IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාධ්‍ය ප්‍රකාශක තනතුරින් යැව්වාට ඩිලාන්ගෙන් ජනපතිට තුති

(ඩයනා උදයංගනී)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට තමන් සුදුසු නැති බව පිළිගන්නා බවත්, තමාව ඉන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන බවත් ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන අතරතුරදීම පක්ෂ උපදේශක මණ්ඩලයේ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ නිලධාරීන් කිහිප දෙනෙකු නිර්දය ලෙස විවේචනය කළ තමන් වැනි අයෙක් එම ධූරයට නොගැළපෙන බව කී ඩිලාන් පෙරේරා මහතා පක්ෂ උපදේශක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස් විවේචනය කරන සෙසු අය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
 
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත්කර සිටිනවා නේද?‘ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
 
එයට පිළිතුරු දෙමින් ඩිලාන් පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
 
‘‘ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුති කර හෙට දිනයේදී ඊ මේල් පණිවුඩයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සිටියදී පක්ෂයේ උපදේශක මණ්ඩලයේ සිටින චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු සමහර නිලධාරීන්ව නිර්දය ලෙස විවේචනය කර තිඛෙනවා. එවැනි අයෙක් මාධ්‍ය ප්‍රකාශකකමින් ඉවත් කිරීම හොඳයි. 
 
මා පත්කළේ මධ්‍යම කාරක සභාව නිසා එම පත්වීම අවලංගු කිරීම ස්ථීර කරන ලෙස මම ඊ ළඟ මධ්‍යම කාරක සභාවටත් යෝජනා කරනවා. අපේ පක්ෂයේ උපදේශක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් අය විවේචනය කරන අයත් පක්ෂයේ ඉන්නවා. ජනාධිපතිතුමා පළමු පියවර මට තිබ්බා මෙන් අනාගතයේදී ඒ අය ගැනත් විනය ක්‍රියාත්මක කරාවියැයි සිතනවා.‘‘
 



අදහස් (8)

මාධ්‍ය ප්‍රකාශක තනතුරින් යැව්වාට ඩිලාන්ගෙන් ජනපතිට තුති

Saththaya Thursday, 12 July 2018 12:53 PM

ඇත්ත පිළිගත්තාට ගරු කරනවා

:       1       213

rohana Thursday, 12 July 2018 01:17 PM

මෙයා ඡන්දෙන් නම් පැරදුනා නමුත් ජනාධිපතිතුමා පින් මන්ත්‍රීකමක් දුන්නා නේද?

:       1       168

nihal Thursday, 12 July 2018 04:10 PM

දැන්වත් ජනතාවට තේරෙනවනම් මේ මහත්වරුන්ගේ ක්‍රියාකලාපය අනාගතේට හොඳයි.

:       0       13

කුමාර් (ගල්ෆ්) Thursday, 12 July 2018 06:09 PM

බෝට්ටුවේ අනිත් පැත්ත පෙරලුනු නිසා යට පැත්ත හොඳයි කීවාසේ.

:       0       157

මෝඩයා Thursday, 12 July 2018 11:40 PM

කපන්න බැරි අත සිඹිනවා කියලත් කිවලු නේද?

:       0       1

Hameed Friday, 13 July 2018 03:24 AM

මෙයා මේ බලන්නේ මේ පාර මහින්ද මහත්තයාගේ කරෙන් ගොඩ යන්න, මං හිතන්නේ බදුල්ල ජනතාව ඊට වඩා බුද්දිමත්,

:       0       18

kalani Friday, 13 July 2018 03:41 AM

ඕකනේ කියන්නේ කිත්තයියට විහිළුවක්වත් තේරෙන්නේ නැහැ කියලා.

:       0       0

sam Friday, 13 July 2018 07:44 AM

ජනාධිපති තුමාට ඊ මේල් යවලා වැඩක් නැහැ . හෙට උදේට මේ පුවත ලංකාදීපයෙන් දකීවි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 38 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 329 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 337 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 250 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 446 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2235 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site