2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

කදුරට ලකුණු 32 කින් උතුර පරාජය කරයි

2012 අගෝස්තු මස 18 19:16:27 | යොහාන් භාසුර

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයේදී තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල ලකුණු 32 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය.

ලකුණු 169 ක ඉලක්කය හඹාගිය උතුර රුද්‍රාස් ඉනිමේ 16 වැනි  ඕවරයේදී වර්ෂාව ඇදහැලිම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තරගයේ ප‍්‍රතිඵලය තීරණය විය.

පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක සොහෙල් තන්වීර් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

තිලාන් සමරවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස්කළේය.

කදුරට පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 168 (තිලාන් සමරවීර 71, ජීවන්ත කුලතුංග 31, මිස්බා උල් හක් 14, කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 22, ෆර්විස් මහරුෆ් 36/3)

උතුර රුද්‍රාස් පිල  ඕවර 16 කදී කඩුලූ 7 ට 105 (බ්‍රෙන්ඩන් ටේලර් 13, ජෙහාන් මුබාරක් 13, රොෂේන් සිල්වා 19, ෆර්විස් මහරුෆ් 14, ඩිලන් ඩූ ප‍්‍රීෂ් නොදැවී 19, සොහෙල් තන්වීර් 32/4, ජොන් හස්ටින්ස් 27/2)

අදහස්(4) බැලූවෝ (1829)

කදුරට ලකුණු 32 කින් උතුර පරාජය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දිල්ශාන් සමිත 2012-08-18 19:21:02

නියමයි..!(නු)

චන්ද්‍රසිරි 2012-08-18 21:30:29

සංගා ඔබ කොහෙද?(නු)

ලලිත් 2012-08-19 13:04:11

ඈත්තටම කදුරට කණ්ඩායම මෙම තරගයේදී මෙහෙයවූයේ කවුද? (නි)

ගමගේ 2012-08-19 16:53:29

ලලිත්ට සිංහල කියවන්න ‍තේරෙන්නේ නැද්ද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :