2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි

2012 අගෝස්තු මස 17 19:19:56 | යොහාන් භාසුර

ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පළමු තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 20කින් තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල පරාජය කිරීමට සමත් විය.

වයඹ පන්දු යවන්නෝ ලකුණු 148 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඌව ඉනිම  ඕවර 18.1 කදී ලකුණු 127 කට සීමා කිරීමට සමත් වූහ. වයඹ පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක චතුරංග කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 33 කට කඩුලූ තුනක් දවා ගත්තේය.

මිලින්ද සිරිවර්ධන (28) සහ කෞෂල්‍ය වීරරත්න (24) හත්වැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ලකුණු 147 ක් දක්වා රැුගෙන ඒමට සමත් වූහ.

වයඹ යුනයිටඞ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 147 (කම්රාන් අක්මාල් 36, උමාර් අක්මාල් 13, දිනේෂ් චන්දිමාල් 17, මිලින්ද සිරිවර්ධන 28, කෞෂල්‍ය වීරරත්න 24, ජේකබ්  ඕරම් 6/3, උමාර් ගුල් 48/2, දිල්හාර ප‍්‍රනාන්දු 43/2)

ඌව නෙක්ස්ට් පිල  ඕවර 18.1 කදී සියලූ දෙනා දැවී 127 (ශිවනරින් චන්ද්‍රපෝල් 11, ඩිල්ෂාන් මුණවීර 26, තිළිණ කණ්ඩම්බි 12, ජේකබ්  ඕරම් 26, සීකුගේ ප‍්‍රසන්න 19, චතුරංග කුමාර 33/3, ඉසුරු උදාන 19/2, අකිල ධනංජය 20/2)

අදහස්(2) බැලූවෝ (1630)

වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චන්ද්‍රසිරි 2012-08-18 13:41:22

ඌවට ඌව වෙන්න දීලා වගේ.(ස)

දිනිත් 2012-08-18 14:21:19

මේ තරඟාවලිය නිසා ලංකාවට හොඳ තැනක් ලැබේවි ලෝකයෙන්..(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :