IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඇමෙරිකාවෙන් නැවත නැවත ඉල්ලීම්

( තිළිණි ද සිල්වා )

 

පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීම තුළින් ශ්‍රී ලංකාවේ  කීර්තියට හානි සිදුවන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් මහත්මිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 

රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව පෙන්වා දුන්නාය.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍යය පවසයි.

බ්‍රිතාන්‍යයේ ආසියා හා පැසිෆික් කලාපීය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය කටයුතු කරනු ලබන්නේ රජයන් සමඟ නොව රාජ්‍යයන් සමඟ බවයි.

බ්‍රිතාන්‍ය රජය  ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින දේශපාලනික ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

 



අදහස් (20)

පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඇමෙරිකාවෙන් නැවත නැවත ඉල්ලීම්

සමන් ගමගේ Thursday, 08 November 2018 05:55 AM

මේගොල්ලෝ කොහොමද අපේ රටට අණ කරන්නේ මේ විදිහට අනික පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම ව්‍යවස්ථානුකූලයි

:       2507       1303

himeshaThursday, 08 November 2018 06:41 AM

ඔබතුමාගෙ දැනුම ගැන කණගාටුයි. සංවර්ධනය වෙමින් පවතින රටකට ලෝකයේ අනෙක් රටවල් සමඟ එකතු වන්නේ නැතිව පැවතීමක් නෑ. ඒ සඳහා නොයෙකුත් සම්මුතීන් වලට අනුව වැඩකල යුතුයි. අනෙක ඒ අය කියන්නෙ රටේ පවතින ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න කියලා. ඒක කොහොමද වැරද්දක් වෙන්නෙ. ඔබ වැනි පක්ෂ වලට කඩේ යන අය ඉන්නකල් ලංකාව හැමදාම ඔතනම තමයි.

:       0       0

BamunuarachchiThursday, 08 November 2018 08:38 AM

හිටපු ගොයියා ඒ තත්වය රටේ ඇතිකළා

:       0       0

BUDDHIThursday, 08 November 2018 03:52 PM

මේ ගොල්ලෝ අණ කරන්නේ අපි අනුන්ගෙන් යැපෙන නිසා. අපේ කියලා කිසිදෙයක් නැහැ...

:       0       0

Bandula. Thursday, 08 November 2018 06:38 AM

අපි ස්වාධීන රාජ්‍යක් කියලා මේ හැමෝටම අමතක වෙලාද? අපේ දේට ඇගිලි ගහන්නේ හැමවෙලාවෙම

:       0       8

ගල්කටස් Thursday, 08 November 2018 07:09 AM

කැඳවලා තියෙද්දී තව මොකක්ද මේ කියන්නේ? සමනළ රෑන මකබෑවිලා පලයව්. තරු 20ක විතර ප්‍රජාතන්ත්‍රවාදයක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ...? අපේ රටේ මිනිසුන් හිටපු අගමැතිට කැමැති නැහැ.

:       0       0

chris Thursday, 08 November 2018 07:36 AM

ඇමරිකාවේ ප්‍රශ්න ගොඩක් තියනවා... ෂූටින්ග්, කුඩු, අපචාර කළුජාතික කෙනහිලිකම්, මානසික ලෙඩ්ඩු, පරිසර දූෂණ, දූෂණ වංචා ඉතින් මේවා ගැන මේ ගොල්ලන්ට හොයන්න කාලය නැද්ද?

:       0       0

Nuwan Ubayanarayana Thursday, 08 November 2018 07:44 AM

මේක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. පිටරට වලින් කොහොමද අපේ රටේ අභ්‍යන්තරික ප්‍රශ්නවලට අැඟිලි ගහන්නේ? කොන්ද පණතියෙන නායකයෙක් අපේ රටට ඕනෑ. එදා 2009 යුද්ධය අවසන් කරන මොහොතේත් අපි ජාත්‍යන්තරයට ඔලුව පහත් කළානම් අද අපේ රට පාලනය කරන්නේ එල්ටීටීඊ එකයි..

:       0       0

rocky Thursday, 08 November 2018 08:04 AM

සමන් ගමගේ. ඔහෙට සිංහලවත් කියවලා තේරුම් ගන්න බැරිද? කොහෙද.. කවුද.. කාටද අණ කරලා තියෙන්නේ?

:       0       0

Ravi Thursday, 08 November 2018 08:19 AM

අපි කන්නේ බොන්නේ ඔක්කොම පිට රටවලින් දෙන දේවල් සහ ආධාර වලින්. අපේ රටේ මොනවද නිෂ්පාදනය කරන්නේ? ජාත්‍යන්තරේට අයිතියක් තියෙනවා හොයලා බලන්න මොකද වෙන්නේ කියලා... මේ ලෝකේ තනියම රටක් විදියට මුකුත් කරන්න බැහැ. මේවා තේරුම් ගන්න හැමෝටම බැහැ..

:       0       0

chandana Thursday, 08 November 2018 09:27 AM

මෙයාලා හරියට ගමේ චන්ඩි වගේනේ වැඩ කරන්නේ. අපිට ජාත්‍යන්තරයෙන් කොන් වෙලා තනියෙන් ඉදිරියට යන්න අමාරු බව දැනගෙන මෙහෙ ඡන්දවලට පෙරේත කමේ ඕන බලුවැඩක් කරනවා

:       0       0

නිමල් Thursday, 08 November 2018 10:30 AM

ලංකාවේ යුද්ධය ඉවර කරන්න කිට්ටු වෙනකොට මේ විදියටම තමයි බටහිර රටවල් බලපෑම් කලේ.

:       421       769

chathuri Thursday, 08 November 2018 11:36 AM

ජනතාව මහන්සිවෙලා තමන්ගේ. ජිවන වියදම. හොයාගන්නවා. ,නමුත් ආණ්ඩුව කිසිම. මහන්සියක් නැතිව. මුදල්. බිලියන ගණනින් , ගන්න. යන්නේ. විදේශයට අනුන්ගෙන් කනකොට. ප්‍රශ්න. වැඩියි නොකත් බැහැ , ඉතින් මෙරටවල් නය ගනුදෙනු. කරපු කෙනා. අවුලක. ඒ. වෙලාවේ අයි. පිහිට වෙන්න. බැරි ණය, ඕනවුනා නම් විතරද මේ රටවල් වලට. කතා. කරන්න. පුළුවන්. ව්‍යවස්ථාව වැඩිය. ලොකු. බැදීමක්. තියෙන්නේ. මේරටවල් අතර. , දැන්. අපේ. කට්ටිය. තනියම. කරගන්නම්ලු වසංගත රෝගයක් පතිරුනොත්. බෙහෙත්. පෙත්තක්වත්. ලග. තියෙනවද

:       0       0

appuhami Thursday, 08 November 2018 11:43 AM

වැඩිය ඇමෙරිකාවට බනින්න එපා.. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත් ඇමෙරිකානු පුරවැසියෙක්

:       0       0

weerakoon Thursday, 08 November 2018 12:13 PM

වදයක් නොවී ඉන්නවද .?බයවෙන්න එපා අපි ගත් ණය ආපසු පොලි සමග දෙනවා.

:       0       0

tommy Thursday, 08 November 2018 01:35 PM

අවාසනාවකට ඔය රටවලට අපිට බලපෑම් ඇති කළ හැකියි. ඊට හේතුව නම් ඇඟලුම්, තේ, කෘෂි භෝග වැනි අපේ අපනයන සඳහා අප මේ රටවල් වල ආර්ථිකය සමග බැදී සිටිනවා. එමෙන්ම ලංකාවට අද වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන්නේ එංගලන්තය වැනි බටහිර රටවලිනුයි...

:       0       0

daya Thursday, 08 November 2018 02:05 PM

රට පාවා දෙමුද? අපේ ප්‍රශ්න අපිම විසඳා ගනිමුද?

:       0       0

sg Thursday, 08 November 2018 05:27 PM

අපි ඇමෙරිකාවේ කොලොනියක් නොවේ...

:       0       0

seeya baba Friday, 09 November 2018 01:44 AM

අපේ රට ඇමෙරිකාවේ කොලිනියක් නොවේ. අපට හොඳ නායකයෙක් ඉන්නවා.

:       0       21

Nishan Friday, 09 November 2018 02:45 AM

ලංකාව තියෙන්නේ ලෝකේ ඇතුලේ මිසක් ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ නොවන බව අප තේරුම් ගත යුතුයි. රටේ අපනයනයන්ගෙන් 65% ක් ඇමරිකාවට යවලා ජීවත්වෙන ජාතියකට ඒ ආදායම නැති උනොත් ඇතිවෙන තත්වෙට මුහුණ දෙන්න පුලුවන්ද කියලත් හිතලා බලන්න වෙනවා.

:       20       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 166 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 337 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1487 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 228 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 433 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site