IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්ධන පිරවුම්හලේදී බවුසරය ගිනි ගනී

(බී.ජී.චතුරංග)

ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්ධන පිරවුම් හලේ භූගත ටැංකි සඳහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය සහ ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය විනාශයක් වළක්වා ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරිහු අද (16) සමත්වූහ.

ගින්න හේතුවෙන් ඉන්ධන පිරවුම් හලේ ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන නිකුත් කරන පොම්ප සියල්ලම විනාශයට පත්වී තිබුණි. ඊට අමතරව ඉන්ධන පිරවුම් හලේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබූ අතර එහි තිබූ එල් පී ගෑස් ටැංකි විශාල ප්‍රමාණයක් ගින්නට හසුවී පුපුරා විනාශවී තිබුණි.

ඒ නමය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හල තුළ ගින්නක් හටගෙන තිබෙන බවට තිරප්පනය පොලිසියට සැලවීමත් සමග තිරප්පනය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ගින්න නිවාදැමීමට දැඩි උත්සාහයක නිරතවූවත් ගින්න දැඩිව ව්‍යාප්තවීම හේතුවෙන් ගිනි නිවන ඒකකය කැඳවීමට පියවර ගනු ලැබීය.

ගිනි නිවන ඒකකයේ නිලධාරින් පැමිණ බවුසරය පුපුරා යාම වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබූ අතර ඉන්ධන බවුසරයේ හටගෙන තිබූ ගින්න විනාඩි දහයක් පමණ ඇතුළත නිවා දැමීමට හැකිවිය. ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පැය තුනකට අධික කාලයක් ගතවී තිබේ.

ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර යුද හමුදාවේ 211වන බල සේනාවේ නිලධාරින් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගින්න නිවීම සදහා සහය දැක්වූහ.

සිද්ධිය වූ ස්ථානයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ උතුරුමැද පළාත් ප්‍රාදේශිය කළමණාකාර ඒ.ජී.ජේ.ඩබ්ලිව් බංඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක්ද එහි පැමිණ සිටියහ.

 



අදහස් (2)

ඉන්ධන පිරවුම්හලේදී බවුසරය ගිනි ගනී

bandula Wednesday, 16 January 2019 02:45 PM

මේකේ තියෙන්නේ සිදුවීමට ගිය විනාශයක් වලක්වා ගත්තා කියලා. හැබැයි ඉන්ධන පිරවුම්හලයි, බවුසරයයි ගිනි අරං විනාශ වෙලා ඉවරයි. ආයේ විනාශ වෙන්න දෙයක් එතන ඉතිරි වෙලා නැහැ.

:       144       215

ratna P Wednesday, 16 January 2019 10:47 PM

සිගරට් බොන කෙනෙක් හෝ ජංගම දුරකථන පාවිච්චි කරන අයෙක් ළඟ උන්නද දන්නේ නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 841 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1561 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1778 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 933 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 877 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site