IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉරිදා මැදියම් රෑ සිට බස් වර්ජනයක්

 

                               

(ඩයනා උදයංගනී)

               

පෞද්ගලික බස් කර්මාන්තයට බලපාන ප‍්‍රශ්න විසඳන ලෙස බලකරමින් අනිද්දා (12) මධ්‍යම රාත‍්‍රීයේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් සංගම් පවසයි.

ඩීසල් සහනාධාරයක් ලබාගැනීම, මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීම අහෝසි කිරීම, ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමය වහා ක‍්‍රියාත්මක කිරීම, අමතර කොටස් සඳහා ඇති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, සීමාසහිත මගී ප‍්‍රවාහන සමාගම ඇතුළු බස් සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

               

 



අදහස් (29)

ඉරිදා මැදියම් රෑ සිට බස් වර්ජනයක්

JCN Friday, 10 August 2018 02:54 PM

"පුංචි අපිට සිරිසැප දේ සිරි ලංකා දීපේ.. " 3 වසරේ සිංහල පොතේ අන්තිම පාඩම.. තාම මතකයි අවුරුදු 22 කට පස්සෙත්. කවද්ද මේ රටෙන් පැන ගන්නේ කියලා බලන් ඉන්නේ...

:       3       723

lal Friday, 10 August 2018 02:58 PM

ඒ පාර තව බහුබූතයෝ රැලක් ජෝගියක් නටන්න හදනවා..

:       0       505

erdi Friday, 10 August 2018 03:13 PM

පෞද්ගලික බස් කර්මාන්තයට හෙනයක්වත් නැහැ. මේ සේරම මෙහෙයවන්නේ හොඳින් හෝ නරකින් නැවතත් රටේ බලය ගන්න දඟලන රාජපක්ෂ නඩය. දුම්රිය වර්ජනය මෙහෙයවන්නෙත් පැරදිලා පැත්තවත් බලන්නේ නැතුව ඇමරිකාවට පැනල ගිය කෙනෙක්. රජය මේවට නිසි පිළිතුරු හොඳින් හෝ නරකින්ම පිළිතුරු දියයුතුයි..

:       2452       2571

MaheeSaturday, 11 August 2018 01:31 AM

මමත් එකඟයි ඔබ සමග.

:       0       0

NuwanSaturday, 11 August 2018 06:55 AM

අන්න පැරදුණු රජයේ ප්‍රබලයෙක් දුම්රිය රියදුරු වෘත්තීය සමිතියේ ප්‍රධානියාගේ කරට අතදාන් ඉන්න ඡායරුපයක් පලවෙනවා අන්තර්ජාලයේ. ඔය එළිවෙන්නේ. දුම්රිය රියදුරුට ලක්ෂ දෙකකට වැඩි පඩි දෙනවා නම් බස් රියදුරුටත් ලක්ෂයක් ඕනෑ කියලා ඉල්ලනවද?

:       238       198

RNG Friday, 10 August 2018 03:35 PM

දුම්රියත් පෞද්ගලීකරණය කරා නම් හරි කියන්නේ මේකටද..? සේරම එකයි එතකොට.. මැතිඇමැති වරුන්ගේ වැටුප් වැඩිකර ගන්නකොට මුකුත් නෑ. අනිත් මිනිසුන්ගේ වැටුප් වැඩි කරන්න කිව්වම තමයි ඔක්කොම ..

:       361       538

DayanaSaturday, 11 August 2018 02:30 PM

පැහැදිලිවම පේනවා දාලා තියෙන ඩිස්ලයික් වලින්... ඇමතිලට කඩේ යන ඇම්බැට්ට බත්බැලයින් ටිකක් ඉන්නවා කියලා. අන්න එහෙම අයව හොයලා ඉස්සෙල්ලම ඒ අයට ගහන්න ඕනේ... එක එක්කෙනාගෙ පස්සේ යනවට...

:       0       0

dayan Friday, 10 August 2018 03:40 PM

බස් හමුදාවට පවරාගෙන දිවිය හැකි බව මතක් කරමි.

:       0       651

anuraSaturday, 11 August 2018 04:29 AM

ඒ කියන්නේ හිට්ලර් පාලනයක් ද ඕනේ?

:       148       110

isurandiSaturday, 11 August 2018 04:42 AM

ඊට වැඩිය හොඳ නැද්ද මුළු රටම හමුදාකරණයකට යටත් කළා නම්!

:       41       14

rohana Friday, 10 August 2018 03:46 PM

මෙතැන එර්දි දාලා තියෙන්නේ හරියටම හරිදෙයක්.. මටත් ඕක කියන්න බැරුව හිටියේ...

:       267       704

ගැමුණු Friday, 10 August 2018 04:06 PM

බස් ගැමුණුගෙන් සැප ඉල්ලනවා වගේ. කවුරු හරි විස්කි සමග බුරියානි දීලා ඊට පස්සේ මෙයාවත් ගෙදරටම ගිහිල්ල අරලුවොත් වැඩේ හරියයි.

:       0       10

Bastian. G. PayinSaturday, 11 August 2018 07:21 AM

රමල් මහත්තයට වැඩේ හරියට කරන්න දෙන්න.

:       1       1

Raveendra Friday, 10 August 2018 04:23 PM

පුද්ගලික බස් වර්ජනයක් මේ අවස්ථාවේම අරඹනවා යන්නෙන් අදහස්වන්නේ "බොරදියේ මාළු බෑමක්" නොවේද? තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජන කිරීම කිසිදු වැරද්දක් නොමැති බවත් තමන්ගෙන් තම උපන් රටට වියයුතු යුතුකම් තම තමන් විසින් නිසිලෙස ඉටුකරන්නේද යන්නත් වර්ජන වල යෙදෙන සියල්ලෝම අවංකව සිතන්නේද ?? වෛද්‍යවරුන්ටත් මෙය අදාල වන්නේය.

:       0       0

wije Friday, 10 August 2018 05:05 PM

මේ දුම්රිය වර්ජනය කරලා තියන වෙලාවේ තමයි කීයක්හරි වැඩියෙන් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. මෝඩ වැඩ කරන්නේ නැතුව වෙනදාටත් වඩා වැඩිපුර බස් ටික දුවලා කීයක්හරි වැඩියෙන් හොයාගන්න.

:       0       0

Nandalal DE SILVA - France Friday, 10 August 2018 07:29 PM

පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය කට ළඟ එනවිට, වර්ජන දළුලාගෙන එනවා! ලක්ෂ ගණන් වැටුප් ලබන දුම්රිය සේවකයන්ගේ සහායට දැන් බස් සේවකයනුත් එකතු වන්නේ මොකද කියා දැනගැනීමට මගී ජනතාවට පුර්ණ අයිතියක් තිබේ. බලලෝභී දේශපාලුවන් මේ ප්‍රධාන වර්ජන දෙකේ සුක්කානම් කරකවන බවට අමුතුවෙන් කිව යුතු නැහැ. දුක්විඳින මගී ජනතාවට සහන සැපයීමට රජය දැන්වත් උත්සුක වීමට කාලය පැමිණ තිබේ! රට කරවන්නේ රජයද, වෘත්තිය සමිතිද කියා මහජනයා නොඉවසිල්ලෙන් බලා සිටි. රජය නිදි ගැට හැරදා ඉක්මනින් අවදි විය යුතුය!!!!!

:       0       0

Nandalal DE SILVA - France Friday, 10 August 2018 07:39 PM

මා පදිංචි ප්‍රංශයේ වසර කිහිපයකට පෙර සිදු වුන දෙයක් කීමට මට විනාඩියක් දෙන්න. අසාධාරණ ඉල්ලීම් රැසක් මුල්කරගෙන මෙරටේ විශාල ට්‍රක් රථ හිමියන් ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග අවහිරකරමින් උද්ඝෝෂණ කරා. මෙරටේ ආහාර පාන, ඉන්ධන ආදිය බොහොමයක් ප්‍රවාහනය කරන්නේ විශාල ට්‍රක් මගින් නිසා ජන ජීවිතය ඉක්මනින්ම අඩපන වුණා. රජය සමහර සහන දුන්නත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරා. රජය ඊළඟ පියවරගෙන මහාමාර්ග "පිරිසිදු කිරීම" යුද හමුදාවට භාර කරා. බර වාහන ඇද දමන, හමුදාවේ විශාල යන්ත්‍ර සුත්‍ර යොදාගෙන වර්ජිතයන්ගේ ට්‍රක් කිහිපයක් අසල පිහිටි හිස් ඉඩම් වලට ඇද දමන විට සියලු ට්‍රක් රථ ඉක්මනින් පිටව ගියා......

:       0       0

Don perera Friday, 10 August 2018 08:35 PM

කාට කියන්නද මේ අයගේ සේවය

:       0       0

Nuwan Saturday, 11 August 2018 12:21 AM

ඔය කියන ලෙස මීට වගකිවයුත්තේ රාජපක්ෂලානම් මේ රජය අසමත් බව නැවතත් ඔප්පු වෙනවා. රාජපක්ෂට නොවේ වෙන ඕනම කෙනෙක් ජනතාව අපහසුතාවට පත්කිරීමට ඉඩදීලා බලන් ඉන්න ආණ්ඩුවක් මොකටද? මේකට තියන එකම විසදුම තමයි තමතමන්ගෙ කුඩා සමාජ තනාගෙන ආරක්ෂාව තහවුරු කරගන්න එක. සේවා මිලදීගන්න එක.

:       0       0

Sisili Bisili Saturday, 11 August 2018 01:33 AM

ලක්ෂ 6.5ක පුටුවක් බස් එකේ හයි කරොත් වර්ජනේ නවත්තයිද දන්නේ නැහැ.

:       0       0

kalani Saturday, 11 August 2018 02:50 AM

පළාත් සභා මන්ත්‍රී උත්තමයන්ට හිඳ ගැනීමට ලක්ෂ 6 ක් බැගින් වටිනා පුටු විදේශයකින් ගෙන්වීමට කටයුතු කරන රාජධානියේ මෙවැනි අසුන්දර දේවල් සිදුවීම අරුමයක් නොවේ.

:       0       0

akila Saturday, 11 August 2018 06:02 AM

මේ ඉල්ලල් තියන ඉලීම් වලින් පෙනෙනවා මේක බොරු වර්ජනයක් කියල , මම හිතන්නේ රටේ මේ ඔක්කොම වර්ජන කරන්නේ එකම ජාලයක් විසින් , දොස්තරලා මේකේ උඩින්ම ඇති

:       0       0

සතයපාල Saturday, 11 August 2018 07:14 AM

අරලිය ගහමැදුරට අඩගහලා කණට දෙකක් ගහලා ප්‍රශ්ණ විසඳන ක්‍රමයට රට අරන් යන්න මේ මාෆියා කාරයින්ට අවශ්‍යයි. එහෙම නැති වුනොත් රාජපක්ෂලට ඊළඟ ඡන්දයේ දී දිනන්න බැරිබව මේ පාතාල නායකයින් කල්පනා කරනවා ඇත.

:       10       42

Shan Saturday, 11 August 2018 07:41 AM

මෙන්න මේවා සංවිධානය කරන අය අල්ලලා හිරේ දාන්න ඕනෑ. අපේ සල්ලිවලින් බිස්නස් කරන ගමන් අපිටම කෙලින්න හදනවා. බස් දුවන්න බැරි අයගේ බලපත්‍ර අහෝසි කරලා දාන්න.

:       0       18

Gamarala Saturday, 11 August 2018 12:16 PM

සභාපති වරෙක ටෙන්ඩර් න‌ොමැතිව බස් පර්මිට් ‌දෙන්න ක්‍රමයක් හදන්න. රටේ තත්වය න‌ොත‌ේරෙන එකයි පුදුමය. ස‌ේරම බස් කාරය‌ින් භූමිතලේ ගහල තමයි තවමත් දුවන්න‌ේ. ලංගමයට හැම තැනම ඔවුන්ට වුවමනා විදියට දුවන්න ‌දෙන්න ඇමැතිතුමනි...

:       0       2

සනා Saturday, 11 August 2018 01:05 PM

ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පාරවල් වල යමින් මෙසේ කරන එක අසාධාරණයි.

:       1       1

kodda Saturday, 11 August 2018 02:25 PM

උසස් පෙළ ලියන දරුවන්ට මොකද වෙන්නේ? මේ මොන අපරාධයක්ද?

:       0       0

raheem Saturday, 11 August 2018 05:21 PM

අලි මදිවට හරක්

:       0       0

උෂාර Saturday, 11 August 2018 11:44 PM

මේවගේ දේවල් වලට මුහුණ දෙන්න ලංගම ශක්තිමත් කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 112 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 417 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 331 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 252 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 644 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1290 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site