IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චෛත්‍යට නැඟි තරුණයින් සොයා පොලිසිය අග්නිදිග සරසවියට යයි

( පැතුම් දර්ශන)
 
 හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල  වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මෙ වනවිට (23)  අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයට යවා ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් හොරොව්පොතාන කිරලාගල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි නටබුන් සහිත පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළුවී චෛත්‍යක් මතට නැගගත් තරුණයන් හත් දෙනෙකු විසින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැර ඇති බවත්  සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා කිරළාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරි සුමිත් බංඩාර රත්නායක මහතා  හොරොව්පොතාන පොලීසියට ඊයේ (22) සවස පැමිණිලි කර තිබුණි.
 
 ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියෙ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා එම පැමිණිල්ලට අදාළ මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම සිද්ධියට සැකකරුවන් හත්දෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුන් බවත්ය.
 
 එයින් එක් සැකකරුවෙකු හොරොව්පොතාන ප්‍රදේශයේ වන අතර අනෙක් සැකකරුවන් හය දෙනා නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් බවත් පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.
 
2018.01.05 වන දින හෝ ඊට ආසන්න දිනකදී හොරොව්පොතාන ප්‍රදේශයේ සිටින යහලුවාගේ නිවසට පැමිණි ඇති ඔවුන් කිරලාගල පුරාවිද්‍යා භූමියේ ද සංචාරය කොට තිබේ.එහිදී මෙම ඉපැරැණි චෛත්‍යය මතට නැගී ඡායාරූප ගෙන ඇති අතර එයින් වසරකට පමණ පසුව  එම ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැර ඇත්තේ මීට දින කිහිපයකට  ඉහත දී ය.
 
 සමාජ ජාලා වෙබ් අඩවි වලින් එම ක්‍රියාව දැඩිලෙස විවෙචනයටද ලක්වෙමින් තිබේ.  


හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණය සිදු කරති.



අදහස් (3)

චෛත්‍යට නැඟි තරුණයින් සොයා පොලිසිය අග්නිදිග සරසවියට යයි

Nandalal DE SILVA - France Wednesday, 23 January 2019 03:34 PM

උතුම් ආගමික ස්ථානවල ඇති වටිනාකම නොදන්නා මේ අය ගැන විස්තර කිරීමට වචන නැත! මෙහෙව් පිරිසක්ද සරසවි අධ්‍යාපනය සඳහා රටේ බදු ගෙවන අය යවා තිබෙන්නේ? මේ අයගේ සරසවි දොර සදාකාලිකවම වසා දමා හේන් කොටන්න දුෂ්කර පළාත්වලට යවන්න.

:       199       1058

RaveendraThursday, 24 January 2019 02:58 AM

Nandalal DE SILVA - France මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු. උසස් පෙළ ඉහළින්ම සමත් යනු මුළු ලෝකෙම තිබෙන දැනුම් සම්භාරය ලබාගත් උදවිය වන අතර සරසවි අධ්‍යාපනය ලැබුවා හෝ ලබනවා යනු මේ මුළු සෞරග්‍රහ මණ්ඩලේම තිබෙන සියල්ලම දත් උසස්ම ජීවින් කොට්ඨාශයක් බැවින් පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ආගමික ස්ථාන එම ජීවින්ට නම් කිසිදු වැදගත්කමක් හෝ දැනගැනීමට එවන් ස්ථානවල නැතිබවත් දැන්වීමට කැමැත්තෙමු. තවද සමාජයේ හැසිරීමද ඉතාම ඉහළින් තිබෙන මෙම ජීවින් හොඳ නරක පිළිබඳ විශේෂ උපාධි ලබාගත්තෝය. එබැවින් හැසිරීම් පිළිබඳවද කිසිඳු අඩුවක් කීමට හෝ දැකීමටද නැත.

:       10       62

BamunuarachchiFriday, 25 January 2019 01:47 AM

මොකක්කද රවීන්ද්‍ර ඒ කතාව "උසස් පෙළ ඉහළින්ම සමත් යනු මුළු ලෝකෙම තිබෙන දැනුම් සම්භාරය ලබාගත් උදවිය වන අතර සරසවි අධ්‍යාපනය ලැබුවා හෝ ලබනවා යනු මේ මුළු සෞරග්‍රහ මණ්ඩලේම තිබෙන සියල්ලම දත් උසස්ම ජීවින් කොට්ඨාශයක් බැවින්" ඔබ කොහෙන්ද ඔයටික ඉගෙන ගත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 174 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 208 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 215 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 405 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1961 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 291 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site