
නිදහස ලැබූ අපි හතළිස් අටේ සිට
මේ රට මගෙයි සිරිලක් බිම අපේ රට
එලෙසින් හැඟෙන්නේ නම් සැම දෙනා හට
සමගිව පෙළ ගැසෙමු රකිනට රටේ වැට
දසමහ යෝධයින් විරුවන් එකතු වෙලා
නිදහස පතා මව්බිමෙ අරගලය කළා
දහඩිය කඳුළු හා රුහිරය ගියා ගලා
ජීවිත පුදා ඒ නිදහස උදා කළා
දිගු ඉතිහාසයෙන් පිරිපුන් බව ගේන්නයි
සම්බුදු දමින් පූජිත වූ අසමානයි
සුන්දර මගේ මව්බිම හරි අභිමානයි
මේ වගෙ රටක් මුලු ලෝකෙම නැති ගානයි
ලෝකය දියුණු මුත් ඒ හැම පරදවලා
කළු ගල් පවා පත පොත සේ හසුරුවලා
සෙල් ලිපි ශිලා ලේඛන සේ පණ පොවලා
නොමැකෙන සදා හෙළ උරුමය ඉතිරි කළා
නිදහස ලබා හැත්තෑ එක් වසර වුණා
අදහස ගනිමු සමරමු බැති සිතින් මනා
කිතුගොස නගමු සැම හදවත් පුබුදු වනා
නිදහස් ධජය ඔසවමු අපි සියලු දෙනා
විමලා යාපා
සයිප්‍රස් සිට
සයිප්‍රස් සිට

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.