IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උපාධිධාරීන්ට පත්වීම් දෙන්න රජය නීතිපති උපදෙස් පතයි

අංජුල මහික වීරරත්න 
 
උපාධිධාරීන්ට පත්වීම්දීමට පවතින නෛතික බධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
 
රජය ඉහත දැනුම්දීම් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය. 
 
උපාධිධාරීන් 5000කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් කෙරුණි. පත්වීම් ප්‍රදානය කිරීමට තොරාගත් උපාධිධාරීන් අතර රජයේ විශ්ව විද්‍යාලවලින් බාහිර උපාධිය ලැබූ උපාධිධාරීන්ද සිටීම අමාත්‍ය මණ්ඩලය අදාල පියවර ගැනීමට හේතු විය.
 
විශ්ව විද්‍යාල උපාධිධාරීන් සමඟ බාහිර උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ විධිවිධාන කැබිනට් සංදේශයට ඇතුළත් කර තිබු හෙයින් එයට ඇතැම් අමාත්‍ය මණ්ඩල සමාජිකයන්ගේ එකඟත්වය පළ නොවීය. ඉහත පසුබිම් යටතේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට  හා බාහිර උපාධිධාරීන්ට පත්වීම් දීමට අදාළව මීට පෙර ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සටහන්  අධ්‍යයනය කිරීමට  නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
 
සියලුම උපාධිධාරීන්ට පත්වීම්දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන බැවින් විශ්ව විද්‍යාල හා බාහිර උපාධිධාරීන් 5000 කගේ පත්වීම් සම්බන්ධයෙන් පවතින නෛතික බධාව වහාම දැනුම් දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දුන් උපදෙස්වල සඳහන්වේ.  



අදහස් (6)

උපාධිධාරීන්ට පත්වීම් දෙන්න රජය නීතිපති උපදෙස් පතයි

sirimal Monday, 02 July 2018 09:47 AM

ඕකනේ වැඩේ. හැම දේකටම උපදෙස් අහ අහ ඉන්න ගියොත් වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒකට ඉස්සර හිටපු කට්ටිය. කිසිම ඇහිල්ලක්, බැලිල්ලක් නැහැ. හිතුන හිතුන දේ හිතුන හිතුන වෙලාවට කෙරුවා. "මයි කාර් මයි පැට්‍රොල්" කියලනේ සියලුම දේවල් කලේ. හිට්ලර් වගේ වැඩ කරන අයට සමහරු සාදු කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන වැඩකළොත් ගොඩ නැත්නම් සොරි ඩොට් කොම් තමයි ඉතින්..

:       4       23

Sathya Monday, 02 July 2018 10:11 AM

කොහොම වුනත් රටක් විදියට අපිට ඉස්සරහට යන්න බැරිවෙනවා මේ ප්‍රශ්න විසඳා ගත්තේ නැත්නම්... අද දකින සුලභම කරුණ තමයි කැම්පස් යන්න සුදුසුකම් නැති අය පවා (සා.පෙ ගණිතය අසමත්) බාහිර උපාධිය කරනවා. තියෙන ලේසිම කලා (ආර්ට්) විෂයන් ටික තෝරාගෙන. ඊට පස්සේ එයාලත් අර රැකියා විරහිත ගොඩට එකතු වෙනවා. මේකට විසඳුමක් විදියට කරන්න පුළුවන් කලා (ආර්ට්) විෂයයන්ට ගන්න ප්‍රමාණය අඩු කරලා, තාක්ෂණික, ප්‍රායෝගික අංශවලට හා ප්‍රයෝගිකව දැනුම සංවර්ධනයට යෙදවෙන අංශවලට (පරිගණක, ඉලෙක්ටෝනික්, ජංගම දුරකථන වගේ) වැඩියෙන් බඳවා ගන්න ඕනෑ.

:       35       7

Raveendra Monday, 02 July 2018 10:26 AM

අනේ මන්ද .... රැකියාවන් තිබේනම් , "සුදුසුකම් " තිබෙන අයදුම් කරුවන් ඉන්නවනම් ඇයි උපදෙස් ගන්නේ ?? මොකක්ද මේ තිබෙන ගැටලුව කියලයි අපට තිබෙන " ගැටලුව " ??

:       9       73

Mallika.warnauriya Monday, 02 July 2018 10:29 AM

විදේශ විනිමයෙන් නේද රට රැකෙන්නේ..... විදේශගත වෙලා ඉන්න අපේ දරුවෝ උපාධියක් අරගෙනත්....... අසාධාරනේ හරිද?

:       20       17

senarath Monday, 02 July 2018 12:20 PM

ඒ වුනාට ලංකාවේ පුරවැසිකම නැති මිනිහෙකුට මහබැංකු අධිපතිකම දුන්නා. එ්කාබද්ධ විපක්ෂයේ විරෝධතාවත් නොතකා. ඒවාට නීතිපති උපදෙස් ගත්තේ නැත්තේ මොකද? මේ හදන්නේ රැකියා දීම තවත් කාලෙකට කල්දමන්නයි.

:       0       157

RaveendraMonday, 02 July 2018 04:25 PM

සෙනරත් මයා වෙත, ඔය කියන උපදෙස් ගන්නේ නොකෙරෙන දීගෙට නොහොත් නොකෙරෙන දෙයටය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 15 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 22 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 80 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 637 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 584 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 289 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site