Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පොලිස් අනුහසින් බළ මාළු මිල බසී
2012 අගෝස්තු මස 03 09:28:15 | තිහගොඩ උපසේන ලියනගම
වයඹ පළාතේ උප නගරයක වූ මාළු වෙළෙඳසලකි. උදේ පාන්දර නිසා විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට එක් රැස්ව සිටියහ. මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය.
සේවකයා ඔහුගේ ඉල්ලීම පරිදි බළ මාළු කිලෝවක් කපා දී ”රුපියල් හාරසිය හැටක් ගෙවන්නැ”යි කීවේය. ඔහු මුදල් පසුම්බියෙන් මුදල් අදින අතරේ මුදලාලි සේවකයාට සමීපවී රහසින් කීවේ මේ අලූතින් ළඟ පොලිසියට පත්ව ආ ස්ථානාධිපති බවකි.
සේවකයා සිනාසී ”මහත්තය හාරසියයක් ගෙව්වම ඇති” කීවේය. ”ඉතිං රුපියල් හැටක් පාඩුයිනෙ” ස්ථානාධිපති කියත්ම මුදලාලිද කීවේ ”නෑ... නෑ... ඇති” කියාය.
එවිට පොලිස් ස්ථානාධිපති මාළු මිලදී ගැනීමට ආ පිරිස දෙස බලා ”ඔය ගොල්ලත් බළ මාළු ගන්නවනම් කිලෝවකට රුපියල් හාරසීයට වඩා ගෙවන්න එපා. පන්සීය නම් රුපියල් දෙසියයි හරිද?” කීවෙන් මුදලාලිට දෙවියන් සිහිවුණාලූ.
අදහස්(35)
බැලූවෝ (15518)
පොලිස් අනුහසින් බළ මාළු මිල බසී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දිසානායක 2012-08-03 10:07:22
ඔබේ රාජකාරී කාලය තුලදීත් මෙලෙසම අසරණයන් පීඩනයට ලක් කරන්නන්ට විරැද්ධව කටයුතු කරන්න.ඔබට සුහ අනාගතයක් පතමි!!!(ස)
ජූඩ් යොහාන්
2012-08-03 10:14:00
මුදලාලි ලඟ බාල මාළු කපන පිහිය තිබුණේ නැද්ද? (ත)
ලියනගේ 2012-08-03 10:22:53
නියම පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක්. (නි)
ලාල් 2012-08-03 10:56:10
ගොඩක් හොදයි. සුභපැතුම්. (ත)
ප්‍රවීන් 2012-08-03 11:10:29
" මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය."
මේ වගේ අය ඉන්වද ඇත්තටම අපේ පොලීසියේ......(ස)
පිනා 2012-08-03 11:14:52
පොලීසියේ මෙහෙම අය ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. (ත)
මංඡල බිරුට් 2012-08-03 11:17:55
ඒ මහත්තයා පස්සේ ගියානම් අනික් බඩුත් අඩුවට ගන්ඩ තිබුනා. (ත)
සජී 2012-08-03 11:33:46
අනේ පොලීසිය අනුහසින් අනික් බඩුවල මිලත් අඩුවෙනවානම්.
සරත් 2012-08-03 11:34:05
ඉතාමත් හොදයි. (ත)
ක්‍රිෂාන්ත 2012-08-03 13:32:50
මේක ඇත්තටම ලංකාවේ වුණු දෙයක්ද? (නි)
ෆාරු 2012-08-03 13:50:31
අනේ බොරු...කපපු බල මාළු කිලෝ එකක් රු.700 කටත් වැඩියි....(ස)
ෂෙරීෆ් 2012-08-03 16:02:50
ස්ථානාධිපතිතුමා තාම අළුත් නිසයි සල්ලි දීලා මාලු ගත්තේ. පහු වෙද්දී බලන්නකෝ. මාලු වෙළෙන්දාට දෙවියන්ගේම පිහිටයි. (නි)
ගාමිණී -කුවේට් 2012-08-03 16:22:03
මේ තැනැත්තා පොලීසියෙ වෙන්න බැහැ.මොකද මේ කාලෙ පොලීසියෙ උදවියගෙ ආදායමේ හැටියට ඔය මාළු කිලෝවක්,සහල් කිලෝ 4-5ක්, එලවළු කිලෝ 2-3ක් එහෙම මිළදි ගන්නෙ නැහැ. ජීප් රිය පිරෙන්න අරගන්නවා මිසක්. සමහරවිට විශ්‍රාම ගිය රාළහාමි කෙනෙකුගේ පුතෙක්ද දන්නෙ නැහැ. (නි)
සන්ජු 2012-08-03 16:36:21
අනේ පව් මුදලාලි..(ස)
නිමල් 2012-08-03 16:38:49
මේක නම් ලංකාවේ එකක් වෙන්න බැහැ. මාලු,මස් සල්ලි දීලා ගන්න පොලිසියේ මහත්වරු ඉන්නවද ලංකාවේ? (නි)
අමිල කටුනායක 2012-08-03 21:34:23
ගාණ හරි. මොකද, අරන් ගිය මාලු කුණු වෙලා. (නි)
මහී 2012-08-03 23:48:07
"ගහන්න තිබුණේ පොල්ලකින් ඔළුවට.." (නි)
බමුණුආරච්චි 2012-08-04 07:37:42
මුදලාලි රුවටිලා.. මෙයා ටෙලිනාට්‍යයක රගපානගමන් ඇවිල්ල තියෙන්නෙ.. නැත්නම් අපේ පොලිසිවල ඉන්නවද මෙහෙම අය..??
බණ්ඩාර 2012-08-04 07:38:39
ඔහු හොද මිනිසෙක්..!!(නු)
ප්‍රසාද් 2012-08-04 08:35:59
වයඹ පළාතේ මිනිස්සු කොහොමත් හොඳයි. (ත)
රොහාන් නානායක්කාර 2012-08-04 09:31:50
අපේ අය තමයි පොලීසියට ජරාව කවන්නේ. (ත)
අකිල 2012-08-04 09:38:38
බලාගෙන යනකොට පොලීසියෙ අයත් හොදයිනේ. (ත)
සම්පත් 2012-08-04 11:00:01
මොවන කලත් මට නම් හිතෙන්නේ පොලීසිය චී කියලා තමයි. (ත)
ලක්ෂ්මන් 2012-08-04 16:55:07
මුදලාලිත් මෝල් ගහක් ගැන හිතලා බලයි වගේ. (නි)
නීලා 2012-08-05 07:14:18
දැන් ඉතිං මුදලාලි මාලු ටික නොමිළයේම ගෙදරටම ගෙනත් දේවිනේ. (නි)
පාලිත අබේරත්න
2012-08-05 11:49:37
සල්ලි දීලා මාළු ගන්න මහත්වරුතෝ පොලීසියේ ඉන්නවා නේද? (ත)
බන්දුල 2012-08-05 19:47:11
අපි සැමදා විශ්වාස කරන ලංකාදීපය සැමදා බැබළේවා! (නි)
ප්‍රභාත් 2012-08-05 21:14:53
මේක හොදයිද? නරකයිද? (නි)
නදී 2012-08-06 06:26:26
මේකනේ කියන්නේ මිනිසුන් අතර දෙවියන් වගේ අයත් ඉන්නවා කියලා. (ත)
හරීන් 2012-08-06 10:03:44
ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ. (නි)
කපිල 2012-08-07 17:07:06
ලැල්ලට මාළු දෙන්නේ පොලිසියෙන් ද දන්නේ නැහැ (අ)
කපිල 2012-08-07 17:07:12
ලෑල්ලට මාලු දාන්නෙ පොලිසියෙන්ද දන්නෙ නැහැ...!!!(නු)
ලාල් -මාලදිවයින 2012-08-08 07:52:44
පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක් හොද මිනිසෙක් .(වි)
නිශාන්ත 2012-08-08 08:25:07
අනේ බොරු. (නි)
චමින්ද 2012-08-09 14:23:34
ඕඅයිසී මහත්තයා හිංදි චිත්‍රපට එහෙම බලලා ඇති නේද? වැඩිය අනං මනං කරන්න යන්න එපා.. කලිං අය හිටපු විදියට ඉන්න.. නැත්නං අපරාදෙ ප්‍රශ්න ඇති වෙනවා..!!(නු)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17183)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16288)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12542)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12424)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12283)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11294)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9688)