IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිවේගයේ වැඩිම ආදායම 11 වැනිදා - කෝටි තුනක් සොයා වාර්තාවක්

විනීතා එම් ගමගේ
 
අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ දිනෙක ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන ඇතැයි අධීවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්‍යක්ෂ එස්  ඕපනායක මහතා ලංකාදීපයට අද පැවැසීය. 

 
එදින වාහන 105,000 ක් පමණ අධිවේගී මාර්ගවලට ඇතුල් කර ඇතැයි ද එයින් වැඩි  ප්‍රමාණය කොළඹින් පිටට යන වාහන බව ද  ඕපනායක මහතා කීය. 
 
14 වැනිදා සවස් භාගයේ විශාල වාහන තදබදයක් තිබූ බවත් පැය කිහිපයක් තුළ වාහන 40,000 කට වඩා අධිවේගී මාර්ගයට ඇතුල් වීම නිසා ඇතිවූ මෙම තදබදය හේතුවෙන් අනතුරු ගණනාවක් සිදුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ  කළේය.  15  වැනිදා ද වාහන 80000 කට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වී ඇති අතර දෙකෝටි අනූ ලක්ෂයකට ආසන්න ආදායමක් ලබා ඇති බවත් පැවසූ ඒ මහතා මේ අතරින් ද වැඩි ප්‍රමාණයක් කොළඹින් පිටවූ වාහන යැයි ද කීය.
 
මෙතෙක් කොළඹින්  පිටට යන වාහන වැඩි ප්‍රමාණයක් තිබුණත් අද සිට කොළඹට ඇතුල්වන වාහන සංඛ්‍යාව වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.



අදහස් (12)

අධිවේගයේ වැඩිම ආදායම 11 වැනිදා - කෝටි තුනක් සොයා වාර්තාවක්

රංග Monday, 16 April 2018 01:14 PM

වැරැද්ද මහින්දගේ... කියලා තමයි මට හිතෙන්නේ...

:       420       723

Hafeel Monday, 16 April 2018 01:42 PM

කොහොමද අදායම් කියන්නේ? ඉදිකිරීම් වෙනුවෙන් ගත්තු ණය අවුරුදු 20ට ගෙවන්න තියෙනවා කිව්වනේ.

:       420       119

BamunuarachchiTuesday, 17 April 2018 03:27 PM

ආදායමෙන් තමා ණය ගෙවන්නේ. ආදායමයි ලාබයයි පැටලිලා වගෙයි. මෙතන තිබෙන්නේ භාෂාව තේරුම් ගැනීමේ අකරතැබ්බයක්

:       0       0

ධනුෂ්ක රොෂාන් Monday, 16 April 2018 02:08 PM

හයිවේ කන්නද කියල ඉස්සර කියපු අයත් හිටියා.

:       109       645

dinesha Monday, 16 April 2018 02:14 PM

ඇඹුල්තියල් ගේන්න යන කට්ටිය වෙන්න ඇති. අනුර කුමාර දිසානායක තමයි හරියටම ඕක දැනගත්තේ...

:       0       533

sanka Monday, 16 April 2018 06:17 PM

මේ ආදායම ඇත්තටම ලබන්නේ තවමත් මේක භාරව කටයුතු කරනා චීන සමාගමයි. මේ ආදායම ශ්‍රී ලංකාවට ඇත්තටම ලැබීමට තවත් කොපමණ කාලයක් සිටිය යුතුද? හැම දිනම මෙවැනි ආදායම් ලැබුවත් ගත් ණය ආපසු ගෙවීමට කොපමණ කාලයක් ගත වේද?

:       0       0

Senarath Tuesday, 17 April 2018 03:31 AM

ඇත්තටම මෙයට වඩා වැඩි මුදලක් රටේ ඉතිරි වෙනවා අධිවේගය භාවිතයෙන්. මේක නොතිබුනානම් පැය කීයක් පිටකොටුවේ රස්තියාදු වෙන්න ඕනෑද? වාහන තදබදය තියෙන පැරණි පාරවල් වල යාමෙන් වැඩිපුර තෙල් පිච්චීම නවතිනවා. ඉතිරිවෙන මිනිස් ශ්‍රමය ඵලදායී වැඩකට යොදවන්න පුළුවන්... ආතතිය ඇතිවීම අඩුකර ගන්න පුළුවන්, වාහන අබලන්වීම අඩුවෙනවා. රියදුරෙකුට ගමන් වාර 2 ක් ලේසියෙන් යන්න පුළුවන්. ඒ වුනාට තවම කොළඹ නුවර පාර හැදෙන්නේ ගොලුබෙලි ගමනින්....

:       0       0

Nuwan Tuesday, 17 April 2018 04:32 AM

චීනෙට වාසි එහෙනම් මේ අවුරුද්ද

:       0       0

නුවන් Tuesday, 17 April 2018 04:57 AM

මේතරම් ඇඹුල් තියල් කිරි පැණි කන්න හොදද මන්දා.

:       0       0

බන්ඩාර Tuesday, 17 April 2018 05:56 AM

අපෝ හොඳටම මදි.. අපේ දියවන්නාවේ තුමෙකුට, වාහනයක් ගන්නවත් ඔයගාන මදි, එතුමන්ලාගේ එක වාහනයකටම කෝටි හතරහමාරක් විතර යනවා..

:       0       0

rama Tuesday, 17 April 2018 06:12 AM

අාදායම අරගෙන පුටු රත්කර කර හිටියට වැඩක් නැහැ. ඒ සල්ලි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා සොයලා බලන්න. පාරවල ප්‍රමිතිය පවත්වා ගෙන යන්න අනතුරු අඩු කරගන්න.

:       0       0

චතුෂ කුමාර Tuesday, 17 April 2018 06:49 AM

අධික වේගය මරු කැඳවයි. එම නිසා මෙම මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 70 ව දක්වා පහල දමන මෙන් අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 4 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 90 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 86 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 785 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 713 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site