2014 දෙසැම්බර් මස 23 වැනි අගහරුවාදා

2014-12-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.4300 , විකුණුම් මිල රු.133.3200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.2600 , විකුණුම් මිල රු.209.0700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.158.7100 , විකුණුම් මිල රු.163.9300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.131.8300 , විකුණුම් මිල රු.136.5800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.7500 , විකුණුම් මිල රු.115.5000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.4300 , විකුණුම් මිල රු.109.4600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.6400 , විකුණුම් මිල රු.101.8300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0873 , විකුණුම් මිල රු.1.1232 |

හෙයියන්තුඩුවේ රාජා යලි උපදී

2013 ජනවාරි මස 30 17:47:25 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

හෙයියන්තුඩුවේ රාජා හස්ථියා මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ වසර දහයකට ආසන්න කාළයක් නොකඩවා ශ්‍රී දළදා කරඩුව වැඩම කරවා 2012 දී මිය ගියේය.

‘‘හෙයියන්තුඩුවේ රාජා හස්ති රාජයාගේ අස්ථි පද්ධතිය එකලස් කොට  කෙළඹ කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරීය,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, ඌව පළාත් මහ අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඊට එක් වූහ.

1945 දී හම්බන්තොට කට්ටකඩුවාවට කැලයෙන් අල්ලා ගත් මේ ඇතා හෙයියන්තුඩුවේ ඩබ්ලිව්.ආර්. ගුණසේකර රෙජිස්ට්‍රාර් රාළහාමි විසින් 1945 දී මාර්තු 06 දින හම්බන්තොට කච්චේරියේදී ප්‍රසිද්ධ වෙන්දෙසියකදී රුපියල් දසදහස් පන්සීයකට මිලට ගෙන ඔහුගේ බාල පුත්‍රයා වන හෙන්රි ගුණසේකර මහතාට මෙම ඇතා පවරා ඇත.

අදහස්(31) බැලූවෝ (9048)

හෙයියන්තුඩුවේ රාජා යලි උපදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ලලිත්-කටාර් 2013-01-30 18:09:53

වෙනම මුරකරුවෙකුත් පත් කළා නම් නේද හොද? (නි)

පුබුදු 2013-01-30 18:11:20

ඉතාම හොද වැඩක්. (නි)

ලංකාසිරි 2013-01-30 18:15:08

කැළේ හිටපු සතාට කැළේම ඉන්න දුන්නා නම් ඉවරනේ... (නි)

අමා 2013-01-30 19:10:44

මෙයාගේ ලස්සන දළ දෙකත් අරන් යාවිද දන්නේ නෑ හොරු (ස)

පිටිගල 2013-01-30 19:30:03

මතු බුදුන් දැක නිවන් ලැබීමට හේතු වාසනා වේවා! (නි)

කමල් 2013-01-30 19:48:11

හොඳ වැඩක් , අගය කල යතුයි. හැබැයි බලාගෙන ආයේ හොරු එන්න පුළුවන් (ස)

සමන් 2013-01-30 20:03:08

දළ දෙක පරිස්සම් කරගන්න. (නි)

බෙනට් 2013-01-30 20:35:29

හෙට අනිද්දා වෙද්දී මේ ඇත් දළ දෙකටත් කුඩ්ඩෙක් ගේමක් නොදුන්නොත් තමයි පුදුමේ. (නි)

සරත් 2013-01-30 21:04:52

මේක දැක්කහම සසර කළකිරෙනවා. අපි කොච්චර ඇඳුම් ඇඳගෙන සැන් පව්ඩර් දාලා හිටියත් මැරිලා දියවෙලා ගියාට පස්සෙ අපිත් ඔය වගේමයිනෙ. (නි)

ගාමිණී 2013-01-30 21:22:03

රාජා යළි ඉපදුණු එක නම් හුගක් වටිනවා. (නි)

ඉසුරන්දි 2013-01-30 21:36:55

අනේ මම මැරුනහමත් මගේ ඇටසැකිල්ල කටුගෙයි තැන්පත් කරන්න පුළුළුන්ද ? (ස)

ඉසුරන්දි 2013-01-30 21:38:18

මම මේ දැක්කමයි අලි සැකිල්ලක් (ස)

හිල්මි 2013-01-30 21:41:25

දළ වල දිග....... (ස)

ඉසුරන්දි 2013-01-30 21:43:21

මේ දළ ගන්න ආයේ කන්ගැට්ටෙක් පනීවිද දන්නේ නෑ (ස)

රංග 2013-01-30 22:39:49

මහ පින් ඇති හස්ති රාජයෙක්. කළ දේ නම් උතුම්. නමුත් දළ දෙකේ නම් මට පොඩි වෙනසක් පෙනෙනවා. (නි)

ගාමිණී 2013-01-30 22:48:11

වැඩේ නම් පංකාදුයි. (නි)

නලින් ප්‍රසන්න 2013-01-30 23:24:30

මොනවා වුණත් ගරු කළ යුතු අයට ගරු කරන්න පුරුදු කිරීමට මේක හොද නිදසුනක්. හොද වැඩක්. (නි)

තිසල් 2013-01-30 23:49:22

විශිෂ්ට මතක සටහන් (දී)

ජනිත් 2013-01-31 04:09:29

සියල්ල අනිත්‍ය බව තේරුම්ගන්න පින්තූර බැලුවහම වුණත් පුලුවන්. (නි)

නාමල් 2013-01-31 04:59:36

මෙයා අපේ අහවල් මහත්තයාගෙ ලාංඡනය වෙයිද? (නි)

අරවින්ද 2013-01-31 08:48:50

මේ තියෙන්නේ දළ දෙකක්. පින් සිද්ධවෙයි ජීවත්වෙලා ඉන්න අලි ඇතුන් මරන්න එපා (ස)

චමින්ද 2013-01-31 09:01:09

දළ පොඩ්ඩක් වෙනස් නේද ? (ස)

අජිත් කරුණාරත්න 2013-01-31 09:09:20

හෙයියන්තුඩුවෙ ඇතා ගම්පහ ප්‍රාදේශිය සභාවේ මහත්තයකුට අයිති පිංවත් ඇතෙක්.. අයිතිකරුවන් ගැනත් සදහන් කලානම් හරි අගෙයි..!(නු)

චරිත් 2013-01-31 09:09:12

මේක තියලා තියෙන තැන තව ටිකක් පිළියෙළ කළා නම් මේකෙ වටිනාකම තවත් වැඩිවෙනවා. (නි)

සැන්ඩි 2013-01-31 09:44:23

මේ දළ දෙක වෙනස්. කෘතිම ඒවනම් කමක් නෑ (ස)

සම්පත් 2013-01-31 09:56:34

ලංකාවේ කවදාහරි ඉතුරු වෙන්නේ සැකිලි ඇතුන් විතරයි. (නි)

හේරත් 2013-01-31 10:23:53

පිළිකුල් භාවනාවට හොඳයි (ස)

ශාන් 2013-01-31 10:34:34

මැරිච්ච සතායවත් ඉන්න දෙන්නේ නෑනේ (ස)

අජිත් කරුණාරත්න 2013-01-31 10:47:21

හෙයියන්තුඩුව ඇතා හිටියෙ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි වැදගත් මහත්තයෙකුටයි..!(නු)

උපුල් ගලප්පත්ති 2013-01-31 12:59:43

මේක හොද වැඩක්. මොකද, අනාගත්යේදී ඇත්තු බලන්න වෙන්නෙ කෞතුකාගාරයෙදි විතරයි. (ස)

පනාගොඩ 2013-01-31 17:31:25

මේ දළ දෙක කන්ගැට්ටාට නම් පෙන්නන්න එපා..!(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :