IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති කොරෝනා එන්නත චීනෙන් ඉල්ලයි

 

(තිළිණි ද සිල්වා)
 
කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍රවල පිටපතක් ඉකුත් 12 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපිය බාර දුන් බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී දැනුම් දුන් අතර ඒ අනුව චීන එන්නත් ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමු කළේය.එම ලිපිය බාර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා  කියා සිටියේ එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවය.
 
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා ශ්‍රී ලංකා තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, කීර්තිමත් හා පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ශ්‍රී ලාංකික තානාපතිවරයා ලෙස පිළිගැනීමට චීනය සතුටු වන බව සදහන් කර ඇත. ආචාර්ය කොහොන මහතා මෙම හමුවේදී  කොවිඩ්-19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ චීනයේ ධුර කාලය තුළ දී තමාගේ  ප්‍රමුඛතා පිළිබඳව හොං මහතාට විස්තර කළේය. 

 

දෙරට අතර ඓතිහාසික, දීර්ඝ කාලීන හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළ ආචාර්ය කොහොන මහතා  ඉදිරි වසරවල දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් බාර ගත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට ප්‍රතිචාර දක්වමින්, නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳව සතුට පළ කළේය.
 
අතීතයේ දී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබා දී ඇති බවත් , අනාගතයේ දී ද චීනය ‍මිතුරෙකු ලෙස සැලකිය හැකි සේම වෙළඳ හා ආයෝජන සඳහා විවෘත වන විට දී ශ්‍රී  ලංකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (39)

ජනපති කොරෝනා එන්නත චීනෙන් ඉල්ලයි

fairoos Thursday, 14 January 2021 12:26 PM

අනිවාර්යයෙන්ම සර් පාස්...

:       16       45

gamunuThursday, 14 January 2021 02:47 PM

ලංකාවේ ඉඩම්, දේපළ සමග ගණුදෙණුවක් නොවේ නම් ප්‍රශ්නයක් නැත.

:       5       27

nimalThursday, 14 January 2021 10:19 PM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මාධ්‍ය ප්‍රකාශ දෙනවා රටේ ජනතාවට ගෙදර ඉන්න කියලා. එහෙම කියන අනුරුද්ධ පාදෙණිය පුංචි පාටි එකක් දාලා... කෝවිඩ් හැදුණු කෙනෙක් එතන ඉඳලාලු. අර කතාවක් තියෙනවානේ ‘‘ඔවා දෙනු පරහට... තමා සම්මතෙහි පිහිටා සිට..‘‘ කියලා.

:       1       6

Dasa PFriday, 15 January 2021 12:27 PM

ඒ පාටි එකේ දුන්නේ ප්‍රතිශක්තිය දෙන දේශීය ආහාර නොවැ. දොස්තරලා බිව්වේ කොත්තමල්ලි වතුර...

:       0       2

RasikaFriday, 15 January 2021 01:01 AM

හැමදේකම ඇද හොයනවට වඩා බලන්න මේ එන්නත වෙන රටවලුත් ගන්නවද කියලා ...

:       11       4

Nuwan Thursday, 14 January 2021 12:48 PM

මොලේ තියෙන අපි නම් දැනගෙන හිටියා පැණියක් දාලා මිනිස්සු පිස්සු වට්ටලා කල් ගත්තේ චීනේ ඉන්ජෙක්ෂන් එක එළියට එනකන් කියලා. සියයට 50 සාර්ථකත්වයක් තියෙන එන්නතක් ගෙනැල්ලා තවත් සල්ලි කාබාසිනියා කරන වැඩක් මේක...

:       12       93

චින්තක Thursday, 14 January 2021 07:45 PM

තරහා වෙන්න එපා කිව්වට, අපි සිංහලනේ,,, එන්නත ගේන්නේ නැහැ කියලා පහුගිය කාලේ "පුතාණෝගේ" වහල්ලු ටික අඬ අඬා හිටියා. ඔන්න දැන් ගේන්න හදද්දී ගේන්න එපා කියලා තපුල්ලන්න ගන්නවා.

:       15       2

Nihal Thursday, 14 January 2021 01:14 PM

බෙහෙත් නම් ඕනි නෑ ආයුබෝවන්ඩ... 69 ලක්ෂයක් අං තට්ටු තමයි අපිට ඕනෑ.

:       12       99

JayamalFriday, 15 January 2021 12:07 PM

මේ අං තට්ටු 69 ලක්ෂය ළඟදීම චීනයෙන් ගෙන්වීමට සියලු සැලසුම් දියත් කර ඇත.

:       2       8

chandima Thursday, 14 January 2021 01:17 PM

වෙනදාට ටෙලිෆෝන් කරන කෙනා මේපාර මොකද ලියුමක් යැව්වේ.. ? පස්සේ කොරෝනා නිසා තැපැල් ප්‍රමාදයි කියයිද?

:       7       58

SumithFriday, 15 January 2021 11:57 AM

දැන් ටෙලිෆෝන් කරන කොට චීන්නු කෝල් කට් කරනවනේ.. මෙහෙම ජාතියක්...

:       1       7

mohomed Thursday, 14 January 2021 01:23 PM

ඔව්, ඔව් ලංකාවේ තව මොනවාහරි චීන්නුන්ට විකුණලා ඔය එන්නත් ගනියි.

:       8       58

ThomasFriday, 15 January 2021 11:50 AM

දැන් ඉතුරු වෙලා තියෙන්නේ, පිටකොටුවේ බස්නැවතුම් පොළ විතරයි.

:       0       8

araMonday, 18 January 2021 03:44 AM

ඒක තාම අපේද? හරි සන්තෝසයි...

:       0       0

sena Thursday, 14 January 2021 01:34 PM

හිටපු ඇමැතිවරයෙක් කිව්වා ඩොලර් 2කට එන්නත ගන්න පුළුවන් කියලා... ඒත් මොකද ඩොලර් 60ක් වන චීන එන්නත ගෙන්වන්න යන්නේ...

:       8       42

jagathFriday, 15 January 2021 12:54 AM

කමිෂන් හම්බ වෙන්නේ චීනාගෙන්නේ. එතුමාත් අයියා වගේ මොනවාහරි හම්බකරලා තියෙන්න එපැයි.

:       2       15

vikum Thursday, 14 January 2021 01:38 PM

චීනයට අල්ලපු රට වන හොංකොං වල චීනයේ නිෂ්පාදිත කොරොනා එන්නත පිළිබඳව එතරම් විශ්වාසයක් නොමැත. එක වෙලාවක කියනවා ඉන්දියාවෙන් ගෙනාවා කියලා.. තව වෙලාවක කියනවා චීනයෙන් ගෙන්වනවා කියලා.. පෙනෙන විදියට සර්ට දැන් මොකද්දෝ වෙලා වගේ...

:       10       59

RasikaThursday, 14 January 2021 04:45 PM

ඩුබායි වලත් දෙන්න චීනයේ ඉන්ජෙක්ෂන් එක... මෙක්සිකෝව වැනි දකුණු ඇමෙරිකානු රටවල චීනෙ ඉන්ජෙක්ෂන් එක දෙන්න.

:       7       2

RasiksFriday, 15 January 2021 03:03 AM

එක එන්නතකට මුලු රටේම අවශ්‍යතාවය සැපරීමට නොහැකියි. උදාහරණයක් ලෙස ඩුබායි වල චීනයේ එන්නත් දෙවර්ගයක්ම දෙනවා. අනිත් රටවලත් එහෙමයි. අපේ රටේ බක පණ්ඩිතයින් ඒවා දන්නේ නැහැ.

:       14       5

thilake Thursday, 14 January 2021 01:41 PM

බෙහෙත් ඕනේ නැහැ. දැන් ඇති. මේ රට ලේ ගඟක් කරන්නේ නැතිව වහාම ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් තියන්න. එතකොට බලන්න පුළුවන්.. ඔය බයියෝ කොහෙද කියලා. කෙසේවෙතත් අගෝස්තු මාසෙට පස්සේ ඔබටවත්, ඔබගේ පොලිස් රාජ්‍යයටවත්, බයියන්ගේ ආණ්ඩුවටවත් මේ රට කරගෙන යන්න බැරිවෙනවා. රුවන්වැලිසෑය කියන උතුම්ම ස්ථානයේ ඔබ දිව්රුම් දුන්නා මතකද?

:       1       5

Sirimal Thursday, 14 January 2021 01:56 PM

අමුඅමුවේ රටක් මෙහෙම විනාශ කරන්න පුලුවන්ද දෙයියනේ? 2009 කොටියාගෙන් බේරාගෙන කොච්චර හොඳට දියුණු කරන්න තිබුණු රටක්ද? මේ චීනාගේ මර උගුලේ සංවර්ධනය මුවාවෙන් දැම්මේ? කොන්ද පණ නැති විපක්ෂේ කියලා හිටපු කට්ටියත් මේ අපරාදෙට වග කියන්න ඕනේ...

:       1       3

කපුරු හාමි Thursday, 14 January 2021 01:59 PM

චීනා කරපු හරිය හොඳටම ඇති. දැනටමත් රටෙන් බාගෙට භාගයක් විතර ඒ අයට දීලානේ තියෙන්නේ...

:       1       4

පිටිගල මිලානෝ Thursday, 14 January 2021 02:00 PM

පැණි පොවලා ජාමෙ බේරාගන්න ගිය මෙයාගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද? ලෝකය පිළිගත් විශ්වාසනීය එන්නත් හදලා තියෙන්නේ ඇමරිකාවේ ෆයිසර් ආයතනය සහ එංගලන්තයේ එන්නතයි. චීන සහ රුසියානු එන්නත් ගැන සැක සහිතයි. පුලුවන් නම් ඔබ සහ ඔබේ පවුලටම චීන එන්නත විදගන්නවා කියලා අවංකව කියන්න පුලුවන්ද? අනේ අනුරාධපුර නානා අක්කෙ අපිව බෙරා ගන්න...!

:       1       6

Prasad Thursday, 14 January 2021 02:45 PM

ඔයාලා පැණික් වෙන්න එපා. මට උතුර, දකුණ මාරුවෙලා ඉන්නේ...

:       7       47

chandima Thursday, 14 January 2021 02:49 PM

බේත හදලා අත ගන්න හම්බවුණේ නැහැණයට ඉල්ලනවා. චීන්නුන්ටත් දැන් මහා වදයක් වෙලා ඇති. තානාපති දිවුරුම් දෙන්න එනගමනුත් ණයට ඉල්ලගෙන තමයි එන්නේ. කරන්න දෙයක් නැහැ... චීනෝ...! කුම්බලා මාලු කෑවා නම් දුක විඳින්න වෙනවා.

:       1       8

Raveendra Thursday, 14 January 2021 03:42 PM

අමුතුවෙන් ලියුම් ලියලා ඉල්ලන්න දෙයක් නෑ. ලංකාව දැන් කොහොමත් පාලනය වෙන්නේ චීනයේ යටත් විජිතයක් වගේ. ඒක හින්දා ඕක අඩුවට දෙයි. ඒකෙන් ලොකු ගාණක් මේ අයට කොමිස් ගහගන්නත් පුලුවන් එතකොට. ඒ වැඩ පිලිවෙල ගැන අපි කොහොමත් දන්නවනේ... මෙන්න මේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත කියලා යවලා තියෙන පාලිත කියන හාදයා මීට කලිනුත් විදේශ සේවයේ ලොකු නිලතලවල ඉඳලා මේ රටට කරපු පොඩි හරි සේවයක් තියෙනවද කියලා දන්න කවුරු හරි ඉන්නවද? බලයේ ඉන්න අයට ගොට්ට ඇල්ලීමේ ආශිර්වාදයෙන් හැමදාම මේ වගේ තනතුරු වරප්‍රසාද අරගෙන රටට සෙතක් නොකරන විදේශ තානාපති සේවයේ ඉන්න බහිරවයින් ටික ඉන්න තාක්කල් මේ රටේ විදේශ තානාපති සේවයත් හැමදාම වලපල්ලෙම තමයි...

:       1       4

Dilshad Thursday, 14 January 2021 04:00 PM

බෙහෙත ගෙන්නන්න කලබල වෙන්න එපා... තව මියයනකම් ඉන්න.

:       1       3

Prabha Thursday, 14 January 2021 04:01 PM

ඉල්ලන්න දෙයක් නැහැ. චීනයේ හැම ප්‍රාන්තයකටම අනිවාර්යයෙන් දෙනවලු.

:       0       4

mal Thursday, 14 January 2021 05:20 PM

මේ එන්නතේ සාර්ථකත්වය 40%ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තියෙන්නේ. 95%ක් සාර්ථක බවට නිර්දේශ වී අතේ අනෙකුත් එන්නත් තියෙද්දී මේ වගේ එකක් ගන්න වෙන මොනවා හරි හේතුවක් ඇති මගේ හිතේ.

:       1       3

සිරිබිරි Thursday, 14 January 2021 06:14 PM

ලංකාවට උචිත එක නෙවෙයි ගෙන්නන්නේ. එයාට ඕන එක... පුදුම වැඩක්නේ මේක...

:       0       3

alwis Thursday, 14 January 2021 08:43 PM

හරි නම් චීනය මුළු ලෝකෙටම මේ එන්නත නිකං දෙන්න ඕනේ.... මොකද ඒ අයනේ මේක පටන් ගත්තේ !

:       0       4

Ashan Thursday, 14 January 2021 09:07 PM

මං දන්න විදිහට මේ චීන එන්නත් තාම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා නෑ. කොහෙන් හරි බාල බඩුවක් ගෙනැල්ලා ඇඟ බේරගන්න හදන්නේ...

:       0       3

banda Thursday, 14 January 2021 09:35 PM

ඔය චීන එන්නත 69 ලක්ෂයට දීලා... අනෙක් අයට ඔක්ස්ෆර්ඩ් එන්නත දෙන්න.

:       1       17

ලුම්බිණි Thursday, 14 January 2021 11:41 PM

අපේ පැණිය ගත්තා නම් මීට වඩා නරකද?

:       1       3

nalin Friday, 15 January 2021 01:35 AM

කෙරුවොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි.. කිසිම දැක්මක් නැති නායකයෙක්... නිවැරදි භාවය 50% කියලා තියෙන චීන එන්නත ගෙන්නන්න තමයි ට්‍රයි කරන්නේ... එතකොට පුලුවන්නේ... ඒකෙනුත් හෙන්චයියන්ට වැඩි ගාණක් හම්බකරලා දෙන්න. මොකද 50% වැඩ කරන්නේ...? අර සීනිවලින් ගසා කෑවා වගේ එන්නතෙනුත් ගසා කන්න තමයි බලන්නේ..

:       2       24

Nihal Friday, 15 January 2021 02:05 AM

සිංහලුන් වඳ වෙන්නත් එක්කම බෙහෙත හදයි. එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි.

:       2       6

kamal Friday, 15 January 2021 06:51 AM

දැන් මේකට වරායේ තව පර්යන්තයක් හොයන්න වෙයි.

:       1       12

jagath Friday, 15 January 2021 08:37 AM

චීන්නුවා ලංකාවෙන් එළවාගෙන පෙළපාලි ගිය කාලය අමතක වෙලා වගේ...

:       1       4

jagath Friday, 15 January 2021 09:30 AM

චීන්නුක්ව ලංකාවෙන් එළවාගන්න පෙළපාලි ගිය කාලයේ අමතක වෙලා වගේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 78 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 188 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 366 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1659 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 248 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 458 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site