IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයෙන් වල් අලි වනසයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කරුවලගස්වැව නෙළුම් ගම ගම්මානයේ  අක්කර දෙකකින් යුත් ගස් ලබු වගාවකට වල් අලි රංචුවක් කඩා වැදී වගාව විනාශ කර ඇතැයි  වගාවේ  හිමිකරු පවසයි. 
 

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ  පලිගම ග්‍රාම නිලධාරි වසමේ  නෙළුම්ගම  ගම්මානයේ පදිංචි ඊ.එම් අවුසදහාමි මහතාට අයත් ගස්ලබු වගාව මෙසේ වල් අලි රංචුව විසින් විනාශ කර තිබේ.
 
වගා හිමිකරු මේසේද කීවේය.
 
“ වල් අලි රංචු දැන් එන්න  එන්නම වැඩිවෙලා .වන ජීවි ඇමති තුමා මෙහාට ඇවිත් ගිහින් දවස් හතරක් පහක් .නමුත් මේ අලි ප්‍රශ්නයෙන් අපි බැට කනවා . මම අලි පනින එක වලක්වන්න ඉඩම වටා විදුලි අලි වැටකුත් ගහලා  තිබුණා.
 
නමුත් අලි රංචුව විදුලි වැටට උඩින් තිබුණ ගස් ලබු ගස් හොඩෙන් ඇදලා වැට උඩට වට්ටලා තමයි ඉඩමට ඇතුල් වෙලා තියෙන්නේ .ඒ ඇතුළු වෙලා අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයක් යන්න කලින් වනසා දැම්මා. අලි වෙඩි ගහලා තමයි අනිත් වගාවන් බේරා ගත්තේ.
 
වල් අලි රංචු වනසා දැමූ ගස්ලබු වගාව අදායම් ලබමින් පැවති බවත් සතියකට රුපියල් 10000 ආසන්න මුදලක් ගස් ලබු අලෙවි කර උපයා ගත් බවත් වගා හිමිකරු පවසයි. ‘‘
 
කෙසේ වෙතත් මේ වන විට නෙළුම්ගම සහ පළිගම ගම්මාන වල වල් අලි 30 කට ආසන්න ප්‍රමාණයක් සැරිසරන බව ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (11)

අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයෙන් වල් අලි වනසයි

ප්‍රීති Thursday, 05 July 2018 04:23 PM

මිනිස්සුන්ව මැරුවා, වගා විනාශ වුනා කියලා දුක් වෙලා පලක් නැහැ. අපි දන්නා විදිහට, මේක වන සතුන්ට අයිති රටක්? ඒ නිසා වන සතුන්ගේ රට ඒ සතුන්ටම භාර දීලා ජීවත් වෙන්න මුහුදෙන් එතෙර වෙනස් රටක් සොයා ගන්න ඕනා.

:       306       383

MaheeThursday, 05 July 2018 09:14 PM

ප්‍රීති, ඔහොම කිව්වට වනසතුන්ට මේක බාරදීලා අපි වෙන රටකට ගියත් මේ අනික් වනසත්තු කට්ටියත් එක්කනේ යන්න වෙන්නේ. ටික කාලයක් ඉන්න කොට එක එක මිනිහා හොරෙන් ආපහු එයි...සැබෑ වනසත්තුත් එක්ක ඉන්න එක මීට වඩා හොඳයි කියලා.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 05 July 2018 07:29 PM

අලින්ට කතා කරන්න පුලුවන්නම් කියයි මිනිස්සු ඒගොල්ලන්ගේ ඔප්පු නැති ඉඩම් අල්ලාගන්න විස්තරේ. ඉල්ලන් කනවා කියන්නේ මේවටයි. දැන් ඉතින් හක්කපටාස් පව්කාරකමට නම් ලැස්ති වෙන්න එපා. අහිංසක සත්තු.

:       18       142

naradha Thursday, 05 July 2018 07:45 PM

ඔය අලි වෙනුවෙන් උඩ පැනගෙන බෙරිහන් දෙන පරිසරවේදියෝ ඇයි මේ විනාශය ගැන කතා නොකරන්නේ?

:       36       135

ruby Thursday, 05 July 2018 10:48 PM

ප්‍රීති ඔයා ඉස්සරවෙලාම ගිහිල්ලා මුහුදෙන් එතෙර වෙනස් රටක් හොයා ගන්න.

:       0       0

maraya Friday, 06 July 2018 12:57 AM

මෙයට වගකිව යුත්තේ වනජීවී දෙපාර්තමේන්තුව. අලින්ට අයිති කැලේ කපන්න දෙන්නේ එයාලා. කැලේ ඉන්න ඕන සතුන්ට ගමට එන්න පාර කපන්නේ දෙපාර්තමේන්තුව

:       0       0

Ravindra Kumara Friday, 06 July 2018 03:08 AM

නරධ, මේ සිදුවීම ගැන කණගාටු වෙනවා.ඔබ ඇසු පැනයට පිළිතුරක් දිය යුතුයි. වල් අලි වෙනුවෙන් කතා කරන අය හැමදාම සිදුකල යුතු මොනවද කියලා බලධාරීන්ට කිව්වා. අනික තමයි වල් අලි දන්නේ නෑ මේක ගොවි මහත්තයාගේ වගාවක් කියලා. ඌ කලේ අලියාගේ වැඩේ. අලි ඉන්නවා කියලා දැනගෙනත් ගොවි මහත්තයා ගොවි මහත්තයාගේ වැඩේ කරා නම් වගාව බේරගන්න තිබුනා. මතක තියාගන්න මිනිසා පරිසරේ කොටසක් මිස අයිතිකාරයා නෙමෙයි කියලා

:       0       0

asiri Friday, 06 July 2018 03:14 AM

කරුවලගස්වැව කියන්නේ ඉතින් අලියන්ට අයිති තැනක් එතන කැලේ කපලා ගස්ලබු හිටෙව්වම අලි කන එක අහන්න දෙයක්ද. මේ සේරම තබ්බෝව රක්ෂිතයේ ඉඩම්

:       0       0

ලුම්බිණි Friday, 06 July 2018 04:07 AM

මෙහි ප්‍රධාන හේතුව වන සතුන්ට ජීවත් වීමට ඇති ඉඩ ප්‍රමාණය ටිකෙන් ටික අඩු වීමයි. එවිට එම සතුන් අහල පහල ගම් වලට ඇතුළුවී මේවගේ විනාශ කරනවා. මේකේ වරද කාගේ අතේද කියලා කියන්න බැරි උනාට අලින්ගේ අතේ කිසි වරදක් නැති බව විතරක් කියන්න පුළුවන්.

:       0       0

himal Friday, 06 July 2018 05:34 AM

මෙතන ගැටළු කීපයක් තියෙනවා. මිනිස්සු වන සතුන් ඉන්න කැලෑ එළි කරලා ඒවයේ වගා කරලා, ගෙවල් හදලා දැන් ඒ වන සතුන්ට චෝදනා කරනවා. සමහර ගම් වල මිනිස්සු වන සතුන්ගේ ගොදුරු බිම් වන විල්ලු විනාශ කරනවා. එතකොට සත්තු ගමට එන එක නවත්වන්න බෑ. ගස් ලබු ගස් වැ‍ටුණාම විදුලි වැට කැඩෙන්න තරම් දුර්වල විදිහට නම් හදලා තියෙන්නේ ඒකත් ප්‍රශ්නයක්.

:       0       0

Zoysa Friday, 06 July 2018 08:14 AM

ගස්ලබු කන්න පුළුවන් කෙනෙකුට දෙන්න. කාටවත් පෙන්නලා වැඩක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 240 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 57 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 40 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 459 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 523 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 816 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site