyantha Friday, 10 August 2018 04:28 AM

මහ ඇමති තුමාට තව ඕනනම් වසර 2-3 ක් තියේවි. අප්පේ බලන්න එපැයි කාර්යාල කාමරයේ ආශ්චර්ය. රට සියළුම දෙයින් සුඛිත මුදිත වෙලා වගේනේ කට්ටියගේ වැඩ. රටේ මිනිස්සුන්ට අර රජ මාලිගාව පෙන්නුවා වගේ මේවත් පෙන්නන්න කියන්න පුළුවන් නම්. පව් අපේ රටේ මිනිස්සු !

:       0       5

ජයන්ත මිලානෝ Friday, 10 August 2018 05:06 AM

ජවිපෙ එක මන්ත්‍රී කෙනෙක් හෝ හිටියා මේ නැති නාස්තිය ගැන කියන්න. නැත්නම් මේ හැම දෙයක්ම පුරුදු විදිහට යටපත් වෙලා යනව. රටේ ඉදිරි අනාගත පරපුර ගැන හිතලාවත්, ඉදිරි මැතිවරණ වලදි බුද්ධිමත් තීරණ නොගතහොත් රට ඉතියෝපියාවක් වෙන විදිහ පිටරටවල සිට අපට බලාගන්න පුළුවන් .

:       0       7

Chandima Friday, 10 August 2018 05:35 AM

මේ වැඩේ තීන්දු කරපු අය මිනිස්සුද නැතිනම් වෙනත් වර්ගයක ජීවින් කොට්ටාසයක්ද යන්න වහාම හෙළිකරගත යුතුයි. මේ රට මේ වගේ විනාශයකට ගෙන යන්නේ මේ ජිව කොට්ටාසය තමයි. එංගලන්තේ එලිසබෙත් රැජිනගේ මංගල යහන සඳහා ඇඳ හදල යැව්වේ ලංකාවේ මොරටුවේ වඩු කර්මිකයෝලු. එහෙව් රටක අද ඉන්න කාලකන්නි කරන විනාසේ.

:       0       5

ඩිනූ Friday, 10 August 2018 05:36 AM

අපි හිස ආරක්ෂා කර ගන්නවා වගේ මුන් ආරක්ෂා කර ගන්න යන්නේ පශ්චාත් භාගය. දේශපාලකයාගේ මොලය ඇත්තේ පශ්චාත් භාගායේ කියලා අපිට සාදාරණ සැකයක් දැන් ඇති වෙලා තියෙනවා.

:       0       20

ද්ලිම් Friday, 10 August 2018 05:42 AM

අනේ මෙහෙම කාලකණ්නියෝ ටිකක්. ලක්ෂ 6 ½ පුටුව පශ්චාත් භාගය නෙමෙයිනේ මොලේනේ තියන්නේ. අර ප්‍රභූට පත්තරේ ගිහිං දීලවත් මේක නවත්තන්න කියන්න. අපිට ආයේ ණය දෙන එකකුත් නෑ මොන රටක් වත්. ලක්ෂ හයේ පුටුවල ඉදගන්න තරම් එවුන් ඉන්න රටකට මොන ණයද උන්ට බැරිය අනුන්ට ණය දෙන්න. අනේ නොදකින් මේ වගේ නායකයෝ දකින්න අපි පවු කලානේ බොලව්.

:       0       7

sameera Friday, 10 August 2018 06:15 AM

යන යන තැන සැප සම්පත් ලැබේවා කන බොන දේ බඩ පැලෙන්න ලැබේවා අදුර නසන්නට එළියක් ලැබේවා මැති ඇමැතින් හට හෙන ගෙඩි ලැබේවා.!

:       0       5

casmir Friday, 10 August 2018 06:18 AM

අපිවගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකෙටම ණය ගෙවනවා එත් මහන්තත්ත කම කොන්ද පන තියෙන එකේ මනුස්සයෙක්වත් නැද්දේ මේ නගර සභාවේ.

:       0       4

Ravi Friday, 10 August 2018 06:47 AM

සැප බෙදාගන්න නම් යූ එන් පී, ශ්‍රි ලංකා, පොහොට්ටු හැමෝම එකමුතුයි. ජ වි පෙ ක්‍රියා කලාපය අගය කරමි.

:       0       3

kalpa Friday, 10 August 2018 07:52 AM

ඉන්දියාව බලහත්කාර කමින් අපිට පලාත් සභා දුන්නෙ රට නැතිකරවන්න. ඒ තැන්වලට ගියවුන් කරන්නේ තමා සංවර්ධනය වෙන එක. දැන්වත් පලාත්සභා අහෝසිකරලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් කොට්ඨාශයේම කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කරවලා රට හදමු

:       0       5

kalani Friday, 10 August 2018 08:01 AM

සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ බලමහිමයෙන් දිනකට එක වේලක් පොල් සම්බෝල සමඟ පාන් පෙත්තක් කෑමට ගන්නා ජනතාවගේ ජන්දයෙන් පළාත් සභාවට ගිය මහත්වරුනි. බලය එකම ඉලක්කය කරගෙන සිය ජනතාව පාගා දමන , ඇදහීමක්, ආගමක්, දයානුකම්පාවක් නැති දේශපාලකයෝ අපි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු. ඔබ ලබා ඇත්තේ බලය මිස කිර්තිය නොවේ බලය කිසිවිටක කිර්තිය ජනිත නොකරයි. යුක්තිය පසකට පලවා හරියි. කේතුමතී රාජධානියේ මනෝරාජික දේශපාලන වැඩ ජනතාව බැහැර කරන බව සිතන්න. දේශපාලන ක්ෂේත්‍රය මැදින් ගමන් මඟ පාදාගත් ඔබ ලක්ෂ 6 ක පුටුවක් තෝරා ගන්නේ බඩගින්නේ සිටින දිළින්දන් බැහැර කරමින්ද? අනන්ත පිඩා මද ජීවත්වෙන ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරනවා වෙනුවට පාණ්ඩුකම්බල සෛලාසන විදාරණය වීමට ආසන්න ගිනි කඳු මත පනවා ගැනීම අනතුරුදායකය. කෙසේවෙතත් ජවිපෙ මැදිහත්වීම අපි අගය කරමු.

:       1       6

විජිත් Friday, 10 August 2018 11:47 AM

ශත 5ක් වටින්නේ නැති හොර තක්කඩි දේශපාලකයන්ගේ " පස්ස " රත් කරන්න රුපියක් ලක්ෂ 6ක පුටුවක්... මෝඩයිනේ මේ ලෝකයේ දුප්පත්ම දුප්පත් රටක් .පාන් කැල්ල ගන්න බැරි මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නා ලෝකෙටම ණය කරපු රටක්. ලැජ්ජයි..

:       0       7

laksman Saturday, 11 August 2018 01:41 AM

මහ ඇමති කියනවා මේ සල්ලි ඔවුන් උපයා ගත්ත ඒවා කියලා. ඔහු කියන විදියට ඒවා පුද්ගලික සල්ලි වුනත් මෙය නම් ඉතා බරපතල වරදක්. මෙවැනි වැරදි කරනවිට පලාත් සභා විසුරුවන්න හැකිලෙස පනත් ගෙනෙන්න

:       0       4

kalani Saturday, 11 August 2018 03:24 AM

ජනතා අප්‍රසාදය කිසිම ප්‍රධාන දේශපාලන දහරාවේ නායකයෙක් සලකා නැති ගාණයි.

:       0       4

same Saturday, 11 August 2018 05:00 AM

මේ ආණ්ඩුවේ ඔක්කොම හොරු අලි බබා සහ හොරු 225

:       0       5

same Saturday, 11 August 2018 05:03 AM

පුටු හදලා තියෙන්නේ රත්තරන් වලින්ද දන්නෙ නැහැ..

:       0       3

same Saturday, 11 August 2018 05:09 AM

අනිත් අය අනුමත කළාට මහ ඇමතිගේ මොලේ පහළට බැහැලද?

:       0       4

Nimal Silva Saturday, 11 August 2018 12:41 PM

දුන්නේ මනාපය රට ගැන සිතාය වුනේ ඒ අය එකට අපි තනි වුනාය ගැහුවේ බද්ද බොරු පිට බොරු කියාය දරුවන් ගෙදර, මන් මඟ තනි වුනාය පක්ෂය විපක්ෂය තව පක්ෂයක්ය යන්නේ ගමන් රජ, යුවරජ වගේය පිම්බෙන තරම පුපුරන්නට වගේය මගේ ගෙදර කරවලවත් නැතේය බද්දෙන් අපේ, මුන් රජ පුටු ගෙනෙන්නේ සද්දේ අපිටමයි, දැන් දැන් පෙනෙන්නේ කාලය හොඳා පව් හෝදා හරින්නේ කොස් කැපු කඩුව දැන් මුවහත් තියන්නේ

:       0       5

udaya Saturday, 11 August 2018 02:25 PM

ඕක මොකක්ද... වෙල් විදානේට රාජකාරි කරන්න කෝටියක බෙන්ස් කාර් එකකුයි ලක්ෂ තුනක විතර මාසේ පඩියකුයි තව ආරක්ෂාවට කුඩු මුදලාලිලා ටිකකුයි ඉන්නේ... ඕකට සිංහලෙන් කියන්නේ යහපාලනේ කියල නේද? තව සමහර ලොක්කෝ බීච් පාටි සංවිධානය කරලා තරුණ පරපුරේ අසහනය නැති කරනවා. එ්කත් යහපාලනේ කොටසක්. අනේ රටට ගිය කලක්.

:       0       4

Pradeep Sunday, 12 August 2018 06:43 AM

මගුලක් කියනවා අනේ... අද රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේක.. මේ ඔය විකාර කාරයින් එලවලා දාන්න ඕනෑ. මොකද හරිපහසු කමක් නැති පාසල් කොච්චර තියනවද? සැත්කම් කරගන්න බැරිව අහිංසක ජනතාව කොච්චර දුක් විඳිනවද අනේ... එ් අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරන් කරන බලු වැඩ... ඕවා ශාප වෙන්න ඕනෑ......

:       0       3

Wickramasingha Wednesday, 15 August 2018 12:17 AM

මේ අය හිතනවා ඇති අපිට ඡන්දය දුන්නේ මීහරක් කියලා, බලපුවාම එහෙම හිතිම පිළිබඳව අපට දොස්කියන්නට පුලුවන්ද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 0 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 55 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 169 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 484 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 382 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 288 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site