IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට

(අජන්ත කුමාර අගලකඩ)
 
ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි.
 
ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇත.
 
ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



අදහස් (55)

තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට

ravin Friday, 11 August 2017 11:51 AM

පහුගිය ජනාධිපති කාලේ වගේ.

:       114       125

People Friday, 11 August 2017 11:56 AM

රට එකම තැන... සුළු වරප්‍රසාද වලට මාරු කරනවා. කවදා මේ රට ගොඩයයිද? මෙපමණ මැති ඇමතිවරු මෙච්චර මොකටද මිලියන විස්සකට... ලන්ඩන්වල මිලියන 90ටම එක නගරාධිපතිතුමායි.

:       810       1832

sudes Friday, 11 August 2017 12:01 PM

නියමයි මහින්ද මහත්තයා බලයේ ඉන්න කාලේ මේ අයියා, මලෝ දෙන්නා කරපුවා ඌව පළාතේ මිනිස්සුන්ගෙන් අහන්න.

:       81       304

Ajith NissankaFriday, 11 August 2017 03:14 PM

ඔයා කියන්නේ එහෙනම් ඌව ජනතාව තමා මේකට වග කියන්න ඕනේ! ඔයා කියන දේවල් කරපු කෙනාට බලය දුන්නේ ඔටුවොද? අපිට හොඳයි මහින්ද මහත්තයා රකින කම්!

:       1       104

samanSaturday, 12 August 2017 04:29 AM

ගැලපෙන කට්ටිය එකතු වෙනවා වගේ.

:       0       33

sampath Friday, 11 August 2017 12:15 PM

එහෙ මෙහෙ ඔක්කොම පල් හොරුනේ...

:       1       110

raveendra Friday, 11 August 2017 12:31 PM

ඔහුගේ අරමුණ කෙනෙකුගේ දෑත් ශක්තිමත් කිරීමද? පුද්ගලික සුඛවිහරණයද? බඩගෝස්තරවාදයද? ඔළුගෙඩි මාරුවද?

:       14       281

amithSaturday, 12 August 2017 06:48 AM

එහෙම කියන්න එපා. බලන්නකෝ ඡන්දෙ වෙලාවේ. 2020 දී මෙතුමා ගිය නිසා ඒකාබද්ධ විපක්ෂයට වෙනදේ. ඡන්ද වලින් 90% ක් අඩුවෙනවා.

:       3       46

Oshada Rukmal Friday, 11 August 2017 12:56 PM

මෙහෙම ගියොත් අාණ්ඩු පෙරලන්ඩ වෙන්නේ හඳේ තමයි..

:       436       1330

asanka Friday, 11 August 2017 01:12 PM

තව පෝය දාහක්වත් බලාගෙන ඉන්න වෙයි අපිට....

:       285       1150

saman Friday, 11 August 2017 01:46 PM

උපාසක මුණ දැක්කහම පේනවා අවංක දේශපාලකයෙක් බව. මම හිතන්නේ රවී කරුණානායක මහත්මයා වගේම අවංකව, කාර්යක්ෂමව යහපාලනයට සේවය කරයි.

:       0       153

Ran banda Friday, 11 August 2017 01:46 PM

සිරිසේන මහත්තයෝ මොන දේ කෙරුවත් අන්තිමට දන ගහන්න වෙන්නේ ජනතා මතය ඉස්සරහ.. විපක්ෂයේ ඉන්නකොට හොරු කියලා හංවඩු ගහපු මිනිස්සු තමන්ගේ ලඟට එනකොට සුදනා වෙනවද? තනතුරු දීලා මන්ත්‍රීවරු බාගත්තට හිතන්න එපා මේ මිනිස්සුන්ට දුන්න ඡන්දත් ඔහොම බාගන්න පුළුවන් කියලා. පුළුවන්නම් ඡන්දයක් තියන්න. එතකොට කාගේ කාගේත් කෙරුම් බලාගන්න පුළුවන්...

:       1028       1327

raveendraFriday, 11 August 2017 03:50 PM

ඔබගේ අදහස සම්පුර්ණයෙන්ම නිවැරදිය. සිරිසේන උන්නැහේ අනිත් උදවිය විරුද්ධ පක්ෂේ ඉන්න කොටයි, තමන්ගේ පැත්තට එනකොටයි පාට වෙනස් කරනවා. මෙම නිවට ක්‍රියාවලිය අප රටේ තිබෙන සියලුම පක්ෂවල තිබෙන පුරුද්දකි.

:       0       205

nishanath dombagoda Friday, 11 August 2017 02:03 PM

මේ මොනවද වෙන්නේ හීනෙන් බය වුණා වගේ දැනෙන්නේ?

:       18       112

පිටිගල මිලානෝ Friday, 11 August 2017 02:13 PM

මෙයාට බබා මුණක් තියෙන්නේ.

:       0       154

[email protected] Friday, 11 August 2017 02:38 PM

එහෙත් හොරු - මෙහෙත් හොරු

:       0       17

රත්නාවතී Friday, 11 August 2017 03:21 PM

අනේ සෝබිත හාමුදුරුවනේ ඔබට පෙනෙනවාද දන්නේ නෑ අවංක කමේ ප්‍රතිමූර්තියට වෙච්ච වින්නැහිය.

:       81       258

කාන්චන Friday, 11 August 2017 03:25 PM

දැන්නම් ජනාධිපතිතුමා පඹයෙක් වෙලා වගේ...

:       302       518

samanSaturday, 12 August 2017 04:31 AM

දැන් නෙවේ කාංචන මෙතුමාට මෙහෙම වුණේ... 2015 ජනවාරි 08 වැනිදා ඉඳන්...

:       25       134

ආරියදාස Friday, 11 August 2017 03:31 PM

වැලිරාජුගේ ගජ බිස්නස් කාරයෙක් නේද?.

:       27       198

ratawasiya Friday, 11 August 2017 03:34 PM

තව එක පෝයයි. අපි විජේදාස මහතාව ගන්නවා. රවිත් අපිට එනවා. රජ වැඩ පෝයට පසුව. ජය වේවා!!! . සුසිලුත් එනවා.

:       197       56

sahanSaturday, 12 August 2017 05:50 AM

තව දෙන්නම්, ඩබල් ගේම් ගහන හොරු ටික ඔක්කොම එකට ඉන්න නිසා මහරජාට පොදු ජන හොරුන්ගේ පක්ෂයෙන් ඉල්ලන්න පුළුවන්....

:       192       346

Danushka Friday, 11 August 2017 03:36 PM

ගිලෙන නැවුවලට නගින අයත් ඉන්නවා දැක්කමයි.

:       631       527

asanka Saturday, 12 August 2017 05:54 AM

තිස්ස අත්තනායක මහතා දැකලා නැද්ද?

:       26       178

rohan Friday, 11 August 2017 03:42 PM

පෙරහැරේ කස කාරයෙක් ද...?

:       51       38

wije Friday, 11 August 2017 04:02 PM

ඔන්න කනෝ පිනුම් පේනවා නම් බලාගන්න.

:       17       36

lalith Friday, 11 August 2017 05:34 PM

මොනවද දෙනවා කිව්වේ? අවුරුද්දකට සැරයක් පවුලටම විදේශ සංචාරයක්.... සිංගප්පුරුවේ ගිහින් බෙහෙත් ගන්න සෞඛ්‍ය රක්ෂණයක්.. වාර්ෂිකව තීරු බදු රහිත වාහනයක්... හදිසියේවත් තනතුර අත්හැරියොත් හෝ අබාධිත වුණොත් හෝ මියගියොත් බිරිඳට, දරුවෙකුට නැතිනම් ලඟම ඥාතියෙකුට තමන් අවසන් වරට තරඟ කල ආසනයේ සංවිධායකකම සහ දැරූ තනතුරු සියල්ල... වෙන මොනවද?

:       7       77

Ajith Sunday, 13 August 2017 05:14 AM

ලලිත් ඔයාට වැරදිලා . දෙනවා කිව්වේ අච්චිගෙන් මැණික් මල්ලක්නේ..

:       34       15

Chanak Los angeles Friday, 11 August 2017 06:11 PM

දේශපාලකයෝයි, පරපෝශිතයෝයි එකම කුලයේ....

:       0       118

siri Friday, 11 August 2017 08:14 PM

අයියා, මලෝ දෙන්නටම ලබන ඡන්දයකදී දෙයියන්ගේම පිහිටයි.

:       0       136

dasa Friday, 11 August 2017 08:25 PM

මේ වගේ මූණක් ජර්මන් ටෙක් එක පැත්තෙත් තිබුණා දැක්කා.

:       69       14

P.Ilangaratne Friday, 11 August 2017 08:54 PM

අයියෝ සිරිසේන මහත්තයෝ කව්ද මේ ගන්නේ? මේ අයට ඡන්ද දෙන්නේ කවුද? පොදු අපේක්ෂකයාට වෙච්ච දෙයක්....

:       33       160

rohana Friday, 11 August 2017 11:15 PM

කරන ලද වංචාවල් වහගන්න ආණ්ඩුවට එනවා. ජනතාව පෙලගැසෙන්න හොරු එළවන්න.

:       1       52

Ratnamalala Friday, 11 August 2017 11:58 PM

හොරු සමග හෙළුවෙන්. නව නිෂ්පාදනයකි.

:       0       29

babi Saturday, 12 August 2017 01:02 AM

අනුර මහතා ගත් විශිෂ්ඨ තීරණයට අපේ ප්‍රණාමය. නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවෙන ගරු ජනාධිපතිතුමාගේ දෙඅත් ශක්තිමත් කරමු. රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගනිමු. හිටපු හොරු නොරකිමු.. වර්තමාන හොරු පොහොට්ටුවට පනීවි.

:       215       95

Shanaka Saturday, 12 August 2017 01:33 AM

මේවා තමයි යහපාලන විහිළු. මේ ජනාධිපති මුළු රටම රවටමින් තමන්ගේ පැවැත්ම හදාගෙන යන්නේ...

:       124       159

Rohan Saturday, 12 August 2017 01:53 AM

වසර 2020 ජවිපෙටයි.

:       558       291

indunil priyantha Saturday, 12 August 2017 01:59 AM

ඔබල තේරුම් ගත්තොත් ඇයි මේ රට මේ අවස්ථාවාදීන්ගෙන් රට බෙරගන්න නම් ජවිපෙට රට බාර දීමට කාලය පැමිණ ඇති බව... තව ප්‍රමාද වුණොත් පසුතැවෙන්නයි වෙන්නේ.....

:       218       2

බණ්ඩාර- කැකිරාව Saturday, 12 August 2017 03:22 AM

අපුරු බිලිබෑමක් සිදුවන ලොකයේ එකම රට ශ්‍රී ලංකාවයි.

:       1       31

babi Saturday, 12 August 2017 03:36 AM

එ්කාබද්ධයේ ගැටුම් වලට හේතුව බැසිල් රාජපක්ෂත්. ඔහුගේ අතීත ක්‍රියාකාරකම් මෙන්ම, වර්තමානයේ ක්‍රියාවන් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙනවා. ඔහුව නෙරපිය යුතුයි.

:       191       178

gamage Saturday, 12 August 2017 04:40 AM

මහත්වරුනේ අපේ ජාතියට ඉක්මණින් අමතක වෙන බව නම් හොඳටම පේනවා අදහවස්වලින්. දැන් එතකොට ආණ්ඩු පෙරලන්න හදන්නේ ආයේ පාරක් අර නඩේම ගෙනැල්ලද? පෙරලන්නත් බැහැ 2020 තමා. එත් ප්ද්දක් හිතන්නකෝ. ආයේ පාරක කබලෙන් ලිපට වැටෙන්නද යන්නේ? මේකෙත් රත්වෙනවා තමයි. එ්ත් මතක නැද්ද ලිපේ රස්නේ. ඒක නිසා මාරු කරනවා නම් මේ දෙකම හැර වෙනත් විකල්පයක් ගැන හිතමු. හැබැයි එක පොහොට්ටුව මෙනේ. එක ආයේ පරණ බුලත් කොලේම තමා. එහෙමවුනොත් සිටම ආයේ එනවා. එතකොට මේවගේ උද්ඝෝෂණ බැහැ.

:       156       116

අලුගුත්තේරුවාSunday, 13 August 2017 10:23 AM

ඔය කියන්නේ ජවිපෙ ගැනද? ජවිපෙ ආවොත් උද්ඝෝෂණ කරන්න පුළුවන්ද? ජවිපෙ කියන්නෙ ජනතා මතය අමු අමුවේ උල්ලංඝනය කරලා ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් ගහලා දෙමළ සංධානයෙත් එක්ක හවුලේ පාර්ලිමේන්තුවේ විපක්ෂ තනතුරු ටික බෙදාගත් පක්ෂයක් නේද? මේ අය බලය නැතිවම ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරනවා නම්, මාළිගාවල් වගේ ගෙවල් හා යාන වාහන තිබෙනවා නම්, බලය දුන්නොත් කොහොමට හිටීවිද?

:       0       0

රජින්ද Saturday, 12 August 2017 04:54 AM

යකාගේ හැටියට කියනවනේ විමානේ...!

:       0       7

indunil priyantha Saturday, 12 August 2017 05:15 AM

ජවිපෙට පක්ෂව යමක් දැම්මොත් පල කරන්නේ නැතිද?

:       68       127

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 06:09 AM

ජ.වි.පෙ. කල දෙයකුත් නැහැ. ගත්ත කතිරෙකුත් නැහැ. ඉතින් ඕවා පල කරනවට වඩා හොඳයි... නිකන් ඉන්න එක.

:       153       269

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 05:56 AM

මේ මිහිතලය පරම්පරා ගතව පිරිසිදු කරන පවුලක ඉපදී එම ක්‍රියාව ඉදිරියටම ගෙන යන වීරෝදාර පුරුෂයෙක් මෙයා. ගහක් පෙනෙන්න බැහැ කපලා සුද්ධ කරලාම තමයි පස්ස බලන්නේ. දැන් මහවැලි ගඟත් වැලි අයින්කර කර සුද්ධ කරනවා ජයටම.

:       0       453

babi Saturday, 12 August 2017 07:25 AM

ජනතා විමුක්ති පෙරමුණ ගැනත් බලමු. හිටපු හොරු නම් එපා.

:       314       142

gamini Saturday, 12 August 2017 07:27 AM

නො ඇරේ සුසිල්ගේ කට නම් දැන්.... හෙට පනීවිද?

:       0       6

kumar (galf) Saturday, 12 August 2017 08:33 AM

දැන් මෙයාට ගොටු අල්ලන්න තව කෝටි ගාණක් වියදම් කරන්න වේවි.

:       0       13

babi Saturday, 12 August 2017 09:18 AM

යකුන්ට උත්තර දීමේදී පොඩි අවුල් ඇති වෙනවා. සේරම කතිර බුලත් කොලේ හිටපු මිනිසුන්.... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.

:       0       29

අසෝක ජයතිලක මිලානෝ Saturday, 12 August 2017 09:39 AM

අප්පච්චිගේ අඩිපාරේ ගිය දඹාන පැත්තේ තරුණයා නේද මේ?

:       0       180

siri Saturday, 12 August 2017 10:02 AM

ගිලෙන නැවට පනින මෙහෙමත් මෝඩයෝ...

:       7       1

Rohan ........................ Sunday, 13 August 2017 08:07 AM

ඔන්න ඉතින් පටන් ගත්තා ගෙම්බෝ සෙල්ලම කොහෙන් නතර වෙයි කියන්න බෑනේ... මේ පනින ගෙඹි රිලව් සෙල්ලම !!!

:       0       0

RAVINDRA............................................ Sunday, 13 August 2017 08:12 AM

ලබන පෝයට බලමු තව කීයක් ඒවිද ...? කියලා

:       0       0

අලුගුත්තේරුවා Sunday, 13 August 2017 10:33 AM

පසුගිය රජය කාලේ මොවුන්ගේ ජනපදනම නැත්තටම නැතිවී තිබුණේ. මහින්දගේ ෆොටෝ එක දාගෙන ඉල්ලපු හින්දා තමයි ඡන්ද ලැබුණේ. මේ වගේ කිහිප දෙනෙක් හින්දා තමා මහින්දට විරුද්ධව හදපු කටකතා වලට පණ ලැබුණේ. ඒකාබද්ධය ඇතුළේ තව මේ වගේ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්වත් ඉවත් කර ගත යුතුයි, ඊළඟ ඡන්දෙට කලින්. පොහොට්ටුව කොහොමත් ජනප්‍රිය වෙලා ඉන්න වෙලාවේ මේ වගේ අය ඉන් ඉවත් කිරීමට පියවර ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 5 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 92 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 190 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 370 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1692 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 250 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site