( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති මෙම කමිටු රැස්වීමේ දී සම්මත වූ යෝජනාව ඉදිරි දිනවල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමටත් තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්, අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතු බවට ජනතාව අතර මතයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් කමිටුවේ දී සාකච්ඡා කළා. දිස්ත්‍රික් කමිටුවේ ඒකමතික තීන්දුව වුණෙත් අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයි කියන එකයි. ඒ අනුව අපි ඒ මතය මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමට කටයුතු කරනවා.
කොහොම වුණත් අගෝස්තු මාසේ 11 වැනි දා අපේ පක්ෂයේ මහ සමුළුවේ දී අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ නායකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව පක්ෂයේ අපේක්ෂකයා එතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා එතුමා අපේ යෝජනා ගැනත් සැලකිල්ල යොමු කරයි කියලා.
එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපේක්ෂකයෙක් නැතිව වල්මත් වෙලා තියෙනවා. සමහර ඇමැතිවරුන් හිතනවා තමන් අපේක්ෂකයා ලෙස නම් කරයි කියලා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අකමැති කිසිවකුට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගන්න බැරි බව. රනිල්ට ඕනේ වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය දිනන්න නෙමෙයි පක්ෂ නායකත්වය රැකගන්නයි.
අපි දැක්ක අපේක්ෂකයෝ නැතත් ආර්යාවෝ නම් බිහිවෙලා ඉන්නවා. දැන් එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හොයන්න නෙමෙයි බිහිවෙලා ඉන්න ආර්යාවට ගැලපෙන අපේක්ෂකයෙක් හොයන්නයි. සජිත් මහත්තයටත් සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආර්යාවට තියෙන අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් අපේක්ෂකත්වය දිනාගන්න.
ජනාධිපතිවරණය ළංවෙන කොට එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි ජාති, ආගම් භේද වපුරවන්න උත්සහ ගනිමින් සිටිනවා. නපුංසක ඇමැතිවරුන් ලවා මහා සංඝරත්නයට අපහාස කරවීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ එ. ජා. ප නායකත්වයේ ආශිර්වාදය ඇතිවයි. එහි ප්‍රමුඛස්ථානය ලැබිලා තියෙන්නේ රන්ජන් සහ මංගල කියන ඇමැතිවරුන් දෙපළටයි.
අපි අවධාරණයෙන් කියනවා ජාති, ආගම් භේද වපුරලා මේ වතාවේ ජනාධිපතිවරණය දිනන්න එක්සත් ජාතික පක්ෂයට බැරි බව. මේ වතාවේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ පොදුජන පෙරමුණෙන්. මුළු රටම දැන් අපේ අපේක්ෂකයා දිනවීම සඳහා පෙළ ගැසී තිබෙනවා. ඒ අපේක්ෂකයාගේ අහළකටවත් ළං වෙන්න ඔය ඉන්න අපේක්ෂකයන් දුසිම් ගණනකටවත් බැහැ.
අපි දැක්කා සමහර අපේක්ෂකයෝ මේ දවස්වල කුඩේ කුඩු වෙලා යන හැටි. එක අපේක්ෂකයෙක් බලෙන් ප්‍රභූ වෙන්න ගිහින් ඇඳිවත ගලවා ගත්තා. තව අපේක්ෂකයෙක් කුණු ගෙන්නලා කුණු වෙලා ගියා. තවත් කෙනෙක් කැසිනෝ හින්දා නට්ටං වුණා. එහෙම බලනකොට පොහොට්ටුවට තර්ජනයක් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේවත් නැහැ" යැයි ද පැවසයී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගම්පහ කැමැත්ත ගෝඨාට
sirimal Sunday, 21 July 2019 08:47 AM
අහන්නත් දෙයක්යැ. යෝජනා කරන එක ලේසියි. දිනවන එක තමයි වැඩේ.
sam Sunday, 21 July 2019 08:54 AM
එහෙනම් එතුමාව ''ගම්පහ ජනාධිපති'' කරමු.
Bamunuarachchi Sunday, 21 July 2019 08:58 AM
කියන්න බැහැ අර පබා උන්දැව යෝජනා කොරයිද කියලා. එහෙම ලූස් මඥ්ඥ පොරවල් ගම්පහ ඉන්නේ.
Buddika Sunday, 21 July 2019 09:00 AM
අනේ අපට නම් රාජපක්ෂලාගේ හෙවනැල්ලවත් එපා. මෙයාට මොනවද වංචාවක් සම්බන්ධ නඩුවක් තියෙනවානේද, ඒවාට විවිධ හේතු කියමින් කල්යවන්නේ වැරැදි බව දන්න නිසාද
Nevil Oman Sunday, 21 July 2019 09:19 AM
ඔය කියන එක්කෙනාට ගොට්ට ඇල්ලුවේ නැත්නම් මේ අනාථ දේශපාලුවන්ට යන එන මං නැත.
Amila Sunday, 21 July 2019 09:32 AM
පොදුජන පෙරමුණ වෙනුවට ඕකට පවුල් පෙරමුණ කියලා දාගත්තා නම් නියමෙට ගැලපෙනවා. අනික ඔය මනුස්සයා තවම ඇමරිකවේ පුරවැසියෙක්
C.K.LankaputhraMonday, 22 July 2019 01:50 AM
ඒක හොඳයි. ශ්‍රී ලංකා ජාතික මැදමූලන පවුල් පෙරමුණ (DLJMPP) කියල දාමු. දෙකක් නෑ හිටු කියල කතිර වැටෙයි.
menna Sunday, 21 July 2019 09:53 AM
එක්ෂත් ජාතික පක්ෂය ඇමරිකාව එක්ක ගිවිසුම් ගහනවා කියාල කෑගහන කිට්ටියම, ඇමරිකානු පුරවැසිභාවය තියන පුද්ගලයකුව ජනාධිපති අපේක්ෂක කරන එකේ තේරුම මට නොතේරේ. ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරනවාය කියා රටට හෙලිකලද මේ වනතෙක් එය වසන් කර සිටීම නැවතත් ජනතාව මුලා කිරීමක් කියා මා සිතමි. තවද නගානන්ද කොඩිතුවක්කු මහතාද ජනාධිපතවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය අවලංගු කර ගන්නවාට වඩා විනිවිද භාවයෙන් තොරයැයි මම සිතමි. එමෙන්ම නගානන්ද කොඩිතුවක්කු මහතා දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනමත යෝජනාවක්ද ඉදිරියට ගෙන පැමිණ ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන පාර්ශව සම්බන්ධව විශ්වාසය අඩුය. මට මේ දෙදෙනා සමග පුද්ගලිකව ගැටළු නැතත් ලංකාවට අලුත් දෙයක් ගෙනල්ල මිනිසුන්ව විඩාවටපත් කරනවට වඩා හොඳ දැනට තියෙන දේවල් ලංකාවට සුදුසු විදියට සංශෝදනය කර ගෙන ඉදිරියට යෑමයැයි සිතමි. මොකද හැමෝම කරන්න පොරොන්දුවී නොකළ විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කිරීම සඳහා කැපවූ සිරිසේන ජනාධිපතිට මේ සැමදෙනාටම වඩා විශ්වාසයක් ඇත.
NuwanSunday, 21 July 2019 10:41 AM
නාගානන්ද යනු ප්‍රායෝගිකව කල නොහැකි ව්‍යවස්ථා වෙනසක් යෝජනා කරන කෙනෙක්. ඊට හොදා දැන් ඉන්න අය..... අඩුම ගානේ පොළොවෙ පයගහල හිටියෙ නැති උනාට මේ ලෝකේ ජීවත් වෙනවා. නාගානන්ද කියන්නෙ ප්‍රබන්ධ සිහිනයක ජීවත් වන්නෙක්. ඔහු පසු පස යන අය අර ලෙඩ රෝග වලට දේවාල ගානෙ යන අය වගේ තමා. ගුප්ත බලවේග වලින් ලෙඩ හොද කරන්නෙ යම් සේද එලෙස නාගානන්දගෙ නව ව්‍යවස්ථාව රට හදනවා.
ගයාන්Sunday, 21 July 2019 12:23 PM
නුවන්ගේ කතාවෙන් පේන්නේ අඩු ගානේ නාගානන්ද කියන්නේ මොනවද කියලවත් තේරුම් ගත්ත කෙනෙක් නොවන බවයි. දැන් ඉන්න හොරු මැරයෝ හොඳයි කියන එකෙන්ම පේන්වා බුද්ධියේ තරම.
sathisSunday, 21 July 2019 03:54 PM
නාගානන්දගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න මොනවාද? දැන් පවතින ව්‍යවස්ථාවට වඩා පිරිසිදු නිවහල් ව්‍යවස්ථාවක් නොවෙයිද ඒක? නාගානන්ද මහත්මයාට 51% ක ඡන්දයක් ලැබුනොත් එතුමාගේ ව්‍යවස්ථාව බලගැන්වෙනවා. දැනට පවතින ව්‍යවස්ථාව සම්මත කරගත්තේ දියවන්නාවේ සිටින අන්ත දුෂිතයින් 225 දෙනෙකුගේ ඡන්දයෙනි. නමුත් නගානන්දගේ ව්‍යවස්ථාව සම්මත කරන්නේ බහුතරයක් රට වැසියන් විසින්. එයයි වඩාත් නිවැරදි.
BamunuarachchiMonday, 22 July 2019 01:50 AM
එතකොට නාගානන්දගේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න උවමනාවක් නැද්ද? මේ වනවිට ජනාධිපති ගේ බලතල බොහොමයක්ම එයාගෙන් ගිලිහී ගිහිල්ලා සුලුජාතිකයින්ටත් බලතල ලැබිලා කියා දන්නවාද? අනාගතය ගැන සිතන්න බැරි නායකයෙක් ගත් තීරණ නිසා ජනාධිපති බලතල බලු නකුටන්ට ගියා. දැන් නකුට බල්ලා හොලවනවා.
banda Sunday, 21 July 2019 10:03 AM
ගෝඨාට පසුව ජනාදිපති වශයෙන් නාමල් සුදුසු යැයි මම යෝජනා කරමි .
subahaSunday, 21 July 2019 11:18 AM
කව්ද පැටියො නාමල් කියන්නේ?
BamunuarachchiSunday, 21 July 2019 06:07 PM
රටේ ජනතාව කැමති උනොත් අපි මොනවා කරන්නද?
Chanak los angeles Sunday, 21 July 2019 04:41 PM
ගම්පහ ජනතාවට නැවත වතාවක් දැනුම් දෙන වගනම් ඔබලා ඉල්ලනවා කියන පුද්ගලයාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි වී නොමැත. එහෙනම් අපි දන්නවානේ. ඒ වගේම ලංකාවේ ඔහුට විරුද්ධව විභාග වන නඩු එමටයි/ තවත් නඩු පෝලිමේ. ශාරීරික අතින් බයිපාස් රෝගියෙක්. මේ කරුණු කාරණා මත එම පුද්ගලයාව ජනපති අපේක්ෂක වශයෙන් යෝජනා කිරීම ස්ථිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඡන්ද අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම් අල්ප මාත්‍රයක් වත් නොදන්නාකම කියා සිතමි .
Bishan Sunday, 21 July 2019 07:36 PM
නඩු පිට නඩු
Jay Monday, 22 July 2019 02:54 AM
කරුණාකර සිංහල අප සියලු දෙනාම එක්ක ජාතිය නාමයෙන් දැන් වත් තේරුම් ගන්න. ශ්‍රී ලංකා මාතාවට ගරු කරන පුද්ගලයෙක් පුද්ගලයෙක් දින වන්න.
Chaminda Monday, 22 July 2019 04:36 AM
අපිත් ගම්පහ අපි නම් දෙන්නේ නැහැ මෙයාට
BamunuarachchiMonday, 22 July 2019 10:41 AM
කරුට ඡන්දෙ නොදී පබාට ඡන්දෙ දීපු ගමපහ මඥඥං කට්ටිය ගෝඨාභය වගේ කෙනෙකුගේ වටිනාකම දකීද? මැණිකක වටිනාකම පොට්ටයෝ දකින්නේ නැතිබව අපි දන්නවා .
Bamunuarachchi Monday, 22 July 2019 10:36 AM
හිරු දකින පිනි වගේ ඝෝඨාභය දකින විට නඩු වාෂ්ප වෙනවා ඒ නිසා නඩු ගැන හිතන්න එපා.රට ගැන හිතන නිර්භීත නායකයෙක් තෝර ගන්න. යුද්දයක් කොරන්න බැරි පණ නැති අය තෝර ගන්න එපා නැවත බෝම පිපිරුවොත් මොවුන් වහබ් කාරයින්ට රට භාර දෙවි. එහෙම පාලකයොයි ඉන්නේ.
Chanak los angelesMonday, 22 July 2019 03:29 PM
සුළු ජාතියට රට යනවා කියනවා නම් අපිට සිහිවෙන්නේ තව පොඩ්ඩෙන් රට යන්නේ දහස් ගණන් ජීවිත වනසපු සාටක විසින් පක්ෂයේ උප සභාපති කමට පත්කරගත් සුළුජාතික කරුණා අම්මාන්ලාටයි. මෙලෝ අධ්‍යාපනයක් නැති සුළුජාතික පිල්ලෙයාන්ලටයි .
BamunuarachchiMonday, 22 July 2019 05:25 PM
සුළු ජාතීන්ට යනවා නොවෙයි දැනටමත් ගිහිල්ලා තිබෙන්නේ.
BamunuarachchiMonday, 22 July 2019 05:33 PM
යුද්ද කොරන්න මොකටද අධ්‍යායාපනය ඉලක්කෙට වෙඩිතියන්න පුලුවන්නම් ඒ ඇති.