Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි
2012 අගෝස්තු මස 17 11:14:18 | චමින්ද මඩවල
ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර වීදි සරන්නකූ සිහිසුන්ව පදික වේදිකාවක් මත ඇද වැටෙයි. ඔහුට පිහිට වීම සදහා මහමග යන පිරිස් උත්සහ කළ ද ඔහුගේ සුරතල් බල්ලා තම ස්වාමියා අසලට ළඟා වීමට කිසිවතුට ඉඩ නොදේ. යමකූගේ දැනුම් දීම මත ඵ් ස්ථානයට පැමිණෙන පොලිස් නිළධාරින් දෙදෙනකූ සිහිසුන්ව ඇද වැටී සිටීන පුද්ගලයා අසලට ළඟා වීමට උත්සහා කළ ද බල්ලා පොලිස් නිළධාරින් වෙත ද කඩා පනී. තම ආත්ම ආරක්‍ෂාව සදහා පිස්තෝලය අතට ගන්නා පොලිස් නිළධරයෙක් තමන් වෙත කඩා පනින බල්ලාට වෙඩි තබයි. වෙඩි වැදි මහමග දඟලන බල්ලා ගැන අනුකමිපා වන ඵක් පොලිස් නිළධරයෙක් ගිලන් රියක් කැඳවා බල්ලා පශූ වෛද්‍ය රෝහලක් වෙත යොමු කරයි. ජිවීත පුදා හෝ තම ස්වාමියා ආරක්‍ෂා කිරිමට ඉදිරිපත්වු පික්බුල් බල්ලාගේ ජිවීතය බේරා ගැනිමට පශූ වෛද්‍යවරුන් සමත් වු බව ඇමරිකානු මාධ්‍ය පවසයි.
අදහස්(43)
බැලූවෝ (14642)
බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ලංකා 2012-08-17 16:00:54
වර්තමානයේ මිනිස්සු ළග නැති ගුණ තිරිසන් සතුන් ගාව තියෙනවා. (නි)
සරත් 2012-08-17 11:49:00
බල්ලා කියන නම වෙනස් කරානම් හරි.. (ස)
නිරෝෂාන්
2012-08-17 11:53:38
හොද ආදර්ශයක්,මිනිසුන්ලග නැති ගුණාංග බල්ලන් ළඟ තියෙනවා......(ස)
බිම්සර 2012-08-17 11:50:47
සෑම තිරිසන් සත්‍වයෙක්ම ඉතා කාරුණික සහ මිත්‍රශීලී වේ. (නි)
අමිල 2012-08-17 12:06:53
සැමියා..????????(ස)
මධු 2012-08-17 12:26:32
පවු බල්ලා. මේ තරම් දියුණු රටක් වෙලත් වෙන ක්‍රමයකින් අල්ලා ගන්න බැරිවුණාද? (නි)
වරුණ 2012-08-17 12:42:13
කන්න දෙන අත හපා කන යුගයක මේ බල්ලනම් උතුම් සතෙක්... (ස)
ගැමුණු 2012-08-17 12:49:52
මේ සතියේ අහන්න ලැබුණු දෙවනි බලලන්ගේ ගුණ ඇති කතාව . (ස)
අශාන් 2012-08-17 12:55:19
අපේ පොලීසියේ උදවියනම් මීට වඩා මානුශිකයි හැබැයි.. (ස)
අමිත් 2012-08-17 14:18:51
අපේ පොලිසිය නම් ඉස්සෙල්ලාම වෙඩි තියන්නේ වැටිලා ඉන්න මිනිහට. අනික බල්ලට වෙඩි තිබ්බත් ඒක වදින්නේ පාරේ යන ළමයෙකුට. අපේ පොලිසිය එච්චරටම හොදයිනේ. (නි)
සනත් 2012-08-17 14:32:27
මට තියෙන ලොකුම ගැටළුව තමයි මෙතන ඇත්ත බල්ලා මොකාද කියන එක. මොළයක් තිබුණා නම් මේ හොඳ සුනඛයාව මෙල්ල කරන්න තිබුණා. ඌට සනීප වෙලා, අර වෙඩි තිබ්බ කෙනාගේ මොළයත් පෑදේවා! (නි)
නිරෝෂි 2012-08-17 15:03:40
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙන ආදරයක් ?(ස)
ලීසා 2012-08-17 15:07:57
විනයක් නැති පුද්ගලයෙක්...මොනතරම් අමානුෂික විධියටද ඒ අහිංසක බල්ලට වෙඩි තිබ්බේ.(ස)
ලංකාසිරි 2012-08-17 15:24:17
බල්ලා කොව්වර හොද ගතිගුණ ඇති සතෙක්ද? ඒක වෙන්න ඇති සමහර කාන්තාවන් තමන්ගෙ සැමියාටත් 'බල්ලා' කියලා කියන්නේ. (නි)
ඩේවුඩ්
2012-08-17 15:33:34
ඔන්න ඇමෙරිකා වැඩ. බල්ලටත් සළකනවා. (නි)
සෝමදාස 2012-08-17 16:47:29
ලංකාවේ සමහර පොලිස් නිලධාරීන්ගේ වැඩ මේ සත්තුන්ගේ වැඩ වලට වැඩිය අන්තයි. (නි)
අමිල 2012-08-17 17:12:10
බල්ලා බේරුණු එක ගැන නම් මට සැකයි. මොකද උගේ ඔලුවටමයි වෙඩි වැදුණේ. (නි)
nuwan 2012-08-17 17:44:08
කවුරු කෙසේ කීවත් පොලිස් නිළධාරිය බල්ලට වෙඩි නොතින්න, ඔහු සදාකාලික අබ්බගාතයෙක් වනවාට නොඅනුමානයි. මන්ද පිස්සු බල්ලා යන මෙම බලු වර්ගය ලොව සිටින භයානක බලු වර්ගයෙන් එක් වර්ගයක්. මුන්ගේ විශේෂ ලක්ෂණය තම ස්වාමියාට පමණක් කීකරු වීමයි. (අ)
අර්ජුන 2012-08-17 18:34:38
මහ ලොකු ඇමරිකන් පොලිසිය. ඒ අතින් අපේ රාළහාමිලා රත්තරං. (නි)
චන්දන 2012-08-17 19:06:01
මේ බල්ලන්ව ඇති කරන්න තහනම් ජාතියක්. (නි)
ප්‍රවීන් - මැනිලා 2012-08-17 21:29:47
නුවන් හරි. ඒක තමයි කියන්නේ 'බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ' කියලා. (නි)
අමිල 2012-08-17 21:57:05
උදාරවත් සතෙක්..(ස)
අමරා ඉරංගනී 2012-08-17 22:50:32
හරිම දුකයි..අනුවේදනීය සිද්ධියක්..(ස)
අමරා ඉරංගනී 2012-08-17 23:06:18
බල්ලා උවද ස්වාමියාට කොච්චර ආදරෙන් සලකා තිබෙනවාද ඉලන්න..(ස)
උපමාලි 2012-08-17 23:23:24
තිරිසනුන්ගෙන් මිනිසුන්ට කොතරම් දේ ඉගෙන ගැනීමට තිබේද? අපි බල්ලාට ආචාර කරමු. (නි)
ජනිත් 2012-08-18 00:03:02
සුද්දන්ට එන්න කියමු අපෙ පොලිසිය බලන්න කියමු
දැකලම ඉගෙනගන්න කියමු අපි.......
ඕං සුද්දන්ගේ මහ ලොකු සත්ව කරුණාව!(ස)
ලලිත් 2012-08-18 02:57:59
මේක බැලුවම තමයි තේරුනේ අපේ ග්‍රාම අරක්ෂකයන්ටත් ඇමරිකාවේ පොලිස් නිළධාරිනට වඩා ඔලුවක් තියනවා කියල නිවැරදි තීරණයක් ක්‍ෂණිකව ගන්න. (ස)
ගයා 2012-08-18 07:00:21
බල්ලා කොතැනද ?? පොලීසිය කොතැනද ?? ....
විදානේ 2012-08-18 08:28:47
මේ තරම් දියුණු රටක් වෙලත් වෙන ක්‍රමයකින් අල්ලා ගන්න බැරි නම් අගහරු ලොව හා හද තරණය කළත් වැඩක් නෑ...(ස)
සරසි 2012-08-18 11:37:25
බැලුවම බල්ලගේ වැඩේ තමයි හොඳම වැඩේ..(ස)
සරසි 2012-08-18 11:38:30
බල්ලගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කවුරුහරි ඉදිරිපත් වෙන්න...(ස)
දුලාජ් 2012-08-18 13:03:33
මම පන යනකම් ආදරේ කරපු කෙල්ල දාල ගියා මාව ..මමත් බල්ලෙක් අරන් හදා ගන්නවා
රන්දික 2012-08-18 20:12:52
මිනිස්සුන්ට බල්ලන්ගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..!!(නු)
ඉෂාර 2012-08-19 21:56:55
වෙඩි තියල තියෙන්නේ නම් මනුෂ්‍යයෙක්ද කියලත් සැකයි. (නි)
සේනක 2012-08-20 00:45:10
බලනකොට බල්ලත් නියමයි නේද? (නි)
සේනක 2012-08-20 00:43:57
හොදට බලන්න. හරියටම කකුලටයි තියන්නේ. (නි)
ෆාතිමා 2012-08-21 13:35:30
බල්ලාගේ ගතිගුණවත් මිනිසුන්ට නෑනේ. (නි)
සම්පත් 2012-08-21 16:17:37
ඇත්තටම මේවා සුනඛ වැඩ.. (ස)
වසන්ත 2012-08-23 07:50:46
බල්ලා මිනිහාව ආරක්ෂා කළා නම් උදවුවට ආපු මිනිස්සුන්ව කන්න පනීද? (නි)
චන්දන 2012-08-23 13:57:13
බල්ලා යනු හොද මතකයක් ඇති සහ කළගුණ දන්නා සතෙකි. (නි)
මේරික්ලෙයාර් 2012-08-23 14:47:17
බල්ලන්ට ගුනේ තියෙනවා මිනිසුන්ට වඩා.. අනේ කළගුණ දත් බල්ලෙක් ජීවිතේ ගැලවුණ එක ගොඩක් හොදයි.. අපේ කෙනෙක් නම් තව වෙඩිල්ලක් තියලා මරයි..!!(නු)
රෝහණ සේනාධීර 2012-08-24 22:25:16
බල්ලට වෙඩි තියන්නේ නැතුව මේ වැඩේ කරන්න ඕනි තරම් අවස්තාව තිබුනා. එත් මේ අය කලේ කිසිම හිතක් පපුවක් නැතුව බල්ලට වෙඩි තියපු එක. මේ බව බල්ලාගේ අයිතිකාරයා දැනගත්තට පස්සේ ඔහුගේ ප්‍රතිචාර කොහොම උනාද කියල මම දැනගන්න කැමතියි. ඔහු තමන්ට උදවු කරපු එක ගැන පොලිස්සියට ස්තුති කරයිද? තමන්ගේ බල්ලට වෙඩි තියපු එවුන්ට ශාප කරයිද?(නු)
කසුනි 2012-08-24 22:35:12
අපරාදේ බල්ලට වෙඩි තිබ්බේ. ඌ කලේ උගේ රාජකාරියනේ. සිහිසුන්ව බිම වැටුණු තමන්ගේ අයිතිකාරයව ආරක්ෂා කරන්න ඌ ජීවිතය පරදුවට තියල ක්‍රියා කළා. මේ අතින් ගත්තම අපේ සමහර අය ලක්ෂ ගණන් පඩි ගෙවා ගෙවා ආරක්ෂකයෝ තියාගෙන ඉන්නවට වැඩ මේ ජාතියේ බල්ලෙක් දෙන්නෙක් තියාගත්තනම් හොඳ නැද්ද කියල මට හිතෙනවා....(නු)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17400)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(106)
(16413)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12704)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12645)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12413)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(29)
(11618)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(19)
(11404)