2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

වැල්ලවත්ත ඝාතනය අභිරහසක්

ඖෂධවේදී පුතා ආ ගිය අතක් නැහැ

2012 අගෝස්තු මස 18 17:27:35 | ඇම්.ඇස්. පෙරේරා

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ කාමරයක මැරී සිටි තිදෙනා කොටගල ඩෙරික් ක්ලේයාර් වත්තේ විශ්‍රාමික රියැදුරකු වන සංගිලි කුමාරස් ස්වාමි  (60) ඔහුගේ බිරිය ප්‍රබුදී (57) දියණිය අනිදි ප්‍රියා (23) වශයෙන් කොටහේනේ ඔවුන්ගේ සමීප ඥාතියකු හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. සංගිලිකුමාර්  බිරිය සහ දියණිය සමග කොළඹ පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහා බවත් සංගිලිකුමාර්ගේ පුත් ප්‍රසාන් (27) සොයා ගැනීමට නැති බවත් පොලිසිය කියයි. ඔහු ඖෂධවේදීයෙකි. කොළඹ මහේස්ත්‍රාත් හර්ෂා රණසිංහ මහත්මිය එහි ගොස් මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ධම්මික ප්‍රනාන්දුට නියෝග කළාය. දින හතරකට කලින් මරාදමා ඇතැයි සැක කෙරේ. ඔවුන්ගේ සිරුරු එක්ම ඇඳක තබා පෙරෝනා වලින් වසා කපුරු බෝල පොරෝන මත තබා ඇතැයි මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක් වූවාය. මෙය මිනී මැරුමක් බවට සාධක ඇතැයි පොලිසිය කියයි. ප්‍රසාන් පෙර දින කොටහේනේ සමීප ඥාතියකු හමුවූ බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

 

අදහස්(22) බැලූවෝ (9702)

වැල්ලවත්ත ඝාතනය අභිරහසක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කුමා 2012-08-18 17:51:57

මෙහෙම දේවල් නැවත සිදු නොවෙන්න නම් අපරාධකරුවන් සොයලා නිසි දඩුවම් දිය යුතුයි. එහෙම නැත්නම් මේවා නැවත නැවතත් සිදුවීම වළක්වා ගන්න බැහැ. (නි)

අනුර 2012-08-18 18:07:48

දැං ඒකටත් ආණ්ඩුවට බනී..!!(නු)

අමිල කටනායක 2012-08-18 18:44:20

පුතාවත් අතුරුදහන් කරලා ද දන්නෙ නැහැ...!!(නු)

සමන්ත හේරත් 2012-08-18 18:49:52

අගය කළයුතුයි..!!(නු)

ශිහාන් 2012-08-18 21:05:16

ආණ්ඩුව හරි හොදයිනෙ...!(නු)

දාස 2012-08-18 21:21:15

ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ... සමාජයේ පිරිහීම තමයි මේක.. !!(නු)

දිවාකර 2012-08-18 21:23:40

රට යන අත සොයා ගන්න බැහැ..!!(නු)

ලලිත් 2012-08-18 21:32:07

පුතාගෙ යුතුකමක්..!!(නු)

බුද්ධි 2012-08-18 21:34:48

අපරාධ රැල්ලක් නේ.. මුහුද විතරයි තියෙන්නෙ...!!(නු)

දිවාකර කොළඹගේ 2012-08-18 21:48:15

නීතිය කරන්න පොලිසියට උදව් වෙන්න..!!(නු)

නිරන් 2012-08-18 23:06:30

නීතියට මිනිසුන් බය නැති වෙලා..!!(නු)

අරලියා 2012-08-18 23:39:52

මරණය අප කාටත් උරුමයි.. පොදු ධර්මතාවයක්.. නමුත් මේ ජීවිත වල අකල් වියෝව කාගේ හෝ තෘෂ්ණාව වෛරය විය හැකිය...!!(නු)

බණ්ඩාර 2012-08-19 07:17:40

ඇයි දන්නේ නැහැ මැරුවේ? (නි)

මෙරිල් කරුණාජිව 2012-08-19 05:48:03

අපේ රටේ දැනට පවතින නීති පද්ධතිය වෙනස් විය යුතුයි.. (නු)

සිරිල් 2012-08-19 07:08:10

ඇයි ලංකාවේ මෙහෙම මිනිසුන් මරන්නේ? (නි)

කීර්ති 2012-08-19 11:03:10

"ලොව සාමකාමීම රට ලංකාවයි." (නි)

ජයකොඩි 2012-08-19 08:49:21

ඇයි ලංකාවේ මෙහෙම මිනිසුන් මරන්නේ?

1.අධ්‍යාත්මය කඩා වෑටිම

2.එය ගොඩනැගිම හරිහැටි ලංකාවේ සිදු නොවිම

3.මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකිරිම

4.රටට ගෑළපෙන නීති පද්ධතියක් නොතිබිම

5. ජානමය සාධක (නි)

fb-icon ෂෙයාර් 2012-08-19 09:11:42

මරන දඩුවම ක්‍රියාත්මක කළා න්ම නේද හොද? (නි)

බණ්ඩාර 2012-08-19 09:23:46

යම් සමාජයක එම සමාජය යහමගට ගැනීමට එම සමාජයේ ජීවත්වෙන පුද්ගලයින්ගේ සාරධර්ම ගුණධර්ම දියුණු කිරීමට සිටින අයගේ වගකීම පැහැරහැරීම තුළ එම සමාජයේ අපරාධකරුවන් වර්ධනය වේ. සර්ව ආගමික පූජ්‍ය පක්ෂය මේ වගකීම නොපිරිහෙලා ඉටු නොකරන්නේ නම්, එයට පාලකයින්ගේද නොමද සහය නොලැබෙන්නේ නම් මෙවැනි අපරාධ කෙසේ නම් නවතීවිද? ඕනෑම සමාජයක ඕනෑම ආගමකට ජාතියකට අයත් පුද්ගලයෙකු පංචශීලය ආරක්ෂා කරන්නේ නම් එම සමාජය යහපත්ය. (නි)

fb-icon උපුල් 2012-08-19 12:33:13

බණ්ඩාර හරි. (නි)

ලංකා 2012-08-20 07:14:56

රටේ නීතිය දැන් අවනීතියක් වෙලා (ස)

කරුණාරත්න 2012-08-21 22:11:26

මේවා කරන අය හොයල ප්‍රසිද්ධියේ අනිත් අයට පෙන්න දඩුවම් දෙන්න ඕන නැත්තම් මේ වගේ ජාතික අපරාද නවත්තන්න තියා අඩු කර ගන්නවත් බැරි වෙයි ...(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :