IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නූතන ඔරලෝසුවක ආධාරයෙන් උසස් පෙළට පිළිතුරු ලියයි

 

(තිලකරත්න දිසානායක) 

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යාව විෂය අද (13) සවස් වරුවේ පැවති අවස්ථාවේදී උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවක ආධාරයෙන් පිළිතුරු සපයමින් සිටි බව කියන පාසල් සිසුවෙකු පොලිස් බාරයට පත් කිරීමට විභාගශාලා නිලධාරීන් පියවර ගෙන ඇත. 

ගම්පහ ප්‍රධාන පාසලක විභාග ශාලාවකදී මෙම වංචාව හසුව ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට පැමිණිලි කර තිබේ. මෙම උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවෙහි ජීව විද්‍යාව විෂයට තොරතුරු ඇතුලත් කර තිබී ඇති බව අනාවරණය වී ඇත. 

සිසුවා පොලීසිය බාරයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර වංචා සහගත අන්දමින් පිළිතුරු ලිවීමට යොදාගත් ඔරලෝසුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිනිස පොලිස් බාරයට ගෙන සිසුවා මුදා හැරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.



අදහස් (12)

නූතන ඔරලෝසුවක ආධාරයෙන් උසස් පෙළට පිළිතුරු ලියයි

මුණසිංහ Tuesday, 13 October 2020 02:58 PM

ස්මාර්ට් ඔරලෝසු සම්බන්ධයෙන් මීට වඩා ගුරුවරුන් දැන සිටිය යුතුයි. පාසලටත් මේවා බැඳගෙන ඒම පිළිබඳව අවධානයක් යොමු කරන්න.

:       4       52

ඉසුරුWednesday, 14 October 2020 04:24 AM

දන්න හින්දනේ බන් අහුවෙලා තියෙන්නේ...

:       4       27

අානන්ද පිටබැද්දර Wednesday, 14 October 2020 02:31 AM

පරීක්ෂක මහතුන්ගේ තවත් තාක්ෂණ දැනුම වැඩිකළ යුතුයි.

:       2       25

Raveendra Wednesday, 14 October 2020 02:55 AM

මෙවන් කාල මාපක පිලිබදව ගුරුවරුන්ගේ දැනුම නම් ඉතාමත්ම අල්පය.... නවීන අධි තාක්ෂණයෙන් සපිරි මේවා පැළද විභාගවලට පෙනිසිටිමේදී නීතිමය තර්ක විතර්ක කප්පරක් කෙප්ප ඇද බෑමට අපේ අය සැදීපැහැදී මග බලාසිටිනු ඇත. කෙසේ වෙතත් මෙම දරුවාගේ යම් වැදගත් දක්ෂතාවයක් ඇති බැවින් එය නිසි ලෙස හදුනාගෙන එමගින් අනාගතයට පලප්‍රයෝජන ගතහැකි නම් එය සුදුසු නොවන්නේද ?

:       27       10

jayaWednesday, 14 October 2020 04:09 AM

ස්මාර්ට් ඔරලෝසුවක් බැඳීම දක්ෂතාවයක් කියලා හිතීම අපේ අවාසනාවක්... මුදල් තියෙනවා නම් ඕන කෙනෙකුට මේක භාවිතා කරන විදිහට සරලව හදලා තියෙන්නේ. අර ජනාධිපතිගේ වෙබ්සයිට් එක අප්ඩේට් කරලා තිබුණේ නැති හින්දා හැක්කරපු එකට සම්මාන දුන්නා වගේ තමයි. ඒ සඳහාද නියම දක්ෂතාවයක් අවශ්‍ය නොවේ.

:       6       22

CHULA EKANAYAKE Wednesday, 14 October 2020 04:56 AM

විභාග වංචා සිදුවූ විට ඒ ගැන පොලිසියට දැනුවත් කිරීමට ප්‍රථමයෙන් දරුවාට අවවාද දීලා අදාළ උපකරණය විභාග ශාලාධිපති බාරයේ තබාගෙන සම්පූර්ණ විභාගය අවසානයේ යම් විනයානුකූල පියවරක් ගැනීම කළ යුතුයි නේද? වඩාත්ම වැදගත් වන්නේ.. දරුවාගේ මානසික තත්වය සහ විභාගයට මුහුණ දීමයි.

:       11       13

kamal Wednesday, 14 October 2020 05:09 AM

මොකක්හරි කරලා විභාගේ පාස්කරගෙන චැනල් කඩයක් දාගන්න. නැතිනම් ගැලවීමක් නැහැ..

:       3       11

උදය Wednesday, 14 October 2020 08:33 AM

අද තියන නීතියට අනුව මෙම දරුවා කර ඇත්තේ වරදක්. නමුත් වියයුත්තේ ලාංකීය දරුවන්ට දෙන අධ්‍යාපනය සහ එම ලබාගත් දැනුම මැන බලන අකාරය ගොඩක් වෙනස් විය යුතුයි. ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගත යුතුයි. යම් විෂයයක් කටපාඩම් කරගෙන සීමිත කාලයක් ඇතුළත පිළිතුරු බැලීම ඉතාමත් ප්‍රාථමික ක්‍රමයක්. කිසිදාක නිර්මාණශීලී මිනිසකු බිහිවන්නේ නෑ. සුද්දා අපිට කියලා දුන් දෙය අපි තාම කරනවා. සුද්දා වෙනස් වෙලා. මට මතකයි ඉස්සර බෝල් පොයින්ට් පෑන, කැල්කියුලේටරය පාවිච්චිකරන එකත් වරදක්...

:       1       22

RaveendaWednesday, 14 October 2020 11:16 AM

ඔබගේ අදහස් නිවැරදිය...

:       1       10

Nadun Saturday, 17 October 2020 06:34 AM

තාක්ෂණික දේවල් භාවිත කර හොර වැඩක් කළාම මහා ලොකුවට ඒ දේවල් අගය කරන එකත් ගොන් කමක්...

:       1       13

ගයාන් Saturday, 17 October 2020 07:37 AM

සාමාන්‍ය පෙල, උසස් පෙල විභාග ලිවීමට පෙර විභාග ප්‍රවේශ පත්‍රයේ විභාගයට නොගෙන ආ යුතු දේවල් දක්වල තියනවා. මෙයින් එකක් තමයි ස්මාර්ට් ඔරලෝසු. ඊට අමතරව විභාග ශාලාව ඉදිරියේ ලොකුවට පෝස්ටර් මගින් දැනුවත් කරලා තියනවා. මේ නිසා මේ දරුවා සිතාමතා කරන්න ගිය වරදක් බව පේනවා.

:       0       9

Sarath Tuesday, 03 November 2020 04:40 AM

නීතිය කාටත් පොදු විය යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 28 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 178 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1568 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 238 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 450 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site