2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

ආඳාගේ දිග අඩි පහයි

2012 අගෝස්තු මස 12 11:43:46 | කාංචන කුමාර ආරියදාස

දේවහුව ජලාශයේ ඉතිරී වී තුබූ වතුර ටික ද සිඳී ගිය පසුව මිනිසුන් තරමට උසැති ආඳන් අල්ලා ගැනීමට ධීවරයෝ සමත්වෙති. හුංගන්, මගුරන්, ලූලන් මෙන්ම තිලාපියාද සොයා වැවට බොහෝ දෙනෙක් බැස සිටිති. මාළු කිලෝව රුපියල් 100-150 අතර මිලකට අළෙවි වෙයි.

 

අදහස්(29) බැලූවෝ (15363)

ආඳාගේ දිග අඩි පහයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඉබ්රහීම් 2012-08-12 11:55:20

කාලෙකට පස්සේ මාලු වෙළදාම සරු පාටයි. දැන් කරන්න තියෙන්නේ මේ ජලාශ ටික හැකි ඉක්මණින් හාරන එකයි. (නි)

උපාලි 2012-08-12 12:53:47

මට ඒ මාලු ගැන දුකයි. ඇයි උන්ට උදචු කරන්න ඕනෑ වෙලාවේ උන්ව මරන්නේ? (නි)

පිලිහුඩුවා 2012-08-12 14:03:21

උපාලි ඔයාට ලංකාවෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගෑන දුක නෑද්ද? (ත)

රංග 2012-08-12 16:30:51

උපාලි , මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. (නි)

සුරංගි 2012-08-12 17:44:32

මාලු ලාබයි කියලා ආණ්ඩුවට බණින්න එපා හොදේ. (නි)

සිල්වා 2012-08-12 17:51:38

අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද? කොයි තරම් දේවල් අපේ රටට කළාද? අදටත් අපේ රට ලෝකයේ බැබළෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . එහෙත් අද අපේ රට කොයි තරම් විනාශ කරලද? කොයි තරම් දේවල් නැති කරලද? අපි දන්න දවසේ ඉදලා රටේ ලොකු අය පවු කරනවා . දැන් පොඩි අයත් පවු කරන්න අරගෙන . ඒ ශාපය නිසා තමයි අද මේ ස්වභාවික සම්පත් නැති වේගන යන්නේ. අපේ පුංචි ලංකාවට මොකද වුණේ දෙයියනේ? (නි)

කැලුම් ඉතාලි 2012-08-12 18:52:50

බාගෙන කන්න තියෙන දේ ඇයි ඉහගෙන කන්නේ? (නි)

හසිත 2012-08-12 19:12:42

මමත් එකඟයි උපාලිගෙ මතයට. සතෙක් දුකට පත් වෙලා ඉන්න වෙලාවට වැදි ජනතාව වුණත් දඩයම් කරන්නෙ නැහැ. (නි)

බමුණුසිංහ 2012-08-12 19:15:27

කල දුටු කල වළ ඉහ ගන්නවා කියලා කියන්නේ මේකට තමයි. (නි)

හේරත් 2012-08-12 19:48:18

නිධානයක් තියෙනවා කිවුවොත් නම් හාරයි. (නි)

Silva 2012-08-12 20:21:39

අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද, කොයි තරම් දේවල් අපේ රටට කලද, අදටත් අපේ රට ලෝකයේ බැබලෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . එත් අද අපේ රට කොයි තරම් විනාශ ක. රලද , කොයි තරම් දේවල් නැති කරලද,

ඒ ශාපය තමයි අද මේ ස්වභාවික සම්පත් නැතිවෙගන යන්නේ .. අපේ පුංචි ලංකාවට මොකද උනේ දෙයියනේ (අ)

ෂෙ 2012-08-12 20:25:32

මේ සතුන් වෙනුවෙන් බණ පද මුකුත් නැද්ද? (නි)

අමිල කටුනායක 2012-08-12 21:16:55

ඉස්සර මාලුවාගේ වාරේ. දැන් ධීවරයගේ වාරේ. (නි)

මධු 2012-08-12 23:34:05

පවු. මාලුන්ගෙත් කරුමේ තමයි. (නි)

ලංකා 2012-08-13 07:34:19

මැරිලා අල්ලා ගත්තු මාලු නම් ලෙඩ මාලු වෙන්න පුලුවන්. කන්නේ බලාගෙන. (නි)

සමන් රොහාන් රණසිංහ 2012-08-13 06:03:23

මාධ්‍ය වල ඉන්න සමහර ගල් ආ‍‍දෝ මීට වැඩිය දිගයි. (නි)

අමිල කටුනායක 2012-08-13 06:54:05

අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මීට වැඩිය දිග ගල් ආදෝ. (නි)

සමන් 2012-08-13 09:18:08

උන්ගෙත් නරක වෙලාව තමයි ඉතිං. (නි)

චන්ද්‍ර 2012-08-13 09:29:16

මට නම් පේන්නෙ.... ආදන්ගේ කාලය හොද නැති බවයි.(වි)

බෙනට් 2012-08-13 09:34:35

මේ ආඳ අඩි 5 ක් දිගයි නම් ආඳව අල්ලන් ඉන්න මනුස්සය අඩි 6 1/2 කට වඩා උස වෙන්න ඕන ... මොකද මේ ආඳගේ වලිගෙ බිමට ගැවෙන්නේ නැ.... යටින් පෙන්නේ හෙවනැල්ල අනික තමයි දේවහුව වැවේ අවසන් මාළු පරම්පරාව තමයි මේ අනුබව කරන්නේ ...මුදේ මාළු වගේ මිරිදිය මාළු ඉබේ බෝ ක‍රන්න හරිම අමාරුයි .... (වි)

සංජය 2012-08-13 09:46:56

අපට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතිවාසිකම් තියෙන්න ඕනෑ නේද? (නි)

ෆීසර් 2012-08-13 09:49:44

වාසි ලැබේවා! (නි)

ප්‍රනාන්දු 2012-08-13 10:00:59

අපට මානව අයිතීන් වෙනුවෙන් සටන් කළ හැකි වුවත් මාලුන්ට? (නි)

අජිත් 2012-08-13 09:58:00

මාලුන්ටත් ජීවත් වීමේ අයිතිවාසිකම් ඇත. නමුත් ඒ වෙනුවෙන් සටන් කිරීමට නොහැක. (නි)

සුරංග 2012-08-13 10:08:54

කරන කලට පව් මිහිරිය මී සේ..

විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ..

ප්‍රාණඝාතයේ ආනිසංස සතර අපායම වෙයි.

සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! (නි)

ශානි 2012-08-13 10:27:40

මිනිස්සු මොනවා කියල කරන්නද? පුළුවන් හැම දේකින්ම සල්ලි හොයාගන්නනේ බලන්නේ. ඔය වැවේ මාලු ටික ඉවර උනාම මොකද කරන්නේ කියාල හිතල බලන්නේ නැනේ. එක අතකින් මොනවා කරන්නද, බොන්න වතුර නැති වුණාම වැව පුරවන්නේ කොහොමද? ජිවත් වෙන්න සල්ලි හොයාගන්න මිනිස්සු ඕන දෙයක් කරනවනේ මේ අසිරිමත් රටේ. (නි)

සජී 2012-08-13 13:55:21

අනේ පව් අසරණ මළු ටික (දී)

රොෂාන් 2012-08-13 15:38:11

මේ වාර්තා කරු මේ ආඳා ගේ දිග මැන්නේ කොහොමද දන්නේ නැහැ නේද (දී)

සිංහලයා 2012-08-14 16:43:32

උපාලි ඔයා තමයි හොද කතාව කිව්වේ...!! මාළුන්ට උදව් කරන්න ඕන වෙලාව තමයි මේක..!!(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :