IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොන්දේසි විරහිතව ‘ටෙලෝ‘ සහය සජිත්ට

(සිතුම් චතුරංග)
         
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ)  කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.
 
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ)  පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දැක්වීමට ගත් තීරණයද අනුමත කරන බවත් සඳහන් කළේය.
       
අඩෙක්කලනාදන් මහතා අද (07) උදෑසන මාධ්‍ය  නිවේදනයක් ද නිකුත් කරමින් පවසා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට තීරණය කළ බවයි.
 
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය නියෝජිතයින් තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඒකමතිකව හිමිව ඇති බවත් හෙතෙම නිවේදනය සඳහන්කර සිටියි.

 කිසිදු කොන්දේසියක් නොමැතිව ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවද සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සඳහන් කර සිටියේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වි ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පසුගිය 03 වැනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළකරන බව පැවසීය.
       
 



අදහස් (23)

කොන්දේසි විරහිතව ‘ටෙලෝ‘ සහය සජිත්ට

සිම්රාන් Thursday, 07 November 2019 04:56 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.

:       6       67

දේවයානි Thursday, 07 November 2019 04:58 AM

දෙමල මුස්ලිම් සහ සිංහල ජනයාගේ ඉතා විශාල ඡන්ද ප්‍රමාණයෙන් සජිත් මීළඟ ජනපති වෙනවා.

:       643       2294

ජෝතිකා Thursday, 07 November 2019 04:59 AM

ජන රැල්ල හැටියට නම් ජනපති සජිත්ම තමයි.

:       93       1237

Chanak los angeles Thursday, 07 November 2019 05:24 AM

නියමයි... දැන් ඉතින් අයියටයි මල්ලිටයි ජනේලයේ එල්ලෙන්නයි වෙන්නේ.

:       53       1368

Rasika Pradeep Thursday, 07 November 2019 05:25 AM

මෙය මොකද පරක්කු උනේ.

:       7       71

සිම්රාන් Thursday, 07 November 2019 05:28 AM

සජිත්ට සුබ පැතුම්

:       14       615

අජිත් Thursday, 07 November 2019 05:31 AM

දුප්පතාගේ හිතවතා දිනනවා.

:       138       747

සමරසේකර Thursday, 07 November 2019 05:32 AM

සජිත් නියත වශයෙන්ම ජනපති වෙනවා , තියුණු සටනක් තියෙයි නමුත් සජිත් දිනනවා

:       30       577

සේන Thursday, 07 November 2019 05:35 AM

ඇතැමුන් උදම් අණනු පෙනේ. ත්‍රස්තවාදී අදහස් ඇතිවුන් සජිත් වටා රොක්වන්නේ කුමක් අරබයාදැයි ළදරුවෙකුට වුවද පැහැදිලිය. එවන් ළදරු මනසක් තරම්වත් වූ මනසක් නැති අය කකුළුවන් දිය උණුවෙනතුරු උඩ පණිනවා සේ සතුටු වේ. ඒ පක්ෂයක් පමණක් බදාගෙන සිටින පටු මිනිසුන් ය. සියල්ලට වඩා වටින්නේ රටය. රට රැක ගැනීම සඳහා බුද්ධිමත් ජනතාව පෙළ ගැසී ඇත. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.

:       2372       1607

HemanthaThursday, 07 November 2019 06:01 AM

හැම ඡන්දෙකදිම කියන්නේ යුඑන්පි රට දෙන්න ගිවිසුම් ගහනවා කියලා, නමුත් ඒක බොරුවක් කියලා දැන් මිනිස්සු දන්නවා. ළදරු මනස තියෙන්නේ කාටද කියල දැන් හොදට පැහැදිලියි. මොලයෙන් හිතන්න පුරුදු වෙන්න.

:       123       185

රජනිකාන්ත් Thursday, 07 November 2019 05:47 AM

සුපර් ස්ටාර් සජිත්

:       145       332

කමලහාසන්Thursday, 07 November 2019 05:59 AM

ඉන්දියාවේ සුපර් ස්ටාර් රජනිකාන්ත් ලංකාවේ සුපෙර් ස්ටාර් සජිත්

:       1       166

Thilina Thursday, 07 November 2019 05:50 AM

ඇත්තටම මොන මොන කොමෙන්ට් දැම්මත් දැනටමත් ජනමතය කාටද කියලා අපි 17 හවසට බලමු. මොකද මේ මිනිස්සු අමුතුවෙන් සජිත්ට සහයෝගය දුන්නේ නැහැ ..2015 ඉඳලා වගේම මේ ආණ්ඩුව ගෙනියන්න සහයෝගය දුන්නෙත් මෙයාලම තමයි. ලොකු රැල්ලක් එක්ක ආපු සිරිසේන ජනාධිපතිටත් ගන්න පුලුවන් වුනේ වැඩි ජන්ද ලක්ෂ 4. මේ අවුරුදු 4 නටපු මේ ආණ්ඩුව සහ මේකේ කුලියට කොමෙන්ට් දාන අයට දුවන්න වෙන දවස බොහොම ළගයි.

:       9761       13803

max Thursday, 07 November 2019 05:50 AM

2015 දී මේ දුෂ්ටයන්ගේ අරමුණ උනේ සුළුතරයේ අතිශය බහුතරය සහ බහුතරයේ සුළුතරයේ සහයෙන් පවතී ආණ්ඩුව පෙරලීමයි. මෙවරත් ක්‍රියාත්මක වන්නේ එම උපාය මාර්ගය වුවත්, 'ලොස් ඇන්ජලිස් චානක' වැනි අන්ධ භක්තිකයන් හැරුණු විට සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිවකුත් මෙවර ඊට නොරැවටෙනු ඇත. ඊළාම් අරමුණ සමග සජිත්ගේ ප්‍රතිපත්ති සමපාත වනු බවකුත් ටෙලොගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ.

:       1205       348

nisar Thursday, 07 November 2019 05:52 AM

කට්ටිය පණ බයේ ඉන්නේ. කොන්දේසි අමතක වෙලා

:       130       54

මින්සාක් Thursday, 07 November 2019 05:55 AM

වැරදි අශ්වයාටයි ඔට්ටු අල්ලා තිබෙන්නේ

:       217       21

රණ්බණ්ඩා Thursday, 07 November 2019 05:56 AM

මරු නාටකය.. මේ අය ඔක්කොම එකටනේ හිටියේ. දෙමළ සංධානය කියන්නේ මේ කට්ටියම නේද ? එතකොට ඇයි මේ කොටස් වශයෙන් සහයෝගය දෙනවා කියන්නේ දකුණේ අපි රැවටෙන්නද ඕනේ මේ වගේ සිඟිති වැඩ වලට. කරට කර නෙමෙයි සජිත් ගෝඨාභයට පරදින්නේ ලක්ෂ 8 එහා කියලා ලියලා තියාගන්න. ජීවිතේට අහපු නැති නම්වලින් එකම විදිහට කොමෙන්ට් දාලා පුලුවන්ද මිනිස්සුන්ගේ ඡන්ද වෙනස් කරන්න.

:       897       801

watapita Thursday, 07 November 2019 06:44 AM

ටෙලෝ වගේද අපේ මහ ඇමති ?

:       0       4

kap Thursday, 07 November 2019 07:02 AM

මෙන්න සජිත් රට දෙකට කඩනවෝ. මේ අය පොහොට්ටුවට ආවනම්, හෙට ඉදලා දේශප්‍රේමි.

:       38       90

dhilak Thursday, 07 November 2019 07:26 AM

ඡන්දෙ දෙන්නේ මහජනතාව මිස මැති ඇමතිලා නොවේ. මෙතැනදී අවශ්‍ය වන්නේ මහජනතාවගේ කැමැත්ත පමණි.

:       0       3

Bandara Thursday, 07 November 2019 07:48 AM

සජිත්, ටී.එන්.ඒ, ටෙලෝ මේවා හොදට ගැළපෙනවා. හොද වෙලාවට අබුබකර් නැහැ. නැත්නම් එයාගේ සහයත් හම්බෙනවා.

:       5       102

Amarasingha Thursday, 07 November 2019 11:38 AM

දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ගේ සහ සිංහල යයි තමන්ම හඳුන්වාගන්නා නමුත් හිතින් ඇමරිකන්... 30 වසරක යුද්ධයකින් ජීවිත, අතපය පරිත්‍යාගයෙන් දෙමළ අන්තවාදීන්ගෙන් ගලවා ගත් මව්බිම නැවත ඔවුන්ටම පුදන්න වළි කන මේ රටේ ඓතිහාසික උරුමක්කරුවන්ගේ මළගම කරන්න සූදානම් පිරිසකගේ ජයග්‍රහණයක්...

:       4       18

Yapa Thursday, 07 November 2019 01:13 PM

කොන්දේසි විරහිතව ටොලෝ සහාය..? එතකොට අර ඉල්ලීම් 13 ඉල්ලුවේ කවුද..? තවත් ජනතාව මෝඩයන් කළ නොහැකිය.

:       9       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 52 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 65 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 172 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 491 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 387 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 293 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site