IMG-LOGO

හොංකොන්හිදී සංවිධානය කෙරුණු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා මහෝත්සවය.

 

 

ශාස්ත්‍රපති සීගිරියේ සුමිත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මගපෙන්වීම යටතේ හොංකොංහි ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන්නට යෙදුණු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා මහෝත්සවය නොවැම්බර් මස 2 සහ 3 යන දිනයන් හිදී හොංකොංහි ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සහ Po Leung Kuk Lam Chan පාසල් පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදිණි.   


ජූලි මස 14 දින වස් ආරාධනා පිංකමෙන් ඇරඹි පිංකම් මාලාව පුරා තුන් මසකට අධික කාලයක් සෑම සති අන්තයකම හොංකොං දූපත් සිසාරා පවත්වන්නට යෙදුණු ප්‍රාදේශීය පිංකම් මාලාවකින් සමන්විත වූ අතර, නොවැම්බර් 2 වැනි සෙනසුරාදා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය පැවැත්විණි. 


නොවැම්බර් 3 වැනි ඉරු දින උදෑසන 5.00ට පමණ පෙරහරින් කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩමවීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත සාංඝික කොට පිළිගන්වනු ලැබීය. කඨින වස්ත්‍රය විහාරස්ථානයේ දී සැකසීමෙන් අනතුරුව මහා සංඝරත්නය ප්‍රමුඛ පෙරහරින් Po Leung Kuk Lam Chan පාසල් පරිශ්‍රය වෙත වැඩම කරන ලදී. 


එහිදී බුද්ධ පූජාව සහ මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සිදු කරන ලදී. ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, බංගලාදේශය, වියට්නාමය ආදී රටවලින් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, පිංකම සඳහා සහභාගි වූ හාරසියයකට අධික දෙස් විදෙස් පින්වතුන් වෙත දහවල් දානය පිළිගන්වන ලදී. එහි අවස්ථා කීපයක් ඡායාරූපවලින් දැක්වේ. 

 

 

 



අදහස් (0)

හොංකොන්හිදී සංවිධානය කෙරුණු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා මහෝත්සවය.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site