(මනෝප‍්‍රිය ගුණසේකර)
ඩෙල්ෆ් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි ඩැනියෙල් රෙක්සියන් කමලේන්ද්‍රන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳට සහ උතුරු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායකවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය මහාධිකරණය හමුවේ අද (18) නඩු පවරන ලදී.
මීට වසර 6කට පෙර සිදුවු මෙම ඝාතනය සුවිශේෂි අපරාධයක් ලෙස සළකනු ලැබීම හේතූවෙන් නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ලඝු නොවන මුලික සාක්කි විභාගයකින් තොරවම විත්තිකරුවන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 03 (1) අ වගන්තිය යටතේ නීතීපතිවරයා මෙම ඉල්ලීම කොට ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
2013 නොවැම්බර් මස 25 වැනිදා සහ 26 වැනිදා අතර කාලයේදී පුන්කුඩුතිව් ප‍්‍රදේශයේදී ඩැනියෙල් රෙක්සියන් කමලේන්ද්‍රන් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට හා ඩැනියෙල් රෙක්සියන් කමලේන්ද්‍රන් මහතාට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා නඟා ඇත්තේ උතුරු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් හෙවත් කමල් සහ වෙඩි තබා ඝාතනය කළ ඩැනියෙල් රෙක්සියන් කමලේන්ද්‍රන් මහතාගේ බිරිඳ වන රෙක්සින් අනීතා නමැත්තියට එරෙහිවය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු පළාත් සබේ හිටපු විපක්‍ෂනායකට නඩු