2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

රතු ග්‍රහයාගේ පින්තූර පොළොවට ලැබේ.

2012 අගෝස්තු මස 08 14:45:24 | සජිව විජේවීර

අඟහරුවෙත යවන ලද කියුරියෝසිටි හෙවත් ‘කුහුල‘ නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි.

අදහස්(19) බැලූවෝ (6632)

රතු ග්‍රහයාගේ පින්තූර පොළොවට ලැබේ. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සම්පත් 2012-08-08 15:02:21

අපේ ලෝකය මැවුවේ දෙවියන් ‍නම් මෙයාව මැවුවේ කව්ද? (නි)

බුද්ධදාස 2012-08-08 15:05:25

අපි මේකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)

දයා 2012-08-08 15:10:18

අති ශ්‍රේෂ්ඨයි. කුමන හෝ ජීවියකු සිටියොත්? (නි)

පාලි 2012-08-08 15:34:06

මට තියෙන ප්‍රශ්නය තම මෙච්චර වියදම් කරලා ගත්ත ඡායාරූප හරිම අපැහැදිලි නේ. මට හිතෙන්නේ නම් මේ ගොල්ලෝ වැදගත් තොරතුරු ඇතුළත් ඡායාරූප පිටට දෙන්නේ නැහැ වගෙයි. ඉතින් අපි කවදාවත් දැනගන්න එකක් නැහැ ඔය ග්‍රහයාගේ මොනවා හරි නටඹුන් තිබුණත්. (නි)

fb-icon ජගත් 2012-08-08 15:50:44

මොනවද මේ පින්තූර ලංකාදීපයට මෙයිට වඩා පින්තූර නැද්ද (වි)

සුදත් 2012-08-08 16:11:36

මම නම් හිතන්නෙ, සොයාගන්නා විද්‍යාත්මක තොරතුරු සම්පූර්ණයෙන්ම පිටතට නොදුන්නත්, හොඳ ඡායාරූප නම් ඉස්සරහට දකින්න ලැබේවි. (නි)

සිල්වා 2012-08-08 16:42:14

මෙහෙම අපැහැදිලි වෙලා තියෙන්නේ කැමරා කාචයේ දුහුවිල්ල නිසා කියලා මම දැක්කා ප්‍රවෘත්තියක.නමුත් ඒක ඒ අය සුද්ද කරලා පැහැදිලි ඒවා පස්සේ දෙනවා කියලා තියෙනවා. (නි)

රියාස් 2012-08-08 16:56:11

"කැමරාව 'ක්ලියර්' නැල්ලු." මොකටද එහෙනම් මෙච්චර සල්ලි වියදම් කරන්නේ? (නි)

අමන්යා 2012-08-08 17:01:17

කරන දෙයක් අගුටුමිට්ටන්ගෙන් බේරිලා කරන්න. (නි)

බමුණුසිංහ 2012-08-08 17:07:29

දෙවියන්ව මැවුවේ මිනිසාය. (නි)

රියාස් 2012-08-08 17:10:15

අයියෝ, මගේ මොබයිල් එකේ කැමරාව හොදටම හොදයි. ඒක ගෙනියන්නනේ තිබුණේ. (නි)

සෙලනිකා 2012-08-08 17:21:28

මට නම් පිටසකවල ජීවීනුත් පේනවා මේකෙ. ඔයාලට පේන්නේ නැද්ද? (නි)

සුසිල් 2012-08-08 17:29:20

මේ මොනවද අප්පා මේ? (නි)

කපිල 2012-08-08 17:34:48

කලින් නම් හිටියේ ලංකාවේ විද්‍යාඥයෙක් කැමරා අංශය භාරව. (නි)

තුසිත් 2012-08-08 18:50:03

ලෙන්ස් එක පිරිසිඳු කරන්න වෙනමම කෙනෙක්ව දැනටමත් යවලාලු තියෙන්නේ. (නි)

අමරා 2012-08-08 21:14:12

අගහරු ලෝකයෙන් කුරුමිට්ටන් අරගෙන ආවොතින් තමයි වැඩේ. (නි)

අමිල කටුනායක 2012-08-09 05:37:27

මැරිනර්,වයිකින් යානා වලින් එවන ලද ඡායාරූප මොනතරම් පැහැදිලිද? (නි)

මධු 2012-08-09 12:39:13

ජීවයක් තියෙනවා නම් ලංකාවෙ අපරාධ කාරයෝ ටික යවන්න පුළුවං ළගදිම...!!(නු)

ප්‍රවීන් මැනිලා 2012-08-09 12:41:00

හරි දැං පැහැදිළි පිංතූර ලැබුණත් මොකද්ද ඇති වැඩේ..? ඒ ලෝකෙ දේවල් හොයන්න කලින් මේ ලෝකෙ ලස්සනට හදාගෙන හිටියොත් නේද හොද?(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :