IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


​​ජාතික රජයේ ඉදිරිය ගැන එජාපය කතා කරයි

අගමැති හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිප ඇතැමුන්ද ගෙනා විශ්වාසභංගය ඉතා ඉහළින් ජයගත් අගමැතිවරයා මෙවර සිංහල අවුරුද්දට පිටරට යාමෙන් ද වැළකී සිටියේය. 


නව වසර සැමරීම සඳහා අගමැතිවරයා සහ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ තෝරා ගත්තේ නුවරඑළිය ප්‍රදේශයයි. එහි අගමැති නිල නිවසට ගිය පිරිස සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කළේ එහිදීය. 


විවේකයට මූලිකත්වය දුන්නද ප්‍රදේශයේ දියුණුවට අදාළ සැලසුම් අධ්‍යයනයටද අගමැතිවරයා ක්‍රියා කළේය. සංචාරක කර්මාන්තය සඳහා යෝජිත නව පුරවරය ඉදිකිරීම පරික්ෂා කිරීමට ඔහු ගියේ මන්ත්‍රී කේ.කේ. පියදාස සමගිනි. 


අනතුරුව ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් ගිනස් වාර්තාව සඳහා නුවරඑළිය අර්තාපල් වලින් නිර්මාණය කළ කේක් ගෙඩිය කැපීමටද අගමැතිවරයා එක්විය. පෞරාණික කඩුවකින් කේක් ගෙඩිය කැපීම සිදුවිය. 


අනතුරුව මහනුවරට ගිය අගමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සමග මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක දළදා මාලිගාවද වැඳ පුදා ගෙන කොළඹ බලා පිටත් විය. 


අගමැතිවරයාගේ අලුත් අවුරුදු කිරිබත් සංග්‍රහය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අරලියගහ මැදුරේදී පැවැති අතර ඊට මැති ඇමැතිවරු, සංස්ථා සභාපතිවරු, ඉහළ නිලධාරීහු එක්වූහ. 


අනතුරුව සජිත් ප්‍රේමදාස, අකිල විරාජ්, ජේ.සී. අලවතුවල මෙන්ම චමින්ද විජේසිරි, මරික්කාර්, තුෂාර ඉදුනිල්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, සිඩ්නි ජයරත්න ප්‍රමුඛ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග අගමැතිවරයා එජාප ප්‍රතිසංස්කරණ මෙන්ම ඇමැති සංශෝධනයට අදාළව ද සාකච්ඡා කළේය. 


‘පසුපෙළ ශක්තිමත් කරන්න. ජ්‍යෙෂ්ඨ අයට තනතුරු දෙන්න. එජාප ප්‍රතිසංස්කරණවලට අදාළව ඔබතුමාට දුන් කමිටු තුනෙහි වාර්තාව අනුව කටයුතු කරන්න. කල්දාන්න එපා. ජනපතිවරණයට තව වසර 1 1/2 යි තිබෙන්නේ. 


 ජනතාවට සලකන්නත්, තරුණ පරපුරට රැකියා දීමටත් වේගවත් සංවර්ධනයටත් මුල පුරමු. ආණ්ඩුවට දැවැන්ත ජනමාධ්‍ය මෙහෙයුම අත්‍යවශ්‍යයි. අපි එකතුවෙලා වැඩ කරමු.’ චමින්ද විජේසිරි ඇතුළු පසුපෙළ සියලු දෙනා කීවේ එකම අදහසකි. 


‘ඔයාලා එක මතයක ඉන්න එක වටිනවා. කමිටු තුනෙහි නිර්දේශ අනුවයි එජාප ප්‍රතිසංස්කරණ වන්නේ. ඇමැතිකම්වලට පත් කරන කොට ජනාධිපතිතුමා එක්කත් කතා කර වඩාත් හොඳ දේ කරනවා.’ අගමැතිවරයා කීය. 
 ‘විශ්වාසභංගයෙන් ඔබතුමා අමාරුවේ දාන්නයි ශ්‍රීලනිපයේ සමහරුන් බැලුවේ. අන්තිමට අමාරුවේ වැටුණේ ඒ අයමයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය. 


‘පොහොට්ටුවේ න්‍යායාචාර්ය කෙනෙකු තමයි ආචාර්ය චරිත හේරත්. එයා ළඟදි රූපවාහිනී සංවාදයකදී ඉතා පළල් විග්‍රහයක් කළා. අගමැතිතුමා බැඳුම්කරේට සම්බන්ධ වුණාට පසු ශ්‍රීලනිප 16 දෙනා ඇමැතිකම් ගෙන අගමැති එක්ක වසර 02 ක් ගත කළා. අගමැතිගේ ප්‍රශ්න එයාලට ඒ කාලේ මතක් වුණේ නැද්ද කියා චරිත ඇහුවා.’ 


පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය නිසා එයාලා 16 දෙනා තම අනාගතය ගැන බයවෙලා ඉතා ආත්මාර්ථකාමීව විශ්වාසභංගයට පක්ෂ වී දැන් පොහොට්ටුවට පනින්න හදනවා. මේ 16 දෙනාගෙන් පරිස්සම් විය යුතු බව ඇඟවෙන ප්‍රකාශය තමයි චරිත හේරත් කළේ.’ චමින්ද විජේසිරි කීය. ඒ ගැන සියලු දෙනාගේ අවධානය යොමුවිය. 


 ‘එජාප කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම ජාතික රජය ඉදිරියට ගෙන යන්න එකඟත්වය දෙනවා. ඒත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යෝජනාව සම්මත කරගන්න දැන් ඡන්ද කීපයක් මදි කියා ආරංචියි. ජනාධිපතිතුමා ලොකු හිරවීමකලු ඉන්නේ. තීරණාත්මක ඡන්දය නම් ඒකට මහින්දත් එන්නලු හදන්නේ. නමුත් චන්ද්‍රිකාත් ඉන්න නිසා මහින්ද ඒවිද දන්නේ නැහැ.’ පී. හැරිසන් කීවේ සිනාසෙමිනි. 


‘ශ්‍රීලනිපය දැන් තුනට කැඩිලා. පළාත් පාලන ඡන්දත් ශ්‍රීලනිපයේ වුවමනාවට කල්දාන්න උදව් කර එජාපයත් ඉල්ලන් කෑවා.’ දයා ගමගේ කීය. 


‘කැබිනට් සංශෝධනය කවදද වෙන්නේ දන්නෙ දෙයියො තමයි. එජාප ඇමැති සංශෝධනය කළ නිසා යළිත් එජාපයට එහෙම දෙයක් ඕනෑ නැහැ. විෂයයන් මාරුවත් ඕනෑ වෙන්නෙ නැහැ කියන එකයි එජාපෙ පොදු මතය වෙන්නේ.’ කිරිඇල්ල කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනාම අනුමත කළහ. 


එජාපය තනතුරුවල වෙනස කළ යුතුයි. දක්ෂ අලුත් අයට තැන දෙන්න ඕනෑ. නව මහා ලේකම් කවුරු වුණත් බලතල අඩු වේවි. සභාපතිකමටත් අලුත් මුහුණක් දාන්න ඕනෑ.’ අගමැතිවරයා සිය එජාප ප්‍රතිසංස්කරණවලට අදාළව දැවැන්ත ඉඟියක් පළ කළේය.



අදහස් (0)

​​ජාතික රජයේ ඉදිරිය ගැන එජාපය කතා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site