2012-05-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.7700 , විකුණුම් මිල රු.130.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.1700 , විකුණුම් මිල රු.209.0300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.6800 , විකුණුම් මිල රු.166.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.5300 , විකුණුම් මිල රු.139.2900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.1600 , විකුණුම් මිල රු.130.2900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.125.0800 , විකුණුම් මිල රු.130.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.7800 , විකුණුම් මිල රු.103.7400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.5700 , විකුණුම් මිල රු.1.6346 |

''දේශීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අප දස්කම් පදනම් කරගත් කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි අප ගිවිසුම් ප‍්‍රමාණය අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුමක් දිනාගන්න නම් වඩාත් හොඳ දස්කම් දක්වන්න කී‍්‍රඩකයන් දිරිගන්වන්නයි අප බලාපොරොත්තු වන්නේ” නිශාන්ත රණතුංග - කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගිවිසුම් ගත කිරීම සම්බන්ධයෙන්

''අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන්නේ රට වෙනුවෙන් කියන එකයි. අපේ කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් අප විසින් විශාල ණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඔවුන් නොමැතිව අපට මෙතැනට එන්න බෑ” කුමාර් සංගක්කාර - කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වගකීම සම්බන්ධයෙන්  

”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි” මහේල ජයවර්ධන - අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන්

”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්” ”කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් බැලූවාම ඔවුන්ගේ පළමු ප‍්‍රතිචාරය වූයේ ‘මට නම් යන්න  ඕන නෑ’ කියන එකයි” ස්ටුවර්ට් ලෝ - බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්

‘‘ඒක ඉතාමත් සතුටුදායක තරගාවලියක්. පළමු වැනි පහරේ සිටම මා හොඳින් ඉදිරියට ගියා. පන්දුවට වලට දැමීමේදී තරමක් සිත එකග කරගත නොහැකි වුණත් ලාහෝරයේ රාජකිය ගොල්ෆ් ක‍්‍රීඩාංගණයේදී හොදින් ක‍්‍රීඩා කිරීම ගැන මා සතුටු වෙනවා.’’    එන්. තංගරාජා - පාකිස්තානයේ 51 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලිය ජයගැනිමෙන් පසුව

‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරමුණ ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීමයි. ඊට අවශ්‍ය ධෛර්ය අපට තිබෙනවා. ’’ යෝෂිත රාජපක්‍ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර. 

‘‘එක හරිම කණගාටුදායක තත්වයක්. මා අයි. පී. එල්. තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටිනවා. මා හිතන්නේ මේකට හේතුව ඉරිසියාවයි.’’   කේවින් පීටර්සන්  - රගාවලියට ලැබිය යුතු ප‍්‍රසිද්ධිය දීමට එංගලන්ත පුවත් පත් මැලි විම සම්බන්ධයේන්.

”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න  ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.” ”ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින ක‍්‍රිකට් තරග සදහා විනිසුරු තීරණ ක‍්‍රමවේදය ඇතුළත් කරනවා නම් ඒ සදහා අනිවාර්යයෙන්ම  ‘හොට් ස්පොට්’ විශේෂාංගය එක්විය යුතුයි.” තිලකරත්න ඩිල්ෂාන් - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්

‘‘ස්ථිර වශයෙන්ම එක්දින සහ විස්සයි/20 තරගවලදී මා පන්දු යැවිම නවත්වන්නේ නෑ එත් වඩාත් දීර්ඝ (ටෙස්ට්) ක‍්‍රිකට් කී‍්‍රඩාවේදි  මගේ කාර්ය ප‍්‍රමාණය කිසියම් ප‍්‍රමාණයකට කළමණාකරණය කරගන්න නම්  ඕනෑ’’ ඇන්ජලෝ මැතිව්ස් - තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙසින් තම ආනාගතය පිළිබද පවසමින්.



‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක‍්‍රීඩා කරන විටදි. ඒ වාසිය වේලාසනියේම ප‍්‍රයෝජනයට අරන් ප‍්‍රතිවාදින් පීඩනයට පත් කරන්න  ඕනෑ. එත් අපි ඒක කළේ නෑ’’  මහේල ජයවර්ධන - එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.

”හේරත් දැනට මට සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි. මෙහිදී විතරක් නොවෙයි ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පවා ඔහු තමන්ගේ වගකීම වටහාගෙන පන්දු යැවීමේ යෙදෙන කී‍්‍රඩකයෙක්.” මහේල ජයවර්ධන - පළමු ටෙස්ට් තරගය ජය ගැනිමෙන් පසු රංගන හේරත්ගේ මෑත කාලීන දායකත්වය සම්බන්ධයෙන්

”කඩුලූ 12 ක් ලබා ගැනිමත්  අංක 01 කණ්ඩායම පරාජය කිරීමට හැකිවීමත් නිසා ලොකු අශ්වාදයක් ලැබුවා. මුරලි නැති නිසා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා වීම අතිරේක පීඩනයක් නොවෙයි. මට කළ හැකි දේ මා කරනවා” රංගන හේරත් - ශ්‍රී ලංකා කණ්ඩායම ගල්ලේ තරගය ජයගැනිමෙන් පසු.  

‘මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැදවා තිබුණත් ඔහු  පන්දු යවන්නේ නෑ’ අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් පසු.

”බොක්සිං තහනම් කළ යුතු බවට දැන් යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා” වෛද්‍ය ලාල් ඒකනායක - ක‍්‍රීඩා මාධ්‍යවේදීන් සඳහා වූ සමුළුව අමතමින්

”අපි අයින් වෙලා ඔවුන්ගේ ඉතිහාසය නිර්මාණය කරගන්න අලූත් පරම්පරාවකට බාර දෙන්න කාලය හොදයි” රහුල් ද්‍රවිඞ් - අන්තර් ජාතික ක‍්‍රීකට් පිටියේන් සමු ගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කරමින්

"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු” මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011  

"ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්” කෙප්ලර් වෙසල්ස්- ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011

මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි” පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා” සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින්  

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු  31 වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුවෙනවා. ඒත් මාස හතරක් ඇතුළත නිලවරණ දෙකක් පැවැත්වීමේ තේරුමක් නෑ” කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු

මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක” තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු

"ඇන්ජලෝ කියන්නේ මේ වෙලාවේ ලකුණු අතෙරේ සිටින දක්ෂ තරුණ කී‍්‍රඩකයෙක්. දිගු ඉනිමක් කී‍්‍රඩා කරන්න නම් ඔහුට තව අවස්ථා ලබා දිය යුතුයි. එය ඔහුට වගේම කණ්ඩායමටත් හොඳ දෙයක් වේවි" සනත් ජයසූරිය - ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ ඉහළ දැමීම සම්බන්ධයෙන්  

"තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ තණතීරුවක්. ඒත් ඛාන් මහන්සි වී පන්දු යැවීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තා" ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු

"මුලදී තරමක දෝලනයක් තිබ්බා. ඒත්  කොොහාම වුණත් මම මගේ යෝකර් පන්දුවත් සෙසු පන්දු මිශ‍්‍ර කරමිනුත් යොදා ගත්තා. මේ නිසා අපිට පුුළුවන් වුණා ශී‍්‍ර ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලන්න.” ජුනයිඞ් ඛාන් - ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු

සභාපතිත්වය වෙනස් වුණා. ඒ නිසා මමත් මගේ තීරණය වෙනස් කළා. මම කැමතියි ආයේ පකිස්තානය වෙනුවෙන් කී‍්‍රඩා කරන්න.” සහීඞ් අෆ්රිඩි - නැවතත් පාකිස්තානු පිල නියෝජනය කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්

එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි. මා නායකත්වයට අලූත් නිසාම පසුගිය තරගාවලි දෙකේදීම බොහෝ දේවල් ඉගෙන ගත්තා. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියැළී නැහැ. මෙය ඊට හොඳ අවස්ථාවක් වේවි” ටී. එම්. ඩිල්ෂාන් - පාකිස්තානු පිලට එරෙහිව ඩුබායි සහ සාජාහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව

ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයත් තරමක් දුරට පාකිස්තානයට සමානයි. ඒ නිසා ටෙස්ට් තරගයක් දිනන්න අවශ්‍ය කඩුලූ 20 ක් දවාගන්න එක පන්දු යවන්නන්ට අසීරු අභියෝගයක් වේවි” මිස්බා උල් හක් - ශී‍්‍ර ලංකා පාකිස්තානු තරගාවලිය පිළිබඳව

මා ශූද්ධිවාදියෙක්. මා හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් ඉදිරියටත් පවතීවි. මේ කෙටි තරග වලට මා නම් කැමති නෑ. ඒක හරියට ශී‍්‍ර ලංකාවයි ඉන්දියාවයි හැම අගහරුවාදාම කී‍්‍රඩා කරමින් කී‍්‍රඩාවේ තිබෙන උද්වේගකර ස්වභාවය එයින් ඈතට ඇදගෙන යාමක් වගෙයි” ඉංගී‍්‍රසි ලේඛක ෂෙහාන් කරුණාතිලක -ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව

‘‘ක‍්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප‍්‍රියම ක‍්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්.  ඡන්දය ප‍්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක‍්‍රීඩා කරන ආකාරය බලන්න එන සැමටම මම ස්තූතිවන්ත වෙනවා’’ කුමාර් සංගක්කාර

“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”

ටී. එම්. ඩිල්ෂාන්

“කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.”

මයිකල් ක්ලාක්

නාලන්දා විදුහල 24-19 කින් ශාන්ත සිල්වෙස්ටර් පරදවයි

2012 මැයි මස 10 18:24:47

( යොහාන් භාසුර )

කොළඹ නාලන්දා විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අද (10) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති තරගයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව ලකුණු 24-1..

අදහස්(4) බැලූවෝ (188)

වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ 63-11 කින් ශාන්ත ජෝන් පරදවති

2012 මැයි මස 10 18:23:51

( යොහාන් භාසුර )

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ අද (10) මොරටුවේදී පැවැති තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 63-11 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් වි..

අදහස්(1) බැලූවෝ (140)

පාකිස්තානු ටෙස්ට් සංචිතයට කෝඩුකාරයන් දෙදෙනෙක්

2012 මැයි මස 10 16:28:35

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජුනි මස 22 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් පාකිස්තානු සංචිතයට නවක ක‍්‍රීඩකයන් වන මොහොමඞ් අ..

අදහස්(0) බැලූවෝ (1252)

මිස්බාට ටෙස්ට් - එක්දින නායකත්වය ඉතිරිවෙයි

2012 මැයි මස 10 16:14:28

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ශ්‍රී ලංකා පිලට එරෙහිව ජුනි මස 7 වැනිදා පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තානු එක්දින පිලේ නායකත්වය තව දුරටත් මිස්බා උ..

අදහස්(1) බැලූවෝ (1430)

මිස්බාට විස්සයි-20 පිලේ ස්ථානය අහිමිවෙයි

2012 මැයි මස 10 16:08:03

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජුනි මස 1 සහ 3 දෙදින සූරියවැවදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් සංචිතයෙන් නායක මෙන්ම ප‍්‍ර..

අදහස්(0) බැලූවෝ (1097)

එස්. එල්. පී. එල්. විස්සයි-20 තරගාවලිය අගෝ. 10දා ඇරඹේ

2012 මැයි මස 10 14:03:50

( යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩා..

අදහස්(3) බැලූවෝ (1854)

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල විස්සයි-20 තරගාවලියත් පරදී

2012 මැයි මස 10 14:01:09

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය 1-3 ක් ලෙස පරාජයට පත්විය. ටි‍්‍රනිටෑඞ්හිදී ඊ..

අදහස්(0) බැලූවෝ (144)

ක‍්‍රිස් ගේල් (82*) බැංගලෝර් පිලට ජයගෙනේ

2012 මැයි මස 10 13:53:22

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී ඊයේ (09) පැවැති තරගයේදී ඩැනියල් විටෝරිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කි..

අදහස්(0) බැලූවෝ (486)

අයි. පී. එල් පන්දු යවන්නන් අතර මාලිංග ඉදිරියෙන්

2012 මැයි මස 09 19:07:11

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ තරග 8 කදී කඩුලූ 20 ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ සිටි.  දෙවන ස්ථානයේ සිටින දිල්ලී පිල නියෝජනය කරන මෝනි ම..

අදහස්(21) බැලූවෝ (5666)

ශ්‍රී ලංකා 17 න් පහළ ක‍්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි

2012 මැයි මස 09 16:28:45

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් පිල සහ කොකා කේලා පිල අතර කර්නාටක ප‍්‍රාන්ත ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩ..

අදහස්(1) බැලූවෝ (987)

කිංග්ස් xI පන්ජාබ් පිලට ලකුණු 25 ක ජයක්

2012 මැයි මස 09 12:49:41

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද් හිදී (8 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් xI පන්ජාබ් කි‍්‍රඩකයෝ ඩෙකැන් චාජර්ස් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් ලැබුහ. ඩෙකැන් චාජර්ස් පිල නියෝජනය කරන ශ්‍ර..

අදහස්(0) බැලූවෝ (1284)

ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පසු බසිති

2012 මැයි මස 09 10:43:43

( නාමල් පතිරගේ )

තායිලන්තයේ බැංකොක් නගරයේදී ඊයේ (8) පැවැති ආසියානු ගෝන්-ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවේ පළමු අදියරේදී ශ්‍රී ලංකාව අපේක්‍ෂිත දස්කම් පළ කිරීමට අපොහොසත් විය. කෙසේ වුවත් එම තරගමාලාවේ අදියර - 2 හා අ..

අදහස්(0) බැලූවෝ (487)

වොට්සන් (90*) රාජස්ථාන් ජයග‍්‍රහණය වේගවත් කරයි

2012 මැයි මස 08 20:27:40

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්ගේ (නොදැවී 90) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ අද (08) පූනේහිදී පැවැති පළමු තරගයේද..

අදහස්(0) බැලූවෝ (2133)

සිවුවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ජයගනී

2012 මැයි මස 08 16:35:58

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (07) ටි‍්‍රනිඩෑඞ්හිදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ..

අදහස්(0) බැලූවෝ (1162)

18 න් පහළ ක‍්‍රීඩකයන්ට විස්සයි-20 ක‍්‍රිකට් නුසුදුසු බව ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය කියයි

2012 මැයි මස 08 14:49:28

( යොහාන් භාසුර )

වයස 18 න් පහළ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් විස්සයි-20 ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම නුසුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී මහාච..

අදහස්(5) බැලූවෝ (764)

කොල්කාටා පිලට කඩුලූ 6 ක ජයක්

2012 මැයි මස 08 12:51:35

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දිල්ලි හිදී (7 වැනිද) පැවැති තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් කි‍්‍රඩකයෝ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලූ 6 ක ජයක් ලැබුහ. දිල්ලි පිල නියෝජනය කරන ශ්‍රී ..

අදහස්(0) බැලූවෝ (1448)

ශාන්ත පීතර විදුහල රග්බි ලකුණු සටහනේ පෙරමුණේ

2012 මැයි මස 07 19:24:46

( යොහාන් භාසුර )

පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) දෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ..

අදහස්(0) බැලූවෝ (999)

ලෝක පාසල් චෙස් තරගාවලියේදී වොනාරාට පස්වැනි තැන

2012 මැයි මස 07 18:28:54

( සජීක ජයසිංහ )

රුමේනියාවේදී පැවැති 8 වැනි ලෝක පාසල් (කේවළ) චෙස් ශූරතාවලියේදී වොනාරා ගුණතිලක, හර්ෂණ තිලකරත්න සහ යසස් ළමාවංශ දස්කම් දැක්වීමට සමත්වුහ. රත්නපුර ෆර්ගෂන් උසස් බාලිකා විදුහලේ වොනාරා 7 න් පහළ (බාලි..

අදහස්(0) බැලූවෝ (703)

ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා - තරුෂි රන් පදක්කම් දිනති

2012 මැයි මස 07 18:28:02

( සජීක ජයසිංහ )

අටවැනි ලෝක පාසල් චෙස් ශූරතාවලියට සමගාමීව රුමේනියාවේදී පැවැති ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා ගුණතිලක සහ තරුෂි නික්ලේෂා රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. විනාඩි 5 කට සීමාවන මෙම ත..

අදහස්(1) බැලූවෝ (719)

එස්. ද එස්. ජයසිංහ විදුහල 1 වැනි කොටසට උසස්වීම් ලබයි

19 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය

2012 මැයි මස 07 16:02:41

( යොහාන් භාසුර )

දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසට උසස්වීම් ලැබීය. උසස් කිරීම සඳහා පැවැති තරගයේදී එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් කරන්දෙණිය මැදි ම..

අදහස්(1) බැලූවෝ (291)

 < 1 2 3 4 5 >  Last ›