Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
නොමනා හැසිරීමක් අතටම අසුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කැලඹෙයි
2012 අගෝස්තු මස 17 10:57:51 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
මේ දිනවල පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධායක සමාගමක නියෝජිතයකු වන විදේශිකයකු සහ ශී‍්‍ර ලාංකික කාන්තාවක අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පැවැති නොමනා හැසිරීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පහළ මට්ටමේ සේවකයකුගේ අතටම අසුවීම නිසා ඊයේ (16) දහවල් වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මහත් කැලඹීමකට ලක්ව තිබූ බව වාර්තාවේ.
මෙම සිදුවීම අදාළ සේවකයා දැක ඇත්තේ එවන් නොමනා කි‍්‍රයා සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ මට්ටමේ නිලධාරියකු විසින් කරන ලද නියෝගයක් නිසා රාතී‍්‍ර කාලයේදී කි‍්‍රකට් මූලස්ථානයේ කටයුතු පිළිබඳව විමසිල්ලෙන් සිටියදීය. එවන් සිදුවීම් සම්බන්ධ සාක්‍ෂි ගණනාවක්ම පසුගිය සති දෙක තුන තුළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයෙන් සොයා ගන්නා ලද බවත් ඒ අනුව මෙවන් නොමනා දේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස වෙනත් අංශයක සේවකයන් යොදවූ බවත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
"මේවා ඉතාමත් පහත් ගණයේ නින්දිත වැඩ, මේ වගේ දේවලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාන යොදා ගැනීම කිසි සේත්ම ඉවසන්න බෑ” යයි අදාළ සිදුවීම ඇසින් දුටු සේවකයා අයත් අංශයේ වෙනත් අයකු සිය අනන්‍යතාව හෙළිදරව් නොකිරීමේ පදනම මත ‘ලංකාදීප’යට ඊයේ පැවසීය.
ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධායක සමාගමේ නිලධාරියකු සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවිකාවක් බදාදා රාති‍්‍රය වන තුරුත් කිසියම් කාර්යයක නිරතව සිටි නමුත් නොමනා කිසිවක් සිදුවී නැති බවයි.
ඔවුන් සිය කාර්යයෙහි නිරතව සිටියදී පහළ මට්ටමේ සේවකයකු කාමරයට එබිකම් කිරීමක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශයේ සටහන් පොතේ ලොග් සටහනක් පවා තබා ඇති අතර තමන්ගේ වරද වසං කිරීම සඳහා පහළ ශ්‍රේණියේ සේවකයා බිල්ලට දීමට සූදානම් වෙමින් ඔහුට විරුද්ධව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙවන් නොමනා හැසිරීම් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස උපදෙස් දුන් නිලධාරියා සිය පහළ මට්ටමේ සේවකයා ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වුවහොත් අවුල් ජාලයක් ඇතිවිය හැකි යයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැන සිටින උසස් නිලධාරීහු ඊයේ වන විටත් මහත් සේ චංචල වී සිටියහ.
රාතී‍්‍ර 8.00 පසුවන තුරු සේවයේ නිරතව සිටින සේවක සේවිකාවන්ට නිවෙස් බලා යාම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ප‍්‍රවාහන පහසුකම් සපයන හෙයින් ඇතැම් අය ප‍්‍රවාහන පහසුකම් බලාපොරොත්තුවෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කල් මරමින් සිටින බවත් වාර්තා වේ.
මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් තමන් සමග සිටින විදේශීය කී‍්‍රඩකයන් සහ විදේශීය ආධාර කරුවන් සතුටු කිරීම සඳහා කොළඹ තරු පහේ හෝටල වල සාද පවත්වමින් සිටින බවත්, මෙම සාද පැවැත්වෙන අවස්ථාවන්හිදී සහ ඉන් අනතුරුවත් ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට සහ සදාචාරයට කිසිසේත්ම නොගැළපෙන දේ සිදුවන බවත් දැනගන්නට තිබේ.
අදහස්(10)
බැලූවෝ (3023)
නොමනා හැසිරීමක් අතටම අසුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කැලඹෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ස්ටැල්ක් 2012-08-17 11:04:19
"මේවා ඉතාමත් පහත් ගණයේ නින්දිත වැඩ, මේ වගේ දේවලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාන යොදා ගැනීම කිසි සේත්ම ඉවසන්න බෑ" එක ඇත්ත ඔතන කරන්න ඉඩ දිය යුත්තේ හොර සහ වංචා වැඩ පමනයිනේ?? (ස)
සජී 2012-08-17 11:27:53
ඕවා දැන් සාමාන්‍ය දේවල්නේ.. (ස)
සිසිර 2012-08-17 11:38:57
මෙවැනි දේවල් වල අවසන් ප්‍රතිඵලය කුමක්ද ?? (ස)
බමුණුසිංහ 2012-08-17 12:43:49
අපේ රටේ ගැහැණු ඕනැම දේකට ඔට්ටුයි. (නි)
ප්‍රසාද් 2012-08-17 13:31:54
කොහොමත් ඉතිං ක්‍රිකට් ආයතනය කියන්නේ දැන් දූෂිත ස්ථානයක්නේ. ඒ නිසා මේවා සාමාන්‍ය දේවල්. (නි)
වරුණ 2012-08-17 13:12:16
අයියෝ, දැන් මේකත් නයිට් ක්ලබ් එකක් වගේනේ. බුකී කාරයෝ, හොරු, බ්‍රෝකර්ලා වැහි වැහැලා. (නි)
සිල්වා 2012-08-17 13:17:21
මෙහෙම දේවල් අහද්දි මට හිතෙනවා අපි 1996 ලෝක කුසලානය පරාද වුණානම් හොදයි කියලා. (නි)
සනත් 2012-08-17 14:50:52
ඔය ආයතනයට රිංගා ගන්න ලේසි පාසු කෙනකුට බැහැ. අපි නොදන්න චෙස් කිව්වලු. (නි)
සිසිර කුමාර 2012-08-17 15:21:52
ක්‍රීඩකයනුත් සල්ලි වලට යට වෙද්දි මේවා සාමාන්‍ය දේවල්. (නි)
උදය 2012-08-18 18:50:10
දැං අපි මේ මණ්ඩලයේ නම වෙනස් කලොත් හොදයි..!!(නු)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(17035)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16186)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12392)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(46)
(12240)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12163)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11295)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11215)