IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තේ වතුවල ඇටවූ මදු ගලවා ඉවත්කරයි

(රංජිත් රාජපක්ෂ)

තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දිවියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වතු අධිකාරිවරුන් සමඟ වනජිවි දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇති මදු ගැලවීමේ ව්‍යපෘතිය සාර්ථකව සිදුකරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

තේ වතු ආශ්‍රිතව ජිවත් වන වතු කම්කරුවන් අමතර ආදායමක් ලබා ගැනීම සදහා වතු නිවාසවලට යාබදව සහ තේ වතු ආශ්‍රිතව තිබෙන රක්ෂිත යාබදව පිහිටි මුඩු ඉඩම් වල එලවළු වගා කරන බවත් , එලවළු වගා විනාශ කරන වල් ඌරන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා අටවනු ලබන මදු වලට දිවියන් හසුවන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

වල් ඌරන් දඩයම් කිරිමට වල් ඌරන් සහ වන සතුන් ගමන් කරන මාර්ග ඔස්සේ දිවියන් ඉව අල්ලමින් රාත්‍රී කාලයේ සැරිසරන බවත්, එම මදු වලට දිවියන් මෙසේ හසු වන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.

වතු කම්කරුවන් දිවියන් දඩයම් කිරිමට මදු අටවන්නේ නොමැති අතර 2020 වසරේ පමණක් නල්ලතන්නිය වනජිවී කලාපය තුළ කළු කොටියා ඇතුළු පන්තරා පාදුස් වර්ගයේ දිවියන් හය දෙනෙකු මදු වලට හසු විය. ඉන් දිවියන් තිදෙනෙකු බේරාගත් බවත් කළු කොටියා සහ තවත් දිවියන් දෙදෙනෙකු මිය ගිය බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.

තම වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වගා භුමිය වටා කම්බි වැටක් හෝ සුදු ඉටි රෙදි ඇදීමෙන් එළවළු වගාව තරමක් දුරට ආරක්ෂා කර ගැනීමට හැකි බවත් තේ වතු ආශ්‍රිතව වගා භුමි අවට අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් මේ වන විට ගලවා ඉවත් කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ සදහා වතු අධිකාරිවරුන්ගෙන් නොමද සහයෝගයක් ලැබුණු අතර තම කාර්යාලයේ නිලධාරින්ද තේ වතුවලට ගොස් වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් දැනුවත් කිරිමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බව  කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසිය.



අදහස් (2)

තේ වතුවල ඇටවූ මදු ගලවා ඉවත්කරයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 09:08 AM

සතුටට කරුණක් ..!!! මේ මදුගලවා පමණක් සෑහීමකට පත් වෙන්න බැහැ.. මොවුන්ට මෙහි ඇති ගැඹුරු තත්වය ගැන අවබෝධ කරවීය යුතුයි. වතු කම්කරුවන් මෙන්න කියලා ඇත්ත කියයි. හිතක්, පපුවක් තියෙන මිනිසුන්ට මෙහෙම සතුන්ට පුඩු තියන්න බැහැ. මේ වනජීවී අංශවලට ඔයා සුරංගනා කතා ඇත්ත වුණාට අප මෙහි ඇත්ත දන්නවා. දඩමස්වලට ප්‍රිය මේ මිනිස්සු මේ කොටින් හසු වුණාම කවුරුවත් ආවේ නැතිනම්, සතුන් මරා මස්ටික උයන් කාලා හම්, දත්, විකුණා ගන්නවා. මං මේ නිකමට අහන්නේ.. මේ දිවියන් ටික සිංහල මිනිසුන් මරුවා නම් නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නේද? සමහර දෙනා මස් වැද්දන්ව හුරතල් කරනවා.

:       2       55

lion Tuesday, 30 June 2020 10:39 AM

දැඩි දඬුවම් දෙන්න... ඇප දෙන්න එපා. මේ ලස්සන සතා විනාශ කරන්න දෙන්න එපා.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 59 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 185 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1629 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 242 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 455 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site