IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගන්න විමර්ශනයක්

 

කොරෝනා වයිරසය මැඩලීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගැනීම සඳහා  විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වෙදමහතා  බටහිර වෛද්‍යවරයකුට පහරදුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එම  වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

වෛද්‍යවරයා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු සමඟ  ඇති වු බහින් බස්වීමක් සමඟ  දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් උදා වූ බවද  එහිදි තමාට පහරදීමක් සිදු බවද වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

ඒ අනුව  ධම්මික බණ්ඩාර මහතාට එරෙහිව මෙම පරීක්ෂණය අරඹා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.



අදහස් (17)

කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගන්න විමර්ශනයක්

සෙනෙවිරත්න Wednesday, 20 January 2021 03:12 PM

හපොයි මේ වෙදෙක්ද?

:       2       3

Nuwan Wednesday, 20 January 2021 03:21 PM

අයියෝ මෙහෙම විහිළු සපයන රටක්..!!!

:       0       2

Prabha Wednesday, 20 January 2021 03:32 PM

දැන් මෙයා කිව්වොත් ඒ පහර දුන්නේ මම නොවේ, කාලි වෙන්නැති කියලා ... උසාවියෙන් මෙයා නිදහස් කරයිද? 

:       1       2

Neela Wednesday, 20 January 2021 03:35 PM

අද ගෝඨාටත් වඩා සාර්ථකම පුද්ගලයා ධම්මික බාස්උන්නැහේ. හැම ඇමතියෙක්ම ගෝඨා ගැන නොකිව්වත් ධම්මික ගැන කියනවා. විස්සයි විස්සේ ලංකාවේ මෑන් ඔෆ් ද ඉයර්... බදාම සෝදා ගත් කළ ජනාධිපතිකමටක් සුදුසුයි.

:       1       2

vimkum Wednesday, 20 January 2021 05:54 PM

පැණිය කොඩි විනයක් වූ ආකාරය, අන්තිමට පැණිය පාතාලේ එක්කත් ලින්ක් එකක් තියෙනවා කියලා ටික දවසකින් අහන්න ලැබෙයි, ලංකාවට ගිය කලක්...

:       2       4

විමලාවතී Wednesday, 20 January 2021 08:10 PM

තමන්ගේ ගෙදරට ඇවිත් වලි දානකොට ගහලා පන්නන්න ඕනෑ. ධම්මික මහතා නිවැරැදියි.

:       6       2

chmpikaThursday, 21 January 2021 10:17 AM

මට පෙනෙන්නේ ඔයාටත් පොර පැනිය දීලා වගෙයි. හොඳයි හොඳයි තව මාස 9 කින් විතර ප්‍රතිඵල බලන්න බැරි වෙයි විමලෝ...

:       1       2

විමලාවතී Thursday, 21 January 2021 05:07 PM

මම කතා කළේ රටේ නීතිය අනුව... ඔයාගේ ගෙදරට ඇවිත් ඔයාට ගැහුවොත් ඔයා ඉන්නවද සද්ද නැතිව...? ඔහේගේ කුහකකම හිස් මුදුනෙන් බේරෙනවා.

:       0       0

Siri PereraSaturday, 23 January 2021 09:19 PM

හරියටම හරි. ඔහු ඇයට වෙනත් දෙයක් සූප්පුවකින් පොවන්න ඇති...

:       0       0

hesaSaturday, 23 January 2021 08:08 PM

තමන්ගේ නිවසට පැමිණ කලබල කළාම තමාගේ ආරක්ෂාවට එසේ සිදුවිය..

:       0       0

kamal Thursday, 21 January 2021 12:50 AM

මෙයාවත් 4කට ඇතුළට දායිද?

:       0       2

sharm warn Thursday, 21 January 2021 04:33 AM

එහෙම වියයුතු වුණත්... ඓහෙම වෙන රටක් නැහැ. මොකද රාජ්‍ය අනුග්‍රහයෙන් රඟ දක්වපු නාටකයේ ප්‍රධාන නළුවනේ..

:       2       13

ranjith Thursday, 21 January 2021 07:11 AM

මෝඩකම්වලට දඬුවම් ලැබෙන හැටි... ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න එපැයි.. මේ වගෙ මෝඩ මිනිස්සු ඉස්සරහට දාගෙන කරපු නාඩගම් වල ප්‍රතිඵල නේද මේ..?

:       1       3

fairoos Thursday, 21 January 2021 07:22 AM

පොලිසියට හොයාගන්න බැරි වෙයිද දන්නේ නැහැ.

:       1       3

lakvidu Thursday, 21 January 2021 03:24 PM

හපොයි විමලෙගේ මැෂිම දැන් මිරිස් අඹරන්නද?

:       0       0

hesa Saturday, 23 January 2021 08:20 PM

සිංහල බෙහෙත් වට්ටෝරුවල අතුරු ආබාධ පෙන්වලා නැහැ. ඒක වෙනම කතාවක්.. නමුත් මේ විරුද්ධතාවය පැණියටවත්, වෙදමහතාටවත් නොවේ. රජයට විරෝධය පෑමට යොදාගත් තවත් එක දෙයක් පමණයි..

:       0       0

sampath Sunday, 24 January 2021 04:32 PM

ඒ මනුස්සයාගේ ගෙදරට ඇවිත් ගොන් පාර්ට් දාන්න ඇති... කවුද බලන් ඉන්නේ ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න ඇති... එය මොකටද? දේශීය පැණි හොයන්න ගියේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 19 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 801 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1476 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1692 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 901 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 844 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site