IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගනුදෙණුකරුවන්ගේ මුදල් කෝටි 4 ක් අවභාවිතාවේ - දකුණේ සමූපකාර ඇමති

(ගාල්ල අමල් වික්‍රමරත්න සහ හබරාදුව නිමල් අල්ගේවත්ත)

හබරාදුව විවිධ සේවා සමුපාකාර  සංගමයට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න මුදල් ප්‍රමාණයක්  අවභාවිතා කිරීම නිසා ගනුදෙනු කරුවන් විශාල පිරිසක් විශාල අපහසුතාවයකට ලක්වී ඇතැයි අනාවරණයවේ. දකුණු පළාතේ තිබෙන විවිධ සේවා සමුපාකාර සංගම් 34 අතුරින් කිහිපයක් හැරෙන්නට අනිකුත් සංගම් සියල්ලද මෙවැනිම  අන්ත දුෂිත තත්වයකට පත් වී ඇතැයිද දකුණු පළාත්  කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ජලසම්පාදන හා ජාලාපවහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ වෙළද හා සමුපාකාර සංවර්ධන අමාත්‍ය යු. ජි. ඩි. ආරියතිලක මහතා පවසයි.

මෙම කරුණු අද 19 සවස දක්ෂිනපාය සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආරියතිලක මහතා එසේ පැවසීය  එහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය වරයා මෙසේද පැවසීය.

හබරාදුව විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල මුදල් තැන්පත් කළ ගිණුම් හිමියන්ට  ඔවුන්ගේ තැන්පත් මුදල් ලබා ගැනීමට ගියවිට එම මුදල් ලබාගැනීමට නොහැකිවෙලා. පසුගිය දින කිහිපයේ අමාත්‍යංශයට පැමිණිලි කළ හා අදහස්  දැක්වූ පිරිස පමණක් 40 කට අධිකයි. 

මේ වනවිට ගනුදෙනු කරුවන් 14 ආසන්න පිරිසක් හබරාදුව පොලීසියට පැමිණිලි කර ඇති අතර රුපියල්  ලක්ෂ   තුනකට වඩා ග්‍රාමීය බැංකු ශාඛාවල  මුදල් තැන්පකළ  පිරිසක්ද සිය මුදල් ලබා නොදෙන බව පවසමින් ගාල්ල පොලිසියට ද පැමිණිලි කර තිබේ. තවත් පිරිසක් සිය පැමිණිලි කිරීමට පොලිසි ගියද ඔවුන්ට තව දින කිහිපයක් ඉවසා සිටිනලෙස පවසා පැමිණිලි ලියා නොගෙන ඇතැයි තමාට දැනගන්නට ලැබී ඇතැයිද  අමාත්‍යවරයා පැවසීය.

නීතියේ තිබෙන හිඩැස් නිසා මෙම සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් සමුපකාර කොමසාරිස් වරයා මගින් කරනු ලබන පරීක්ෂණ වලටද සහයෝගය නොදෙන තත්වයකට පත්ව ඇතැයිද පවසන අමාත්‍යවරයා මෙවැනි චෝදනා ලබන පුද්ගලයනට මහජන මුදල් ගසාකමින් එම තනතුරුවල රැදී සිටීමට නීතිය තුලින්ම  අවස්ථාව ලැබී තිබීම කණගාටුවට කරුණක් බවද පැවසීය.



අදහස් (5)

ගනුදෙණුකරුවන්ගේ මුදල් කෝටි 4 ක් අවභාවිතාවේ - දකුණේ සමූපකාර ඇමති

Hafeel Friday, 19 May 2017 03:52 PM

දිනපතාම අහන්න ලැබෙන්නේ මිනි මැරීම්, දුෂණ, වංචා.

:       0       1

howpe malli Saturday, 20 May 2017 01:41 AM

හබරාදුව සමුපකාර සමතියේ ඉන්නේ මේ අයගෙ කට්ටිය... සල්ලි ටික දෙන්න දෙපැත්තේ ඉන්න නිසා ගැටඹෙට හා ගෝල්ෆේස් වලට ගෙනියන්න ඇති...

:       0       0

senarath Saturday, 20 May 2017 03:18 AM

මේකද යහපාලනය ? කොහොමද වෙනස හොඳද ? 49 CC මෝටර් බිසිකල් වලටත් දැන් බලපත්‍ර ඕනේ බව කිව්වෙ නිකම්ම නෙවෙයි... මිලදී ගත්තු දවසේ ඉඳලම ලයිසන් කරන්න ඕනේ දඩත් ගහලා....

:       25       0

himalSaturday, 20 May 2017 05:57 AM

ප්‍රවෘත්තියට අදාළව ප්‍රතිචාර දක්වන්න... සමූපකාර සංගම්වල මුදල් අවභාවිත කරනවා නම් ඒක ඒ සමූපකාරේ සාමාජිකයෝ හොයන්න බලන්න ඕන මුලින්ම...

:       0       14

Chanak Los angeles Sunday, 21 May 2017 08:13 AM

හෆීල් ... මේවා අප රටට ආවේනිකව පවතින සම්ප්‍රදායයන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 52 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 55 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 708 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 649 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 304 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site