IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙමළ සන්ධාන පසුපෙළ මන්ත්‍රීවරු බදියුදීන්ට එරෙහි වෙති

(එෆ්. අස්ලම්)

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බවට බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14න් 8දෙනෙකු පමණ මෙම තීරණයේ පසුවන බවත් ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී. 

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේ  දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවීමට සූදානමින් සිටින බවත් එකී සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

 



අදහස් (16)

දෙමළ සන්ධාන පසුපෙළ මන්ත්‍රීවරු බදියුදීන්ට එරෙහි වෙති

ගල්කටස් Sunday, 19 May 2019 08:08 AM

ඔවුන් දන්නවා ජනතාවගේ මතය. ජනතාවගේ මතයව පිටින් යන මැති ඇමති වරුන්ට ඉදිරියෙදි පැවැත්මක් නොමැති බව වටහා ගැනීම සාධනීය පියවරක් , මුස්ලිම් අයටත් එලෙස විය හැක නම් ජාතික සමගියට ලැබෙන වටිනාකම කෙතරම් නම් අපුරුද...... එලෙස සතිය හැකි තීරණ ගත හැකි මැති ඇමතිවරුන් අනාගතයේදී තෝරා පත් කර ගැනීම සියළු ජාතීන්ගේ වගකීමයි.......

:       0       0

Athula Sunday, 19 May 2019 10:01 AM

ඔය අපරාද වලට සම්බන්දවූ හැමගේම ප්‍රජා අයිතියත් සියලු දේපොළත් රාජසන්තක කල යුතුමයි.....

:       62       1161

සේන Sunday, 19 May 2019 10:04 AM

ඔන්න දැන් කෝටි ගනන් මුදල් සහ වෙනත් දේවල් එහෙට මෙහෙට විසිවන අවස්ථාව . බලමු බලමු

:       44       418

Soma dubayi Sunday, 19 May 2019 10:33 AM

කවුරු විරැද්ධ වුවත් එතුමා ආරක්ෂා කිරීම යහපාලනයට ඡන්දේ දුන්න අපි හැමෝගෙම වගකීමක්....

:       456       426

අනිල් Sunday, 19 May 2019 12:50 PM

අනේ හැබෑට මේ සෝම නෝනා මොලේ ස්කෑන් එකක් කරගත්තොත් හොදයි. එච්චරටම කාලෝචිතයි කියන කතා .

:       0       0

මුණසිංහSunday, 19 May 2019 03:18 PM

මම හොදින් බලපු දෙ යක් තමා ලයික් -ඩිස් ලයික් දමන අයට අපහාස - උපහාස වගේ දේවල් වෙන් කර හදුනා ගැනිම ට ඇති හැකියාව අඩුයි.

:       0       0

JayaSunday, 19 May 2019 03:20 PM

සම්පූර්ණ ඇත්ත. නියම එජාප කාරයකු වශයෙන් සත්‍ය ප්‍රකාශ කළාට ඔබතුමාට ස්තුතියි...

:       0       0

BamunuarachchiSunday, 19 May 2019 03:34 PM

හරියට හරි... එ්ත් මට කියන්න ඔබ යනකොට කපාගෙන ගියාද ඩුබායිවලදී කපා ගත්තාද කියලා....

:       0       0

BamunuarachchiSunday, 19 May 2019 04:36 PM

කපන එකා ගානට කපලා තිබෙනවා. කොහොමද දැන් සනීපද?

:       0       0

supipi Sunday, 19 May 2019 12:57 PM

මගේ අදහසනම් සාමය වෙනුවෙන් පෙනී සිටින මෙවැනි උතුමන්ට ගැරහීම නරක වැඩක් සිහිනෙන්වත් අනුන්ට වරදක් නොකරන මෙතුමන් වැනි අයට කරදර කරන අයටනම් හරි යන්නේ නැහැ හොදේ.......

:       0       0

Hafeel Sunday, 19 May 2019 01:44 PM

කොහොමවුනත් රාජපක්ෂ රෙජීමේ මෙයාව ආරක්ෂා කරාවි. දැනටමත් ලොක්ක අත්සන් කරලත් නැතිලු. දිනයත් වරද්දල. පොහොට්ටුවට ඊළඟ පාර්ලිමේන්තුවේදී ඔලු ගෙඩි එකක් දෙකක් අඩුවුණත්, මේ අයව ලං කරන්නැතුව ඉඳීවිද? දුරකථන ක්‍රයාකරු එස් බි වැඩේ හැටියට කරාවි.

:       0       0

fasmy Sunday, 19 May 2019 03:55 PM

දෙමල සංධානය කොහොමත් බදියුර්දීන්ට විරුද්ධ මක් නිසාද යත් ඔහු කොටි විරෝධියෙකි. කොටින්ට එරෙහිව හමුදාවට උදව් කළ අය අතර ඉදිරියෙන්ම සිටි මුස්ලිම් ජාතිකයෙකු නම් ඒ බදියුර්දීන් හැර වෙන කෙනෙකු නැත. කොටින් විසින් පන්නා දැමූ ජනතාවගේ නායකයා ඔහුය. ඔහු ඔහුගේ ජනතාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ යුතුකම් හරි හැටි ඉෂ්ට කර ඇත. වර්තමානයේ ඔහුට විරුද්ධ බලවේග යම්කිසි චෝදනාවක් එල්ල කර ඇත. එම චෝදනාවන්ටද ඔහු සාර්ථකව මුහුණ දෙනු ඇත. යම් හෙයකින් නීතිය ඉදිරියේ වැරදිකරුවකු වුවහොත් නිහතමානී ලෙස දඬුවම් විඳිය යුතුය..

:       0       0

Saman Sunday, 19 May 2019 04:00 PM

ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය සාදාගැනීමට මහින්ද, බැසිල්, එස්.බී. මෛත්‍රිපාල වැනි සියලු දෙනා රිෂාඩ්ට හොර ආණ්ඩුවට සහයෝගය දෙන ලෙස කතා කළේය. අද රිෂාඩ්ගෙන් වාඩුව ගන්නේත් එදා ඔහු ඔවුන්ට සහාය නොදැක්වූ නිසාය. මහින්දලාට සහය දැක්වූවා නම් රිෂාඩ් ජිහාඩ්කාරයෙක් නොව මොන ත්‍රස්තවාදියෙක් වුණත් කමක් නැත. ලංකාවේ දේශපාලනය එහෙමයි..

:       0       0

ranjith Monday, 20 May 2019 01:00 AM

හොඳ තීරණයක්... දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට මේ වගේ චෝදනා නැත. රටේ හොරකමට දූෂණයට විරුද්ධව මේවගේ අන්තවාදීන්ට විරුද්ධව දෙමළ සංධානය එකතු වීම රටට සුබදායකයි.

:       0       25

Jayantha Monday, 20 May 2019 02:50 AM

ඔව් ඔව්... අපි කොහොම හරි මෙයා බේරා ගමු. ඔයා ඔහේ ඉඳන් ඔය අයත් එක්ක කකා බිබී ඉන්නකෝ...

:       0       203

jayath Monday, 20 May 2019 03:22 AM

මේ 225 දෙනාටම කොඳු ඇට පෙළක් සහිත සතුන්ද නැත්නම් රහිතද කියලා දැනගන්න පුළුවන් ටෙස්ට් එකක්... බලමු දෙමළ සන්ධානෙටවත් දීලා....

:       1       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 16 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 173 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1541 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 234 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 444 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site