IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්

ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන
 
අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

 
එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
 
අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි. 
 
එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.
 
ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක  කරන බව පොලිසිය කියයි.
 

 



අදහස් (49)

අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්

Sathyayaa Wednesday, 07 March 2018 08:59 PM

අනේ ජා සිංහ මහත්තයෝ, අපේ ගම්වල ගැහැණු ගැබ නැති කරන්න අන්නාසි ගැට කාපු බව ඔබ නොදන්න වා නොවේ. රොබර්ට් නොක්ස් පවා ඒවා ගැන ලියා තිබෙනවා. සමහර විට ඔබ ඒ පොත නොකිව් නිසාදෝ "යහපාලනය " වෙනුවෙන් වෙනත් පොතක් පෙරලා ඇති බව නම් කියන්නම ඕනේ. තව ඉස්සරහට බොහෝ දේ වෙනබවත් ඒවා රාජ්‍ය අනුග්‍රහය මත සිදුවෙන බවත් කණගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා.

:       0       2

channa Wednesday, 07 March 2018 09:40 PM

මහින්දගේ හොල්මන් රට තුල වැඩ පටන් අරන්. පරණ හෝරාව බලයට ගේන්න.

:       1       0

සර්ෆරාස් Wednesday, 07 March 2018 11:22 PM

ඔබට සතුටුයිද දැං?

:       89       2

Mohomad MohottalaMonday, 12 March 2018 09:37 PM

සෆ්රාස්.... ඔබට සතුටුයිද දැන්?

:       0       0

gayan hettiarachchi Wednesday, 07 March 2018 11:49 PM

හා හා හා පිටි ගුලියක් ..... !

:       11       212

Hasittha Thursday, 08 March 2018 12:02 AM

පුදුම සොයාගැනීමක් . අපිනම් හිතුවේ ඕක අනිවාර්යෙන් විටමින් පෙත්තක් කියල රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වෙඉ කියල.

:       379       733

sumal perera Thursday, 08 March 2018 12:12 AM

අපේ රස පරීක්ෂකට මේක අදුරගන්න සති දෙකක් ගියා. මේ වගේ වැඩ බැරි අන්ගගේල නිසා තමඊ ප්‍රශ්න දුරදිග යන්නේ . මේ රජයේ ආයතනවල ඉන්න ගම් කබරයන්න්ට කවදාවත් හරියට වෙඩක් බැහැ

:       19       874

Sarath Thursday, 08 March 2018 12:58 AM

මෙම මුදල් ලබා ගැනීම සහ බලය ලබා ගැනීම සදහා ඕනෑම ජරා වැඩක් කරනා දේශ ද්‍රෝහීන් අල්ලා එල්ලුම් ගසට යැවිය යුතු කාලය එලබ ඇත.

:       5       140

nandasena Thursday, 08 March 2018 01:18 AM

බොහොම හොදයි පොලිසිය අල්ලන කුඩු පස්සේ පන් පිටි වෙන එකේ ඕක අහන්න දෙයක්ද

:       671       480

ජයසිරි Thursday, 08 March 2018 01:35 AM

කොන්ඩේ බැඳපු චීන්නු තාමත් ඉන්නව කියල හිතන කට්ටියත් ඉන්නවනේ.

:       716       1348

මාවිල්මඩ වජිර හිමි Thursday, 08 March 2018 06:31 AM

රස පරීක්ෂක වාර්තාවත් වැරදියි කියලද ජයසිරි කියන්නේ? ඔයාල වගේ මිනිස්සු තමා මේ රට ගිනි තියල ලෝකය ඉදිරියේ අපිව ලැජ්ජාවට පත් කළේ. තිස් අවුරුද්දක් යුද්ධෙන් බැට කාලත් පාඩමක් ඉගෙන ගත්තේ නැති ඔයාල මේ රටට පිළිකාවක්.

:       1       34

roshanThursday, 08 March 2018 08:48 AM

ඔයා බලාපොරොත්තුවෙන උත්තරය රස පරීක්ෂක දුන්නේ නැතිවුනාම ඔහොම කියවෙනවා

:       1402       714

sudeshThursday, 08 March 2018 10:40 AM

එතකොට රොෂාන් කඩ හිමියා පිලිගත්තේ පිටින් පෙත්තක් දැම්මා කියලද?

:       85       130

RNG Thursday, 08 March 2018 01:48 AM

මේ වගේ ආණ්ඩුවකින් මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වන්නට වීම පුදුමයට කරුණක් නොවේ..

:       2209       3082

dinu Thursday, 08 March 2018 02:50 AM

දැන් හරි ද?

:       165       179

ramila Thursday, 08 March 2018 03:08 AM

බොරුවට මිනිස්සු රවටන්න එපා..................

:       427       743

athura Thursday, 08 March 2018 03:32 AM

මේවා ඔක්කොම හිටපු කෙනාගේ වහල්ලුන්ගේ වැඩ.එයාට ඕන කොහොම හරි එයාගේ වහල්ලු යොදාගෙන රට අරාජික කරන්න.

:       7474       2376

sameeraThursday, 08 March 2018 04:59 AM

කොහෙන් හිනාවෙනද මන්දා..................

:       501       1683

roshanThursday, 08 March 2018 08:33 AM

ඔය ඔය පුරුදු විදියට අනිත් පැත්තෙන්ම හිනා වෙන්න

:       1314       185

RNGThursday, 08 March 2018 05:47 AM

මේවා සේරම විපක්ෂයේ ගිණුමට බැර කරන්නේ මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව වහගන්න තමයි ..

:       473       1574

RoshanSaturday, 10 March 2018 07:54 PM

ඔය රස පරීක්ෂණයේ වාර්තාවක් කරුණාකර ප්‍රසිද්ද කරන්න පුලුවන්ද. මොකද රසායන විද්‍යාව දන්නා බොහෝ උගතුන් මේ ලෝකේ ඉන්නවා. අපි දත්ත බලා මෙහි ඇත්ත නැත්ත හොයා ගමු. ඔය කෑම සාම්පලයක් වෙනත් රටක රසායනාගාරයකට යවා පරික්ෂා කිරීමට ඔබ ඉඩ දෙනවාද.

:       0       2

Vajira Thursday, 08 March 2018 03:40 AM

රටක් ගිනි තිබ්බ පිටි ගුලියක්.

:       18       275

NissankaThursday, 08 March 2018 05:02 AM

රට ගිනි තිබ්බේ පිටි ගුලිය නෙවෙයි. අපේ මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ තියෙන මැටි ගුලි.

:       416       1567

Aluthgama A. Samathasena. Thursday, 08 March 2018 03:54 AM

මෙම රස පරීක්ෂණය මුලදීම කළානම් මෙහෙම විපත් නොවෙන්න ඉඩ තිබුණා.නිරායුද අහිංසක මිනිසුන්ට පහර ගෙන අයට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි.

:       41       362

Sam Thursday, 08 March 2018 04:24 AM

ඔබ වියදම්කර පෙතිවැනි පිෂ්ටය සහිත අහර කැබලි නොවික්කුනන තැනකට යන්න, එවිට නික්කන්ම වැඩේ හරි!

:       4       249

rasi Thursday, 08 March 2018 04:37 AM

එතකොට අර හෝටලේ එකා ලොක්කා වගේ අර ගිය video එකේ කියන්නේ, ඔව් මම පෙත්තක දැම්ම කියල. එකෙන් තමයි ඉල්ලන් කෑවේ. ඉස්සෙල්ලම මිනිහව ඇතුලට දන්නා ඕන සති දෙකකට විතර.

:       409       489

VajiraThursday, 08 March 2018 05:30 AM

ඒ තරුණයට තේරුනේ නෑ මොකක්ද අහන්නේ කියල. එතැන් තිබුනේ භාෂාවේ අවුලක්. හොඳට බැලුවොත් තේරෙනවා.

:       167       825

yashodFriday, 09 March 2018 03:34 AM

ඔය කඩ කාරයා පිලිගත්තේ දැම්මේ විටමින් පෙත්තක් කියලා.ඉතින් කොහොමද රස පරීක්ෂක කියන්නේ පිටිගුලියක් බව

:       25       39

HarrySL Thursday, 08 March 2018 04:53 AM

පිටි ගුලියක් ගිය දුරක්. අප රටේ ලොකුම වඳ පෙත්ත දේශපාලනය බව මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දිය යටින් ගෙන යන ගින්දරින් මුලු රටම ගිනි ගෙන අස්තාවර විය. "ඕනෑම සිදුවීමක් (උදාහරණය පිටි ගුලියක්) දේශපාලනය = මහ විනාශයක්"

:       66       245

Ashan Thursday, 08 March 2018 06:13 AM

අපේ මිනිස්සු කොච්චර මෝඩද ? අවු 30 දුක් විදලත් තාම තේරිලා නැහැ.

:       47       424

hasitha Thursday, 08 March 2018 06:30 AM

බුද්ධිමත් ජනතාවෙනි. මින්පසු ඔබ කන බොන දේක ආගන්තුක දෙයක් හමුවුනොත් කලබල නොවන්න. ඒවා එම අහාරයෙන්ම ජනිත වූ දෙයක් බව සලකා ආහාරයට ගන්න.ඉතාම ඉහල මට්ටමේ පරීක්ෂණයකින් මේ බව සනාථ වී ඇති නිසා අපට බිය යුතු කිසිවක් දැන් නැත.

:       0       0

sam Thursday, 08 March 2018 06:40 AM

මහලොකු ජාති හිතෛෂින් කන්නේ දෙමළ කඩෙන් හෝ මුස්ලිම් කඩෙන්. ඊට පස්සේ ඒවායේ නුගුණ කියනවා. ඔච්චරම සිංහල ජාතිය ගැන කැක්කුමක් තියනවා නම් සිංහල හෝටලේකට ගියාම ඉවරයිනේ. ඒවාට යන්නේ නැත්තේ ඒවායේ කෑම අනිත් ජාතීන්ගේ හෝටල් වලට වඩා අපිරිසිදු නිසාද?

:       0       2

Asanka Thursday, 08 March 2018 07:05 AM

රජයේ ආයතනයක රසපරීක්ෂක මිට සතියකට කලින් ඔය වැඩේ හරියට කලානම් ජිවිත දේපල කියක් බේරෙනවද? මේ වගේ අකාර්යක්ෂම රජයේ ආයතන, පොලිසිය නිසා තමයි මේ සේරම විනාස සිද්දවුනේ ...

:       114       276

dhamneth Thursday, 08 March 2018 10:08 AM

අර වෙළුන තල් අත්තට බෙලි ගෙඩිය වැටුන සද්දෙට ලෝකේ පෙරලිගෙන එනවා කියා හාවෙක් පණ බේරගන්න දිවීම ගැන කතන්දරයක් ගොතා තිබෙනවා නේද.? මේ පරටේ තිබුන පිටිගුලිය සොයාගත් අයත් අර හාවා වගේ නේද?

:       72       2

දිනුක Thursday, 08 March 2018 10:08 AM

මේ අවස්ථාවේදී ගත්තු හොද තීරණයක්. බහුතරයක් දෙනා හැගීම් වලට වහල් වෙන සමාජයක් මේ. කුමන හෝ වෙබ් අඩවියක වේවා පෞද්ගලික ගිණුමකින් වේවා ජාතිවාදය වැනි ගෝත්‍රික වාදී සංකල්ප අවුස්සන විට ඒකට නතු වන මිනිසුන් ගනන සිය දහස් ගනණක්. ඒ නිසා මෙතැන් පටන් වත් ෆේස්බුක් ප්‍රමුඛ සියලු සමාජ ජාලා විධිමත් වාරණයක් සහිතව ගමන් කරනවානම් යහපත් වෙයි රටකට. නමුත් චීනයේ වගේ තහනම් කිරීම නම් අතිශය අනුවණ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බලවත් පහරක්..

:       20       2

Aluthgama A. Samathasena. Thursday, 08 March 2018 10:51 AM

Asanka මහතාගේ අදහස හරි. ඒ උනාට දින පැනපු බීම බෝතලයකට වහාම ක්‍රියාකාරී වෙනවා. මෙවන් දෙයකදී ඇග බේරා ගන්නවා.

:       0       0

Aluthgama A. Samathasena. Thursday, 08 March 2018 10:51 AM

අසංක මහතාගේ අදහස හරි.

:       0       0

ETARAHELAYA Thursday, 08 March 2018 11:09 AM

ගෙදර හදන කෑම කෑවා නම් මොකද?

:       19       42

mahrsika Thursday, 08 March 2018 11:21 AM

පාර්ලිමේන්තුවේ ඉන්න ගරු, අතිගරු අයට තියන පහසුකම් රස පරීක්ෂාවකට නෑ...

:       1       0

Kushan Senarath Thursday, 08 March 2018 11:48 AM

අපේ මිනිස්සු කොච්චර මෝඩද? අවු 30 ක් දුක් විඳලත් තාම තේරිලා නැහැ. මේවා සේරම මහින්දලාගේ වැඩ. ආපහු රට කන්නයි හදන්නේ. කවුරුවත් ඡන්දය දෙන්න එපා.

:       530       679

කපිල Monday, 12 March 2018 12:49 PM

අනේ ඇත්තද ? අපි ඔයා කියනකං ඒ ගැන දැනගෙන හිටියෙ නෑනෙ. එහෙනම් ඉතින් අපි ඡන්දෙ නොදී ඉන්නම් .හා ද?

:       2       0

chathuri Thursday, 08 March 2018 12:22 PM

මේවා කන අයට ගහන්න ඕනෑ. ප්‍රධාන වැරැද්ද ගෙවල්වල උයන්නේ නැතිව අනුන්ගේ... කුණු කන්න යනවා. රූපවාහිනියේ ටෙලි බලන්න... කුණු වුණු කෑම කන අයට හොඳ පාඩම්... තව සතියකින් අපේ කට්ටිය. පෝලිමේ ඉඳියි. කොත්තුයි, රයිසුයි කන්න. ලැජ්ජාවක් නැති කට්ටිය !!!

:       88       95

Thilak Friday, 09 March 2018 02:16 AM

පැරසිටමෝල් පෙත්තක 2% ක් ඇත්තේ අදාල බෙහෙත. ඉතිරි 98% පේස්ට් එක.ඒ කියන්නේ පැනඩෝල් පෙත්තක් රස පරීක්ෂක ට දුන්නොත් මංඥොක්කා පිටි ගුලියක් කිව්වත් හරි.

:       1       112

Ajith NissankaFriday, 09 March 2018 06:06 AM

රසායන විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති කෙනකුටනම් ඔහොම පෙනේවි! නමුත් රසායනික ද්‍රව්‍ය 0,01%ක් ප්‍රමාණයක තිනුනත් නිවැරදිව හදුනා ගන්න නවීන තන්ක්ෂණයට පුළුවන්.

:       18       13

R.Liyanage Friday, 09 March 2018 08:54 AM

අපේ රටේ ඉන්නේ වෛද්‍යවරුන්ට වඩා දන්නා මෝඩ පණ්ඩිතවරු. ඒවා පිළිගන්න තරමට සිංහලයෝ මෝඩයන් වීම වීම ගැන හරිම දුකයි.

:       63       114

ලංකා Friday, 09 March 2018 10:24 AM

අපේ මෝඩ මිනිස්සුන්ට කොහොම කිව්වත් තේරෙන්නේ නැ. යට ඇදුම් වලින් / ටොපි වලින් / කොත්තුවලින් මිනිස්සුන්ගේ ප්‍රජනන හැකියාව අඩු කරන්න බැ. තිරිසන් සතුන්ට වඩා උසස් බුද්ධියක් මිනිස්සුන්ට තියෙනවා කියනවා. නමුත් මේවගේ දේවල් විස්වාස කරන අය ඉන්නකොට තිරිසන් සතුන්ට මේ අයට වඩා මොලේ තියෙනවදෝ කියල හිතෙනවා.

:       209       178

ප්‍රසංග Saturday, 10 March 2018 04:30 AM

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි...

:       1       1

tharindu Monday, 12 March 2018 11:37 AM

එයාලා කියනවා අපි අහගෙන පිළිගන්නවා.. අහන අයයි, කියන අයයි ඔක්කොම මෝඩයෝ..

:       0       0

Dalit Tuesday, 13 March 2018 02:24 AM

පරාට කන අයට හොඳම දඬුවම.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 133 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 176 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 398 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1896 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 279 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site