2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ඔක්කොම කුණු කාත්තන්කුඩි කලපුවේ

(වීඩියෝ දසුන් සහිතයි)

2016 ඔක්තෝබර් මස 12 15:25:05 | තරිඳු ජයවර්ධන , ඩ්‍රෝන් ඡායාරූප සහ වීඩියෝ සංජන හත්තොටුව

අදහස්(10) බැලූවෝ (7387)

‘යුද්ධෙ කාලේ ආයුධවලින් ගැහුවා. දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපිට පෑනෙන් ගහනවා.‘ යැයි කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ උප සභාපති මොහොමඩ් සුභයිර් මහතා පැවසීය. යුද්ධය නිසා පීඩාවට පත් කාත්තන්කුඩි වැසියෝ දැන් පීඩාවට පත්ව සිටිනුයේ ඉවතලන කුණු නිසාය. 

වසර 40ක පමණ සිට කාත්තන්කුඩියේ කලපුවට ගොඩ ගැසූ කුණු දැන් කලපුවේ අක්කර ගනනක් වසාගෙන තිබේ. යුද්ධෙන් පසු සාමය උදාවීමත් සමග ගම්මාන අතහැර ගිය උදවිය යළි පදිංචියට පැමිණීමත් සමග කුණු ප්‍රශ්නය ද ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කුණු ගොඩට මායිම්ව ඇත්තේ කාත්තන්කුඩි අල්හිරා විද්‍යාලයයි. එහි විදුහල්පති ඒ එල් එම් ෆාරුක් මහතා කීවේ කුණුගොඩ ඉවත් කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇති බවයි. ‘අවුරුදු 40ක් විතර තිස්සේ කුණු දාලා තියෙනවා. මෙහේ කුණු දාන්න ඉඩමක් නැති නිසා කලපුවට කුණු දමන බව නගර සභාව කියනවා. 2012 දි විතර කුණු ගොඩ කරලා ඊට උඩින් පස් පුරවා පාසල් ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් හැදුවා.‘ යැයි විදුහල්පතිවරයා කියයි.

කුණු ගොඩ අයිනේම ඇති පාසලේ ළමයින් ගණන 215කි. මේ ළමයින් විවේකයට සෙල්ලම් කරන්නේ කුණුගොඩ ගොඩ කර තැනූ පිට්ටනියේය. පිට්ටනිය වටා ඇත්තේ කලපුව ඟොඩ කරමින් යන කුණු කන්දය. මෙය සිසුන්ගේ සෞඛ්‍යයටද ප්‍රශ්නයක් බව ප්‍රදේශවාසීහු කියති.

‘කුණුගොඩට විරුද්ධව ප්‍රදේශවාසීන් අවස්ථා ගණනකදි උද්ඝෝෂණ පැවැත්වුවා. මේ කුණු වෙනත් තැනකට ගෙනියන්න උත්සාහ කළා. එම ස්ථානය අවට මිනිසුන් ඊට විරුද්ධ වී තිබූ නිසා කුණු ගෙන යෑම නැවතුනා.‘ යැයි ද විදුහල්පති ෆාරුක් මහතා සඳහන් කරයි.

1982 දී එල්ටීටීඊ සංවිධානයෙන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියකට කඩා වැදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් පසු 1985 වසරේ ඇරැඹි කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ වත්මන් සභාපති වන්නේ ඉංජිනේරු ඒ එම් එම් තවුෆික් මහතාය. ඔහු කීවේ කුණු ප්‍රශ්නය යම් තරමකට හෝ විසඳීමට සහාය පළ කිරීමක් ලෙස තම සම්මේලනයේ මැදිහත්වීමෙන් ප්‍රජාවේ මුදල් එකතු කර ලක්ෂ 40කට ඉඩමක් ගෙන නගර සභාවට බාර දුන් බවයි. දැන් එම ඉඩමේ කොම්පොස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි තවුෆික් මහතා කියයි.

එහි උප සභාපති මොහොමඩ් සුභායිර් මහතා කියනුයේ මුල් ගැසට් පත අනුව කාත්තන්කුඩි කොට්ඨාසයට වෙන් කළ ඉඩම් යුද්ධෙන් පසු වෙනත් ආයතනවලට අල්ලාගෙන ඇති නිසා ඉඩම් ප්‍රශ්නය තදින් දැනෙන බවයි. කුණු දැමීමට පවා ඉඩමක් නැති වී ඇත්තේ ඒ නිසායැයි ඔහු කියයි. ‘මුල් පදිංචිකාරයන් දැන් ඒ ඉඩම්වල ගිහින් පදිංචිවුණාම රජයේ ඉඩම්වල පදිංචිවුණා කියා නඩු දමනවා.‘ යැයි ද ඔහු පවසයි.

කාත්තන්කුඩි නගර සභාවේ ලේකම් එස් එම් එම් ශෆී මහතා කියනුයේ යුද සමයේ ප්‍රදේශය අතහැර ගිය පවුල් 542ක් දැන් නැවත පැමිණ කාත්තන්කුඩියේ පදිංචිව ඇති බවයි. ජන ගහනය වැඩිවීමත් සමග කුණු බැහැර කරන ප්‍රමාණය වැඩි වී ඇති බව ද, දවසකට කුණු කිලෝ ග්‍රෑම් තිස් දහසක් පමණ ඉවත් කරන බව ද, ඉන් සියයට 26න් පමණ කොම්පෝස්ට් ව්‍යාපෘතියට යොදා ගන්නා බව ද නාගරික ලේකම්වරයා පවසයි. ‘කුණු දමන්න ඉඩමක් නැති එකයි අපට තිබෙන ප්‍රධානම ගැටළුව. 2018 වසරේ දී මේ ගැටළුවට ස්ථිර විසඳුමක් ගේන්න දැන් වැඩපිළිවෙළක් හදාගෙන යනවා.‘  යි ද ඔහු පවසයි.

මුහුදට කුණු දමන රටවල් අතර ලංකාව පස් වැනි තැන පසුවන බව පසුගිය කාලයේ එංගලන්තයේ සඟරාවක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවම් මහතා කියයි.

‘එම සඟරාවට අනුව ලංකාවේ එක් පුද්ගලයකු දවසකට කුණු කිලෝ දෙක හමාරක් ඉවත් කරනවා. ඉන් ග්‍රෑම් 500ක් නොදිරන අපද්‍රව්‍ය. ලංකාවේ කාත්තන්කුඩි වගේම මුතුරාජවෙල, හබරණ, හම්බන්තොට, මීතොටමුල්ල, බදුල්ල ආදී ප්‍රදේශ රැසක කුණු ප්‍රශ්නය තිබෙනවා. බයෝ මෙඩිකල් වේස්ට් (ඉවතලන බෙහෙත් ද්‍රව්‍ය ආදිය) තමයි දරුණුම කුණු ලෙස ලෝකයේ සලකන්නේ.

මුහුදේ කොරල්පර නිර්මාණය කරන්න දායක වෙන්නේ කොරල් භූබාවා කියන ජීවියයි. කුණු දැමීම නිසා එම ජීවීන් වඳ වෙලා යනවා. මුහුදේ ආහාරදාමයට දැඩි ගැටළු ඇති කරනවා. ඒ වගේම තමයි කඩොලාන ආදිය විනාශ වෙනවා. කුණුවලට අව්ව වැටීමෙන් ප්‍රතික්‍රියා කර මීතේන් වායුව නිශ්පාදනය වෙන්න පුළුවන්. මේ නිසා ඇස්මා කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. චර්ම රෝග ඇතිවෙනවා. ශ්වසන ආබාධ ඇති වෙනවා.

කුණු ප්‍රතිචක්‍රීකරණය ගැන අපි 2007 දී පමණ මධ්‍යම පරිසර අධිකාරියට යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.‘

 ඩ්‍රෝන් ඡායාරූප හා වීඩියෝ - සංජන හත්තොටුව

Kaththankudi-kunu-001 Kaththankudi-kunu-002 Kaththankudi-kunu-003 Kaththankudi-kunu-004 Kaththankudi-kunu-005 Kaththankudi-kunu-006 Kaththankudi-kunu-007 Kaththankudi-kunu-008 Kaththankudi-kunu-009jpg Kaththankudi-kunu-010jpg

 

අදහස්(10) බැලූවෝ (7387)

ඔක්කොම කුණු කාත්තන්කුඩි කලපුවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සජී 2016-10-12 10:38:38

කලපුවකට කුණු දමන මෝඩ මිනිස්සු ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති (බ)

රජින්ද 2016-10-12 10:55:47

මේ උදවිය අවුරුදු ගානක්ම කුණුත් එක්ක ඉන්න උදවිය. මස් කපන ඒවායේ කුණු, සත්තුන්ගේ රුධිරය වගේ දේවල් මේ පළාත් වල උදවියට සාමන්‍ය දේවල්. පරිසරය ගැන මෙලෝ නිනව්වක් නැහැ. බලධාරීනුත් එකයි මිනිස්සුත් එකයි. (අ)

චාමර 2016-10-12 12:35:40

මොනවද මේ වෙන්නේ? (ර)

සරත් 2016-10-12 12:36:47

වගකිවයුත්තෝ පොලිතින් ප්ලාස්ටික් අපර්ද්‍රව්‍ය ගැන කිසිම ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් නොකර බලාගෙන ඉන්නවා. කලපුවකට නෙවෙයි ගංගා ඉවුරකට ගියත් මෙවැනි තත්වයක්. ගංගා ඉවුරේ ගෙවල්. (ර)

දිමුත් 2016-10-12 12:58:41

කාත්තන්කුඩිය අපේ රටේද? මම හිතුවේ අරාබියේ කොලනිකයක් කියලා. ඇයි ඒකෙ වෙනම පාලනයක් නේ යන්නෙ. වෙනම නීතියක්. පංසල් බෑ බුදුපිලිම බෑ. බණ බෑ. (අ)

ජයලත් 2016-10-12 13:37:14

අපිට මේවගේ අය සමග ජීවත්වෙන්න සිදුවීම ඉතාමත් අවාසනාවක් ,මේ යක්කුන්ට ජීවිතය ගැන කිසිම දැනුමක් තේරුමක් නැහැ . එයට හේතුව මේ අයගේ විශ්වාසයන් . මුහුදට මේ ආකාරයට කුණුකසල එකතු කළාම මුහුදේ ජීවත්වෙන සියලු ජීවීන්ට එය භයානක ලෙස බලපානවා .(බ)

අනිල් 2016-10-12 15:51:08

කාත්තන්කුඩි කියන්නේ අපේ රටේ දියුණුම නගරයක්! සල්ලි ගලන්නේ ඩිරාම්, රියාල් වලින්නේ. එහෙවු දියුණු, පොහොසත් නගරයකත් කුණු තත්වේ මෙහෙමනම් අනිත් තැන් ගැන කවර කතාද? (බ)

කුමාර මහර 2016-10-12 16:18:01

මෙයාල කියන්නෙ ජනගහනය වැඩි කියලා නේද. ඉන්නත් ඉඩමදිලු. එක පවුලක ලමයි 5 වඩා ඉන්නවා ඉතින් ඔය කියන ප්‍රශ්න ඇති වෙන එක අහන්නත් දෙයක්ද? හොදම දේ තමයි මෙයාලගෙ ජන ගහනය පාලනය කරන එක. (බ)

ඉසුරන්දි 2016-10-13 06:21:57

මෙය දිහා බැලුවම තේරුම් ගිය එක දෙයක් තමයි සභාව ධර්මයාට කරන හානිය ලොකු තැනේ සිට පොඩි තැනට එනකම්ම සිදුවෙන ආකාරයයි.ආත්මාර්ථකාමී දේශයක් බිහි වෙද්දී මිනිස්සුන්ගේ ආකල්පත් වල් වදින්නේ මේ නිසයි.(ම)

ප්‍රනාන්දු පැරිස් 2016-10-13 21:42:42

ශ්‍රී ලංකාවට යන කල (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :