IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කල්ලාරු ඇතා ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදී කල්ලාරු ඇතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් තිදෙනා මේ මස 26වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද(12) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රිමාන්ඞ් කෙරුණේ සිලාවතුර පොලිස් වසමේ සිවිල් ආරක්ෂක කමිටුවේ මෙන්ම සිලාවතුර  මුස්ලිම් පල්ලියේ සභාපතිවරයාද වන සිලාවතුර මරච්චිකට්ටි පාලෙන්කුලී පදිංචි 52 හැවිරිදි මීරා සාහීඩ් හාරිස් සහ මන්නාරම දකුණ කරවන්කොට්ටෙයි තිරුවල්ලූවර පදිංචි 38 හැවිරිදි සුන්දර මූර්ති වෙට්ට්විල් අලගන් සහ සිලාවතුර මරච්චිකටිටි මුල්ලිකුලම් හි පදිංචි 54 හැවිරිදි ප‍්‍රැන්සිස් සෙබස්තියන් වාස් යන සැකකරුවන්ය.

ඇත් දළ යුගලෙහි කොටස් ඞී එන් ඒ පරික්ෂණයක් සඳහා යවා  ඊට අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළ විනිසුරුවරයා මෙම අපරාධය සමිබන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසටද නියෝග කළේය.

දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුව බාරයේ පවතින ඇත් දළ යුගලෙන් කොටසක් එම ඞී එන් ඒ පරික්ෂණය සඳහා ලබා දෙන ලෙසට මහේස්ත‍්‍රත්වරයා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටද නියෝග කරනු ලැබීය.

මේ අතර ඇත් දළ යුගල සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සදහා ඒවා කැබලි දෙකකට කැපීමට අවසර ලබා දෙන්නැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ ඉල්ලීමකටද මහේස්ත‍්‍රත්වරයා අධිකරණයේ අවසරය ලබා දුන්නේය.



අදහස් (0)

කල්ලාරු ඇතා ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 0 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 166 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 99 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 96 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 100 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 820 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site